Ads 468x60px

Sunday, September 2, 2012

අම්මට උඩු (Up to Mother)

ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි  ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා


"හෙට ඉඳන් හැමෝම මේ පන්තිය ඇතුලෙ කථා කරන්න ඕන ඉංග්‍රීසියෙන් තමන්ට පුළු පුළුවන් විදියට කථා කරන්න ඕන වැරදි වැරදි හරි.. නැත්නම් අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් වැඩක් නෑ භාවිතය නැති නිසා තමයි ගෙඩක් දෙනෙකුට ඉංග්‍රීසි බැරි... මට සිංහල වචනයක් වත් ඇහෙන්න බෑ සිංහල වචන කථා කළොත් එක වචනයකට රුපියල් 10 ගානෙ දඩ.. ක්ලාස් ෆීස් ගන්නකොට ඒ මුදල ඔබට ගෙවන්න වෙනව නැත්නම් පන්තියට සහභාගි කරවගන්නෙ නෑ"

මළ කෙළියයි මහරජ! ඔය කොරල තියෙන්නෙ... සර් ජනප්‍රිය ඉංග්‍රීසි දේශකයෙක් ක්ලාස් එකෙන් අයින් වෙන්නත් ළමයි කැමති නෑ ඔන්න ඊළඟ දවසෙ ඉඳන් ළමයි ඉංග්‍රීසි කථා කරන්න පටන්ගත්ත... මුළදි නුහුරු බවක් දැනුනත් වැඩේ සාර්ථකයි ටික දවසකින් ළමයි ඉංග්‍රීසි කථා කරනව හැබැයි අර කොල්ලො සෙට් එකත් ඒ වැඩේ අකමැත්තෙන් වුණත් කරන්න පටන් ගත්ත ඒත් වෙනද වගේ කෑ ගැහුවෙ නෑ මොකද කියන දෙයක් කියන්න වෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා මුන් සෙට් එක මැරැටි වුණාට දක්ෂයි ඔහොම යන කොට පොඩි පොඩි වචන ගැන පොඩි ගැටලු මතුවුණා "අම්මට උඩු", "අම්මට සිරි" වගේ වචන කොහොමද කියන්නෙ කියන එක තමයි ගැටලුව ඒකටත් ඔවුන් මෙන්නමේ වගේ දෙයක් කළා..

අම්මට උඩු= Up to Mother
අම්මට සිරි= Nice to Mother
ආච්චිගෙ රෙද්ද= Cloth of Grandma
අම්මගෙ රෙද්ද= Cloth of Mother
උඹෙ අම්මට= For your mother /To your Mother
ආච්චිට හාල් ගරනවා= Sift rice to Grandma
රෙද්ද තමයි=Its Cloth
මැට්ටා= Muder
එළ= Light
පිස්සු හැදෙනවා= Grow up Mad
පිස්සු හැදෙන සඳ= Grow up Mad Moon
එළ කිරි= Milks Cows
මළ කෙළියයි= Dead Play/ Play of Dead

ඔන්න ඔය විදියට වචන මාලාවක් හදාගත්තත් එයින් එක කොල්ලෙක් "අඩෝ...." කියල මුලින්ම රුපියල් දහයෙ දඩේ කන්න සිද්ධවුණා....

10 comments :

  1. ඔය වගේ කතාවක් ඇනස්ලි බර්ටී සැමුවෙල් එකෙත් තිබුනා වගේ මතකයි. ඒකේ පොඩි එකා සර් ගෙන් අහනව THE එකේ තේරුම. සෑර් කොර
    පොඩි එකා කියනවා උඹ දන්නෙ නැත්තන් නෑයි කියපන්කෝ බොරු කරන්නේ නැතුව.
    බ්ලැක් බෝඩ් එකේ ගෙයක් ඇඳලා ඉංග්‍රීසියෙන් හවුස් කියලා ලියලා මෙන්න මෙහෙම..
    "HOWS"

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒක බලලා තියෙනව your Grandmother කියන්නෙ "තොගේ අච්චි"

      Delete
  2. ඇයි තව මළ මගුල - Death Wedding. නියමයි ඈ..ජය...!

    ReplyDelete
  3. නයිස් ටු මදර්!!!!!!!!

    ReplyDelete
  4. මළ කෙලියක් = Dead Girl..

    sira machan..nect time workshop ekedi (workshop wenakan hitiyoth) mehema ekak karamu..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කරමු කරමු මට මේක ලියනකොටත් මතක් වුණා

      Delete

අදහස් මොනවද කියල කියලම යන්න...