Ads 468x60px

Friday, December 16, 2011

ට්න්කර් බෙල් ඇන්ඩ් ලොස්ට් ට්‍රෙසර් (සිංහල උපසිරැසි සහිතයි)

ඔන්න පුංචි දුවේ පුතේ පාසල් නිවාඩු කාලයට බලන්න ලස්සනම ලස්සන ත්‍රිමාණ චිත්‍රපටයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ ... ටින්කර් බෙල් කිව්වම ඉතින් හැමෝම වගේ දන්නව මෙන්න මෙයා-

සිංහල උපසිරැසි දාන හැටි...(I කොටස)

අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න.

Thursday, December 8, 2011

චාටර් වෙන්නෙ නැතිව චාටර්ඩ් විභාගයේ ප්‍රතිඵල බලන්න

2011 වර්ෂයේ සැප්තැම්බර් මසට අදාල වරලත් ගණකාධිකාරී විභාගයේ ප්‍රතිඵල දැනටමත් නිකුත් වී ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල පහත ඇති සබැඳියෙන් ලබාගත හැක.




Friday, November 18, 2011

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද?

YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? කියන එක ගොඩක් අය මගෙන් අහල තියෙනව ඒ නිසාම තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නත් හිතුනෙ..ගොඩක් අය මේකට සොෆ්ට්වෙයාර් හොය හොය ලත වෙනව..මේක අන්තර්ජාලය හරහාම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ MP4 විදියට හෝ 3GP,MP3 විදියට ලබාගන්නත් පුළුවන්. පහත තියෙන සබැඳියන් වලින් එකකට ගිහින් Youtube එකේ ඩීඩියෝව අඩංගු (URL) වෙබ් ලිපිනය  Copy කර එහි ලබාදී ඇති ස්ථානයට Paste කිරීමෙන් පසු Download Link එක ලබාගන්න පුළුවන්.

Friday, November 11, 2011

පරිගණකයේ කරන ක්‍රියාකාරකම් Record කිරීම සඳහා හොඳම වැඩසටහන...

මේක ඉතා ජනප්‍රිය පරිගණක වැඩසටහනක් Camtasia Studio තමයි මේකෙ නම. මේ වැඩසටහන භාවිතා කරමින් පරිගණක තිරයේ දර්ශනය වන සියලුම දේ ඒ කරන ආකාර‍යෙන් වීඩියෝ විදියට තැටිගත කරගන්න පුළුවන් පරිගණක උගන්වන පුද්ගලයෙකුට නම් මේ ගොඩක් වටිනව ඒ ඒ ක්‍රියාකාරකම් වීඩියො විදියට කරමින්  පැහැදිලි පරිගනක පාඩමක් හදාගන්න පුළුවන් ඒ වගේම පවර් පොයින්ට් වල කරපු වැඩසටහනක් වීඩියෝ එකක් විදියට හරව ගන්නත් මේ වැඩසටහනින් පුළුවන්.....;

පහත ඇති සබැඳියෙන්ලබා ගන්න.....



Saturday, November 5, 2011

කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුණ සෙවුම් යන්ත්‍ර (Search Engine for Kids)

අන්තර්ජාලයේ සැරිසරන ඔබට නිතර දකින්නට ලැබෙන්නේ අසභ්‍යය දර්ශන ,කුඩා දරුවන් සමහර වෙලාවට නොදැනිම මේ වගේ අසභ්‍ය පින්තූර පසුපස ගොස් තම ළමා මානසික තත්වයෙන් ඔබ්බට යන අවස්ථා ඇති බව අප දනිමු කෙසේ වුවත් තත්වය සියට 100 ක් ම පාලන කල නොහැකි වුවත් වයස් මුහුකුරා යනතුරු වත් ළමා කම රැකදීම නුවණ ඇත්තවුන් කලයුතුව ඇත. එසේ කීමට හේතුව මෙවන් අසභ්‍ය දේවල් සමඟ හිත වෙනතකට යොමුකර ගනිමින් ඔවුන් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගන්නා අවස්ථා ඇති බැවිණී ඒ සඳහා කළහැකි යමක් ඇත්නම් නෙපමාව කළ යුතුය.. අන්තර්ජාලයේ තොරතුරු ගවේශණයේදී ඒ සඳහා සුදුසු සෙවුම් යන්ත්‍ර භාවිතය සහ නෙට් නැනී (Net Nanny) වැනි පෙරුම් වැඩසටහන් භාවිතා කිරීම තුලින් ඉහත කී තත්වයන් සුළුමට්ටමින් හෝ පාලනය කරගැනීමට හැකියාව ඇත . කුඩා දරුවන්ට පහත සඳහන් සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට සලස්වන්නේ ඒ තුලින් සාර්ථක සෙවුමක් සේම අසභ්‍ය දේ රහිත සෙවුමක් සිදුකළ හැකි වනු ඇත.

