විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද? එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට වැරෙන් එල්ල වන තැපැල් කන්තෝරුවේ මුද්‍රාව අපේ හාමුදුරුන්ට නිගා නොකරයිද? බෞද්ධයින්ට නිගා නොකරයිද? එසේම මෙම ක්‍රියාව සිදුවන ප්‍රථම අවස්ථාවද මෙය නොවේ මීට පෙරද හාමුදුරුවන් වහන්සේලාගේ රුව ඇතුලත් මුද්දර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කොට තිබේ භික්ෂු රුව සහිත ඇඳුම් ඇඳීමත්, වෙළඳ සලකුණු සඳහා භික්ෂු රුව යොදාගැනීමත් මුද්දර සඳහා බෞද්ධ භික්ෂු රුව භාවිතා කිරීමත් අතර ඇති වෙනස කුමක්ද?
707 - දිඹුලාගල මතක සටහන් - 2
2 days ago
හාමුදුරුවන් ගෙ පස්සපැත්තෙ කෙලගාල තමයි අලවන්නෙ.
ReplyDeleteඅනෙ අම්මප මෙහෙමත් බෞද්දයො!
ඒකනම් ඇත්ත...
ReplyDelete