Ads 468x60px

Monday, October 11, 2010

Gossip Lanka මන්ද මානසික කථා සහ ODEL කැලෑ නීතිය.

ඉහත සඳහන් බ්ලොග් කරුවා විසින් දිගින් දිගටම යම් කිසි කාන්තාවක් විසින් සිදුකරන ලදැයි කියන ඇඳුම් හොරකමක් සම්බන්ධයෙන් කථා කරන ආකාරය ඔබ දකින්නට ඇත කෙසේ නමුත් පසුගිය දිනක ඇය ඔඩෙල් නම් ආයතනය තුල හසුවූ රෙදි සමඟ දන ගස්සවා සිටිබව කියමින් ඡායා රෑප කිහිපයක් පළකර තිබුණි ඇත්ත නැත්ත කුමක් වුවත් නීතිය අතට ගෙන ගරු මර්වින් සිල්වාගේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔඩෙල් ආයතනයට ඇති අයිතිය කුමක්දැයි සොයා බැලිය යුතුවේ . ඉහත සඳහන් අඩවිය වගකීමෙන් යුතුව එම ඡායා රූප පළකර ඇති බවත් පෙනෙන්නට ඇත එසේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන දඩුවම් කිරීමට එරෙහිව ඔඩෙල්  ආයතනයට විරුද්ධ කථා කිරීමයි නැතහොත් නඩු පැවරීමයි එසේ වුවහොත් ඉහත කතෘ වරයාද වග උත්තර කරුවකු වේ. හොරකම් කිරීම වැරදි දෙයක් යැයි අප අවිවාදයෙන් පිළි ගනී එසේම එය රටට හෙළි කිරීමට වැරද්දක් නොවේ නමුත් එම ආයතනයේ දන ගස්සවා ඇති එම ඡායා රූප ප්‍රසිද්ධ කිරීම නොවටී එසේ දන ගැස්සවීම අනුමත කිරීම නොවටී ..... මනුස්සකමට උචිත නොවේ...

.

4 comments :

  1. මා මේ ගැන දැන් ලිපියක් ලීවා විතරයී. මම දන්නා හැටියට (නීතිය පිලිබද මාගේ දැනුම අල්පය ). නඩුවක් අතරවාරයේ සක්කි ප්‍රසිද්දියට පත් කිරීමත් තහනම්ය. ඔඩෙල් ආයතනය මේ චායාරූපය ගැන ප්‍රකාශයක් නිකුත් කර යුතුය.

    ReplyDelete
  2. සමහරක් දේට එකගයි.නමුත් පින්තූර ප්‍රසිද්ද කිරීමේ වරදට වන්දි නඩු දැමිය හැකි නම් මහින්ද හා සරත්ද අද මහා පෝසත්හු වී හමාරය.
    නමුත් මං නන් හිතන්නේ නෑ හොරකම් කිරීමේ වරදට එරෙහිව ඇතිවූ ක්ශනික කෝපය මත දනගස්වා තැබීමට එරෙහිව නඩු දැමීමට හැකියි කියල.
    කෙසේ නමුත් මෙය මෙතරම් දුර ඇදගෙන යාම මිනිසත් කමට නිගාවකි.
    තවත් පැත්තකින් බැලුවොත් මෙය බ්ලොග් කරුවා හා එම නිලිය එක්ව ප්‍රචාරය සදහා කල මර්වින් ආකරයේ ටෙලියක්ද යන්න සැකය,බොද මීදුම්ද යයි,නිලියට ප්‍රසිද්දියත් අවශ්‍යයි.

    ReplyDelete
  3. නඩු දැමිය නොහැකි වුවත් එසේ දනගස්සවා තැබීම මනුස්සකමට පටහැනිය....එයට දඩුවම් දීමට නීතියක් ඇත මෙසේ දඩුවම් කිරීමට යෑම නීතියට කරන නිගාවක් නොවෙද?

    ReplyDelete
  4. http://www.gossip9.com/2012/05/blog-post_15.html

    මේ ලිපිය ගැනත් යමක් ලියන්න

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...