Ads 468x60px

Sunday, March 27, 2011

සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි!

හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක  අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් නායක කමට සුදුසුයි කියල යෝජනා කරද්දි ඒ යෝජනාව ස්ව කැමැත්තෙන් අස්කරගන්න තරම් සජිත් තුච්ච වුණේ ඇයි? ඡන්ද කාලෙ මම නායකත්වයට පත්වෙනව , මෙවර යූ ඇන් පී කාරයො අවුරුද්ද කන්නෙ සජිත්ගෙ නායකත්වයෙන්... කියල යටිගිරියෙන් කෑ ගහපු සජිත්ට මොකද වුණේ ??? 


සජිත් යූ ඇන් පීයෙ එකාලා පාවලා දුන්නද? රනිල්ගෙ මුදල් බලයට යට වුණාද? එහෙමත් නැත්නම් පක්ෂය තුල ඡන්දයකට ගියොත් තමන් පරදියි කියල ඇති බය නිසා දුන්න රෙද්ද භාරගත්තද? තමන්ගෙ ස්ථාවරය, කොන්ද පන නැති එකාල වගේ මේවිදියට වෙනස් කරන මිනිහෙක් අපේ රටට කොහොමවත්ම සුදුසු නෑ කියන එකයි අපගේ මතය. පක්ෂ,පාට, ප්‍රතිපත්ති කොහොම වුණත්  ඒ අතින් අතිගරු ජනාධිපති තුමාගේ කොදු නාරටිය ගැන අප ශ්‍රී ලාංකිකයන් විදියට අප සතුටු විය යුතුයි. දෙබිඩි තීරණ නොගන්න කම හොඳ නායකත්වයේ ලක්ෂණයක් එහෙම බලනකොට රනිල් මහත්තයාත්  කොන්ද කෙළින් මිනිහෙක්  සජිත් ලොක්කට වැඩිය , මොකද එතුමා නායකත්වය දෙන්නෑ කියන මතේ හිටිය වගේම දුන්නෙත් නෑ...ඒ නිසා

කොහොම වුණත් එව මේව බලන කොට අපි මේතරම් බලාපොරොත්තු තියන් හි‍ටපු අනාගත ජනාධිපතියි පාරම්බාපු සජිත්  මහත්තය අන්තිමේදි හැමෝගේම බලාපොරොත්තු සුන් කරමින් තුච්ච... නෝන්ජල් මිනිහෙක් වුණා. මෙතුමා  ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක්නම් වෙන්න බෑ..මොකද එතුමා මේවගේ වැනෙන තීරණ ගත්තෙත් නෑ ලලිත්,ගාමිණි  මහත්වරුන්ටවත් දෝශාභියොගයටවත් සැලුනෙ නැති  මියයන තුරුම කොන්ද කෙලින් තියන්  හිටපු මිනිහෙක්. 


2 comments :

  1. සජිත් මහත්තයට නායකවෙන්න තව කල් තියනවාය කියලයි මම නම් මුල ඉඳලම හිතුවෙ, ඔය සිද්ධ උන දේ නරක්ම නැහැ , හැබැයි නෝන්ඩිය තියෙන්නෙ පහුගිය කාලයේ පාරම් බාපු නිසා .

    කවුරු පොන්නය කිව්වත් රනිල් ලොක්ක කොන්ද කෙලින් තිය්න මිනිහෙක් , මොකද තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් නොකරන නිසා , අනික ගාමිණීල ලලිත් ල විරුද්ධ වෙනකොට ප්‍රේමදාස ජනපතිතුමා වෙනුවෙන් පෙනීහිටියෙ රනිල් ලොක්ක

    ReplyDelete
  2. කල් තියෙනව කියන්නෙ මොකද්ද? මිනිස් ජීවිත විශ්වාස කරන්න පුළුවන්ද අද කලයුතු දේ හොට කිරීම හොඳ දෙයක්ද/ අදකල යුතු දේ අදම කල යුතුයි

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...