Ads 468x60px

Saturday, March 6, 2010

කුහක හෙදියන් හා වෙදුන්

කරුණාවන්ත ක‍මෙන් ද මිහිරි චඩනයෙන්ද සොදුරු දැකීමෙන්ද  හුදෙක් මනස පමණක් නොව ලෙඩරෝග පවා සුවපත්නව බව විද්වතුන්ගේ මතය සේම ශ්‍රේෂ්ට පඩිවරුන් මෙන්ම අපේ බුදු රජානණ් වහන්සේ පවා දෙසා ඇති බව අප දනිමු කවුරු කෙසේ කීවත් අත්දැකීමෙන් පවා අප ඒ ගැන දනිමු.කෙසේ වෙතත් අද ලාංකේය හෙදියන් බොහෝ සේ අකාරුණික පිරිසක් බව නොරහසකි හැමෝම එසේ නොවුනත් වැඩි පිරිසක් අකාරුණික බව පිළිගත යුතුය  හෙදියන් මෙන්ම වෛද්‍ය වරුන්ද වැඩි ප්‍රමාණයක් අකාරුණික වී ඇත මේ තත්වයට හේතව කුමක් දැයි සොයා බැලිය යුතුය !

වෛද්‍යවරුන් නම් මුදල් පසුපස හඹා යෑම නිසා මෙසේ අකාරුණික තත්වයට පත්වීදැයි සිතේ නමුත් ඔවුන්ගේ පුද්ගලික බෙහෙත් දෙන ස්ථාන වලදී නම් කරුණාව සීමාවක් නැති තරම්ය එහෙත් රජයේ රෝහල් වලදී මෙවුන් පිස්සන් සේ හැසිරෙන්නෙ මන්දැයි කාට කියම්ද? ඔවුන්ගේ දක්ෂතාවය මත වුවත් රජයේ වියදමින් ඉගෙනගත් ඔවුන් රජයේ රෝහල් වලදී තිරිසනුන් සේ හැසිරීම පිළිගත හැකිද?මෙයට කළහැක්කේ කුමක්ද අපි තව තවත් ඉවසුමුද?

 මිනහෙදියන් ද ‍රජයේ රෝහල් වලදී රෝගීන්ට සලකන ආකාරය ගැන සතුටුවිය නොහැකිය මිනිස් ජීවිතයක වටිනාකම නොතේරෙන පුද්ගලයින් හෙද පාසල් වලට තෝරාගැනීම මෙහි පදනම යැයි සිතේ එමෙන් අද මෙම හෙද වෘතියද දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලිය හෙද විදුහල් වලට තෝරා ගැනීමේදී දේශපාලනයද එක් සාදකයක් වී ඇති බව අප දනිමු කෙසේහෝ මෙම වෛද්‍ය සේවාව අනිවාර්ය සේවාක් නැතිනම් අත්‍යාවශ්‍යය සේවාවක් කිරීමේ කාලය එළබ ඇත ‍


  

2 comments :

  1. සහතික ඇත්ත. අද වෙද සේවය, හිත් පිත් නැති යන්ත්‍රයක් වෙලා. මම දැක්කා කව්ද ලියලා තියනවා " හන්දි ගානේ, චැනල් මාපිල්ලු" කියලා.

    එක සැරයක් මමත් ඔය ප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙක් චැනල් කලා. වරුගානක් පොලිමේ හිටියා. මේකා ටක් බක් ගාලා ටෙස්ට් ටික කරලා, "හරි" කිව්වෙ නැතෑ, හරියට "ඔයාගෙ වෙලාව ඉවරයි, යන්න. කෝ ඔය ඊලඟ 300 කෑල්ල එන්න" කියන්න වගේ. මම ලෙඩේට තියන විකල්ප ප්‍රතිකර්මයක් ගැන ඇහුවාම මේකට තද උනා. හරියට බැලුවෙ, එයාගෙ කාලෙ කා දාන්න ආපු එකක් දිහාවගේ. " ඒක මගේ ප්‍රශ්ණයක් නොවෙයි" කියලා කිව්වේ නැතෑ. මට මුගේ හොම්බට අනින්න හිතුනත්, අපේ පොලෝසිවල මහතැන්ලාගේ පැටිකිරිය දන්න නිසා, ඉවසගෙන හිටියා.

    ReplyDelete
  2. this is the attitude of sri lankan public, no wonder why SL doctors, engineers and other professionals migrate to better countries.
    Its much better than serving these perverts

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...