Ads 468x60px

Tuesday, May 1, 2012

එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?

මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..

මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ

මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?

මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ

මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?

මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ

මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?

කථාව- සිරිල් සිංහක්කාර

2 comments :

අදහස් මොනවද කියල කියලම යන්න...