01) KIdrex
04) Kigose
07) OneKey

නොමිලයේ බාගත කරන්න පහසු විදි (1) ......(Free Download)

Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයද්දි නොමිලයේ බාගත කිරීම් කරන්න පුළුවන් ලේඛන සොයන්න ටිකක් අමාරුයි ඒක එක එල්ලයේ කරන්න බෑ සබැඳියන් කිහිපයක් පරික්ෂා කරන්න සිද්ධවෙනව ඒ නිසා ඒකට වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරල පහසුවෙන්ම බාගත කිරීම් සඳහා ලේඛනයන් සොයාගන්න පුළුවන් Mediafire කියල කියන්නෙ ගොඩක් අය අන්තර්ජාලයේ ලේඛනයන් ගබඩාකිරීම සඳහා යොදාගන්නා ස්ථානයක් ඉතින් ඒ ගබඩා තුල ඕනම ආකාරයේ ලේඛනයන් තැන්පත් කරල තියෙනව ඒවා පරික්ෂා කරල අපිට අවශ්‍ය ලේඛනයන් සොයාගන්න පුළුවන් ඒ සඳහා විශේෂිත වූ සෙවුම් යන්ත්‍රක් ගැන තමයි මේ කියන්න හදන්නෙ Nerd-Search කියන සෙවුම් යන්ත්‍රය නම් මරු...පාවිච්චි කරලම බලන්නකෝ....

http://www.nerd-search.com

Monday, October 31, 2011

පරිගණකයයෙන් චිත්‍ර අඳින්න නොමිලේ දෙන හොඳම පරිගණක මෘදුකාංගය

මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ඉන්ක්ස්කේප් ගැන පාඩම් (Tutorials) ලබාගන්න පුළුවන්

ගුරු හොරු


මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශිකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ඉතින් සැක කරන්න නම් කෙනෙක් හිටියෙ නෑ මොකද එම අවස්ථාවේ ආයතනයේ ඉගෙනුම ලැබුවේ පාසල් ගුරුභවතුන් නිසා...

Sunday, October 30, 2011

MP3 වල ධාරිතාවය අඩු කරගන්න පහසුම විදියක්.....

සමහර ජංගම දුරකථන වල මතක ධාරිතාවය ඉතාම අඩුයි ඒ වගේම මෙමරි පතෙහිත් මතක ධාරිතාවය අඩු වුවහෝත් එහි ගබඩා කලහැකි MP3 සිංදු ප්‍රමාණය අඩුවෙනව ඒ නිසා  කරන්න තියෙන හොඳම දේ තමයි එම සිංදුවල ධාරිතාවය අඩුකර ගැනීම .සිංදුවේ ගුණාත්මක බවට ඒ තරම්ම හානියක් වෙන්නෙත් නැතිව මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තියෙනව නම් ඉතින් හොඳයි අන්න ඒ වැඩේට හොඳම වැඩසටහනක් තමයි මම අද හදුන්වල දෙන්නෙ මේක Freeware එකක්...ඒ වගේම Portable නිසා පෙන් එකක වුණත් දාගෙන වැඩකරන්න පුළුවන් භාවිතා කරන්නත් හරිම ලෙහෙසියි

පහත සබැඳියෙන් බා ගන්න පුළුවන්
Password :- manussakama