Ads 468x60px

Friday, July 1, 2011

පොදුපෙරමුණේ පන්සල...

සජිත් ජ්‍රේමදාස මහත්තයගෙ සසුනට අරුණ නම් කදිම අදහසක් තමයි ඒත් රටේම තියෙන හැම පන්සලකටම බෙදාගෙන යන සජිත් මහත්තයට ගමේ පන්සල අමතක වෙලා...ලුණුගම්වෙහෙර කියන්නෙ සජිත් මහත්තය ඉන්න වීරවිල ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුලත තියෙන පන්සලක් ඒත් මේ පන්සලටනම් සසුනට අරුණ වැඩසටහනෙන් තුට්ටු දෙකක් වත් ලැබිලා නෑ විහාරවාසී ඉක්කපල්ලම ගුණසිරි හාමුදුරුවො කීපවතාවක්ම ඉල්ලීම් එහෙමත් කරල තියෙනව ඒත් සජිත් මහත්තය නෙවෙයි මේ පන්සල දිහාවත් බැලුවෙ මෙහෙම ගමේ පන්සලට නොසලකන්න හේතුව, ඒක පොදුපෙරමුණේ පන්සලක් නිසාලු උදව් නොකරන්නෙ ලොකු හාමුදුරුවො පොදුජන එක්සත් පෙරමුණට ඡන්දය දෙන ප්‍රභල පාක්ෂිකයෙක් නිසාලු  ඒත් පන්සල හාමුදුරුවන්ගෙ බූදලයක් නොවන බවත් ඒක ගමේ මිනිස්සුන්ගෙ පොදු ස්ථානයක් බවත් එතුමාට වත් එතුමා ළඟ ඉන්න චක්ගෝලයින්ටවත් නොතේරෙන එක නම් කණගාටුවක් රටේ අනාගත  නායකයො මේ විදියට පක්ෂභේද ගැන හිතුවොත් නායකයෙක් වුන දවසට රටේ මිනිස්සුන්ට යන කල මොකද්ද කියල හිතෙනව....
  

5 comments :

  1. මෙයා කවද්ද ආයිබොවං නායකයෙක් උනේ වෙන්නෙත් නෑ ...........

    ReplyDelete
  2. සල්ලි බෙදන එක තනිකරම තමන්ගේ ප්‍රතිරූපේ පුම්බන්න කරන වැඩක් විතරයි . නායකත්වය්ට කැදර කමෙ කරන වැඩ වලින් නිවැරදි දෙයක් බලාපොරොත්තුවෙන්න බැ

    ReplyDelete
  3. ඔහේ මෙතන නොදන්න කාරනය සහ සිනහවට කාරනය නම්, එජාප පන්සල් වලට දෙන්නේත් පොදු පෙරමුනේම සල්ලි නොවැ.....

    මේ පන්සල් වලට වියදම් කරන සල්ලි වලින් ගමක් තුල නිෂ්පාදනයක් පටන් ගත්ත නම් කොච්චර දෙයක්ද...? ඊශ්‍රාලය දියුණු වෙලා තියෙන්නේ එවන් ක්‍රමයකින්. අම්බරුවන් පිරී ඇති දිවයිනක මේ නරි නාඩගම් බල බල සිටිනවා හැර වෙන කුමක් කරම්ද.....?

    ReplyDelete
  4. @ මාතලන්- එජාප පන්සල් වලට දෙන්නේත් පොදු පෙරමුනේම සල්ලි නොවැ.....

    ඔහේ නොදන්න කාරණය නම් ඒව පොදුපෙරමුණේ සල්ලි නොවෙයි මිනිස්සුන්ගෙ සල්ලි හැබැයි සජිත් උන්නැහේ බෙදන්නෙ එහෙන් මෙහෙන් එන් ජී ඕ කාරයින්ගෙන් ලැබෙන පිටරට සල්ලි කියල තමයි මම හිතන්නෙ ඒ නැතත් තමන්ගෙ පෞද්ගලික ධනය හරි බෙදුවම කාටවත් රුදාවක් වෙන්න දෙයක් නෑ නේ ...ආණ්ඩුවේ සල්ලි ඇමති ගොල්ල පිල්ලි ගහන විදියට මේකත් ලොකු පිනක්...

    ReplyDelete
  5. @ මාතලන්- යකෝ පොදුපෙරමුණට සල්ලි තියෙනව නම් මෙහෙම මිනිස්සුන්ගෙ හීරිමාංෂෙ හූරා කයි ද?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...