Ads 468x60px

Tuesday, March 22, 2011

රනිල් වල් බල්ලා වෙයිද?

දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් ‍කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ සිරිකොත මන්දිරයේ ගොන් පොර අල්ලන යූ ඇන් පී පාලන හැතිකරය නායකත්වය වෙනුවෙන් ඔවුන් ඔවුන් ඇන කොටා ගනිති. ලෝකයේ එක දිගටම වැඩිම වාරගනනක් පැරදුන විපක්ෂ නායක රනිල් මහතාද  නායකත්වය වෙනත් කෙනෙකුට දීමට මැලිවන්නේ ඔහු ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයා වන බැවණි... ජනතාවට හොරා මහින්ද රාජපක්ෂමහතාගේ පිටිපස්ස ලෙව කන ඔහුට ඒ වෙනුවෙන් මස්කටු ලැබෙන බවද අහිංසක යූ ඇන් පී කාරයින් දන්නෙ නැත...


ජනතාව අද යූ ඇන් පීයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කරන්නේ ආණ්ඩුව හොඳ නිසා නොව පක්ෂ නායකයා දුර්වල නිසාය... ප්‍රභල විපක්ෂයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට සහන ගෙනෙන සාධකයකි එහෙත් අද රටේ සියලු විපක්ෂ බංකොලොත් වී ඇත ආණ්ඩුව උන්ට ඕනෑ දේ කරති. ද්‍රවිඩ පක්ෂ අද විපක්ෂය බවට පත්වෙමින් තිබේ.. මෙහෙම ගියොත් ද්‍රවිඩ සන්ධානය විපක්ෂය වන එක වලක්වන්නට නම් වයිමාටවත් හැකි නොවනු ඇත..

යූ ඇන් පීයේ මේ ගොන් අලියන්ට අහිංසක යූ ඇන් පී කාරයින්ගේ බලාපොරොත්තු නොපෙනීම කණගාටුදායකය...රටේ මිනිසුන් ගේ බලාපොරොත්තු නොපෙනීම කණගාටුදායකය. ජේ.ආර් වල් බල්ලා යැයි කියමින් එළියට ඇද දමා ප්‍රේමදාස යුගය ඇති වූ කාලය අපටද යාන්තම් මතකය රනිල් වල් බල්ලා යැයි කියමින් බලුකුක්කු සේ එළියට ඇද  දමමින් යලි ප්‍රේමදාස යුගයක් එන කාලය නැවතත් උදාවෙයිද?

3 comments :

  1. 88, 89 වගේ තවත් හැටදාහකට විතර කෙලව ගන්නත් පුලුවන්නෙ!එහෙම උනොත්

    ReplyDelete
  2. සජිත් මහත්තයා මහින්ද මහත්තයට විකල්පයක්ද කියල නම් ප්‍රශ්නයක් තියනව ඒත් තාත්තගෙ දේවල් නිසා සජිත් මහත්තය ප්‍රතික්ෂේප කරන එක නම් වැරදියි (ඔය කලින් කමෙන්ට් එකක තියනව වගෙ )

    ReplyDelete
  3. "ජනතාව අද යූ ඇන් පීයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කරන්නේ ආණ්ඩුව හොඳ නිසා නොව පක්ෂ නායකයා දුර්වල නිසාය..."
    Mehema kiyalavath hitha hadaagamu.

    - UNP eke inne aliansla da? Le kola paata?????

    -Senali

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...