ඉහත සඳහන් බ්ලොග් කරුවා විසින් දිගින් දිගටම යම් කිසි කාන්තාවක් විසින් සිදුකරන ලදැයි කියන ඇඳුම් හොරකමක් සම්බන්ධයෙන් කථා කරන ආකාරය ඔබ දකින්නට ඇත කෙසේ නමුත් පසුගිය දිනක ඇය ඔඩෙල් නම් ආයතනය තුල හසුවූ රෙදි සමඟ දන ගස්සවා සිටිබව කියමින් ඡායා රෑප කිහිපයක් පළකර තිබුණි ඇත්ත නැත්ත කුමක් වුවත් නීතිය අතට ගෙන ගරු මර්වින් සිල්වාගේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔඩෙල් ආයතනයට ඇති අයිතිය කුමක්දැයි සොයා බැලිය යුතුවේ . ඉහත සඳහන් අඩවිය වගකීමෙන් යුතුව එම ඡායා රූප පළකර ඇති බවත් පෙනෙන්නට ඇත එසේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන දඩුවම් කිරීමට එරෙහිව ඔඩෙල් ආයතනයට විරුද්ධ කථා කිරීමයි නැතහොත් නඩු පැවරීමයි එසේ වුවහොත් ඉහත කතෘ වරයාද වග උත්තර කරුවකු වේ. හොරකම් කිරීම වැරදි දෙයක් යැයි අප අවිවාදයෙන් පිළි ගනී එසේම එය රටට හෙළි කිරීමට වැරද්දක් නොවේ නමුත් එම ආයතනයේ දන ගස්සවා ඇති එම ඡායා රූප ප්‍රසිද්ධ කිරීම නොවටී එසේ දන ගැස්සවීම අනුමත කිරීම නොවටී ..... මනුස්සකමට උචිත නොවේ...
.