Ads 468x60px

Tuesday, March 9, 2010

දවසක් පැල නැති හේනේ....

හැම දාම කොම්පියුටර් ගහල හරියන්නෙ නෑ ඔන්න තව රසවින්දනයක් කරන්නයි ලෑස්තිය ඔයාල අහල ඇතිනේ ගුණදාස කපුගේ මහත්තයගෙ,
දවසක් පැල නැති හේනේ...
අකාල මහ වැහි වැස්සා...
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ....

ඉතින් මේ සින්දුව ඇහුවම ඔබට මොකද හිතෙන්නෙ ඇයි මේ දවසක් පැල නැති හේනේ කියල දාල තියෙන්නෙ.සමහරු මේ කියමන ගැන ඒ තරම් හිතන්නෙ නැති වුනාට මේ වචනයෙන් ලොකු අර්ථයක් දෙනව,පවුලක සාමාන්‍යයෙන් වෙහෙසිලා වැඩ කරන්නෙ පිරිමිය එතකොට පිරිමියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පැලක් හදනව නේ ඒත් මෙතන පැල නැති හේනේ කියන්නෙ ඒ පව්ලෙ පිරිමිය නැති බව කියන්න .කොච්චර ප්‍රභල කියමනක්ද? එහෙව් අසරණ වෙච්ච මොහොතක අකාල මහ වැසි නැමැති කරදර බාදකත් එනව ඒත් ඒ අම්ම තම දරුවන්ට ඒ කරදර වලින් බේර ගන්නව.ඒ සෙනෙහස දරුවන්ටත් දැනුන ඒ බව කියන්නෙ ඒ දරුවෙක් මයි.

නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ......

මේ පද පේලි නම් හිතා ගන්න බැරි තරම්,  සැමිය අහිමි උන කාන්තාවකට නින්දා කියන දේ උරුමයි නේ ඒත් සුළුපටු නින්දා නොවෙයි නුවර වීදි යට කරගෙන යන තරමට වහින වැස්සක් වගේ නින්දා ගැරහුම් ආවෙ, ඒ වගේම නින්දා වලින් බිරිදකගේ සෙනෙහස කියන දේ නැති කරලම දැම්මෙ හරියට  යෝධ ඇලේ නැම්මේ වතුර කඩා හැලෙනව වගේ.ඒ හැම දෙයක්ම අප වෙනුවෙන් ඉවසපු ඔබේ සෙනෙහස ගැන ආඩම්බරයි අම්මේ,

කොළඹ අහස කළුකරගෙන මූහුදු හුලග අඩලන කො‍ට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදි කඩ ලග ඉන්නවාද අම්මේ............මං එනනනනනන තුරු ඉන්දිකඩ ලග ඉන්නවාද අම්මේ..................







11 comments :

  1. මෙතන ඔටුන්න කිව්වෙ මහේස්ත්‍රාත් තනතුර කියලා මම අහලා තියෙනවා. ඒ පුද්ගලයා පසු කලෙක විනිශ්චයකරුවෙක් බවට පත්වෙලා.

    ReplyDelete
  2. ඇඟේ මයිල් කෙලින් වෙන වර්ගයේ ගීතයක් මචං. ස්තූතියි මෙ පෝස්ට් එක පල කලාට

    ReplyDelete
  3. මමත් කැමතිම ගීයක් මචන්. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා තමයි මේකෙ පද රචනය කරල තියෙන්නෙ. එතුමාගෙ සැබෑ ජීවන අද්දැකීමක් ඇසුරින්. මට මතකයි ඒ දවස්වල ඒ මහතා ඉරිදා ආයුබොවන් එකට ඇවිත් ඇස් දෙකේ කදුලු පුරෝගෙන ඔය ගීතයේ පදවැල ගැන කතාකලා.

    ReplyDelete
  4. @ nadeesthoughts හරියටම හරි මචන් ඔටුන්න කිව්වෙ මහේස්ත්‍රාත් තනතුර කියල අපිට කියන්න පුළුවන්.......

    ReplyDelete
  5. මම ඔය ගීතය තියෙන චිත්‍රපටිය බලලා තියෙනවා හරිම සංවේදී ගීතයක් අපේ හිතට ඔය ගීතයේ අර්ථය කොච්චර කථා කරනවද?
    මමත් රූපවාහිනියේ ඔය වැඩසටහන් බැලුවා මට මතකයි රංබණ්ඩා සෙනෙවිරත්නයන් දැස් කදුලු තෙත් කරමින් ඔය ගීතය අර්ථය විස්තර කරා.
    ඉතාම අනර්ඝ ගීතයක්.
    ස්තුතියි ඔබට

    ReplyDelete
  6. මම නම් ආස ක‍රන්නෙ ගුනදාස කපුගෙ මහත්තයගෙ ගැබුරු කටහඩට

    ReplyDelete
  7. ath oya me sinduwa ahuwada?

    ReplyDelete
  8. මම අද තමයි දැනගත්තේ මේ ගීතයේ සැබැ අර්ථය තැන්ක්ස් තිසර!

    ReplyDelete
  9. අනර්ඝයි...!

    ReplyDelete
  10. http://ndm1989.blogspot.com/2010/05/blog-post_18.html

    තියෙන්නේ වෙන තේරුමක් ...
    උබ මොකද ඒ ගැන හිතන්නේ

    ඒක නේද හරි?

    ReplyDelete
  11. මටත් හිතෙනව ඒක ටිකක් හරි කියල හැබැයි මචන් විචාරය කියන්නෙ ඔන්න ඕකට මොකද එක එක්කෙනා එක එක විදියට හිතන්න පුළුවන්...ලියපු කෙනා තමයි දන්නෙ හරියටම මොකද්ද තේරුම කියල උඩ ටික බොහෝ දුරට සමානයි..දෙවනි කොටසෙ පොඩි පරහක් තියෙනව කෙනෙකුට එහෙම හිතන්නත් පුළුවන් ඒත් මම හිතන්නෙ

    නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
    ඉිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ..

    මේ පදයෙ කටද එතකොට නින්දා ආවෙ? තමන්ගෙ බිරිදටද තමන්ටද? නැත්නම් තාත්ත නැති අම්මටද?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...