හැම දාම කොම්පියුටර් ගහල හරියන්නෙ නෑ ඔන්න තව රසවින්දනයක් කරන්නයි ලෑස්තිය ඔයාල අහල ඇතිනේ ගුණදාස කපුගේ මහත්තයගෙ,
දවසක් පැල නැති හේනේ...
අකාල මහ වැහි වැස්සා...
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....
ඉතින් මේ සින්දුව ඇහුවම ඔබට මොකද හිතෙන්නෙ ඇයි මේ දවසක් පැල නැති හේනේ කියල දාල තියෙන්නෙ.සමහරු මේ කියමන ගැන ඒ තරම් හිතන්නෙ නැති වුනාට මේ වචනයෙන් ලොකු අර්ථයක් දෙනව,පවුලක සාමාන්‍යයෙන් වෙහෙසිලා වැඩ කරන්නෙ පිරිමිය එතකොට පිරිමියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පැලක් හදනව නේ ඒත් මෙතන පැල නැති හේනේ කියන්නෙ ඒ පව්ලෙ පිරිමිය නැති බව කියන්න .කොච්චර ප්‍රභල කියමනක්ද? එහෙව් අසරණ වෙච්ච මොහොතක අකාල මහ වැසි නැමැති කරදර බාදකත් එනව ඒත් ඒ අම්ම තම දරුවන්ට ඒ කරදර වලින් බේර ගන්නව.ඒ සෙනෙහස දරුවන්ටත් දැනුන ඒ බව කියන්නෙ ඒ දරුවෙක් මයි.
නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ......
මේ පද පේලි නම් හිතා ගන්න බැරි තරම්, සැමිය අහිමි උන කාන්තාවකට නින්දා කියන දේ උරුමයි නේ ඒත් සුළුපටු නින්දා නොවෙයි නුවර වීදි යට කරගෙන යන තරමට වහින වැස්සක් වගේ නින්දා ගැරහුම් ආවෙ, ඒ වගේම නින්දා වලින් බිරිදකගේ සෙනෙහස කියන දේ නැති කරලම දැම්මෙ හරියට යෝධ ඇලේ නැම්මේ වතුර කඩා හැලෙනව වගේ.ඒ හැම දෙයක්ම අප වෙනුවෙන් ඉවසපු ඔබේ සෙනෙහස ගැන ආඩම්බරයි අම්මේ,
කොළඹ අහස කළුකරගෙන මූහුදු හුලග අඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදි කඩ ලග ඉන්නවාද අම්මේ............මං එනනනනනන තුරු ඉන්දිකඩ ලග ඉන්නවාද අම්මේ..................