Ads 468x60px

Monday, April 19, 2010

ගරු සනත් ජයසූරිය මංත්‍රී තුමණි..!

දේශපාලන උණුසුම තවමත් පහව ගොස් නැත එනිසාම දේශපාලනයට සම්බන්ධ දෙයක් ගැනම කතා කරන්නට සිතුණි. සනත් ජයසූරිය යනු ලෝක ක්‍රිකට් වීරයෙකි එමෙන් අප හදවත් තුල ක්‍රීඩකයෙක් ලෙස දේවත්වයෙන් පිදුම් ලබයි නමුත් පසුගිය වකවානුවේදී ඔහු ලාංකේය දේශපාලනයට පිවිසියේ ක්‍රීඩකයෙකු ලෙසද ක්‍රියා කරන ගමන්ය.ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තරඟවැද දිස්ත්‍රික්කයේ පළමු වෙනියාද විය.නමුත් ඔහුට නියමිත දිනට ඡන්දය ප්‍රකාශ කිරීමට වත් විවේකයක් නොමැති විය ඉන්දිය ප්‍රාන්තයකට ඇති ලැදියාවක් නිසා ඔහු එම ප්‍රාන්තය ජයග්‍රහණය කරවීම සදහා එතෙර බලා ගියේ මැතිවරණ කොමසාරිස් තුමාගේ විශේෂ නියෝගයක් මත වේලාසන ඡන්දයද ප්‍රකාශ කිරීමෙන් පසුවය.
 අයි. පී.එල් කුසලාන ක්‍රිකට් තරඟාවලිය අප රටට කිසිසේත් අදාල එකක් නොවේ එසේ නම් එය පුද්ගලික අවශ්‍යතාවකි පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂ අවසරයන් ලබාදීම කොතෙකුත් දුරට සාධාරණද? සනත් ජයසූරිය මහතාට මඩිය තරකර ගැනීමට වෙන රටවල් වෙනුවෙන්  ක්‍රිකට් ගසන්නට යන විටත් රජයේ විශේෂ අනුග්‍රහයන් ඔවුන්ට ලබා දෙන්නේ මන්දැයි ගැටලුවකි.ජනතාව තමන්ට ඡන්දය දාන දිනයේ එය ගානකටවත් නොගෙන සල්ලි හම්බකරන්නට යෑම කොතෙකුත් දුරට සදාචාර සම්පන්නද? එමෙන් ඡන්දය දාන්නවත් වෙලාවක් නැති මිනිහාට ජනතා සේවයක් කිරීමට කාලයක් කොයින්ද? එය පොදුවේ අපට ඇති ගැටලුවයි එසේ නම් ඔහු අලුත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදී ක්‍රීඩාව අතහැර බලාපොරොත්තු සහගතව ඡන්දය ලබාදුන් අහිංසක ජනතාව වෙනුවෙන් සේවය සඳහා යොමු විය යුතුය නැත හොත් එම සේවය පසෙකලා ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගැසිය යුතුය 

ජනතාවගේ දේශපාලනය හා ඡන්දය පිළිබඳ දැනුම පසුගිය ගාල්ල පළාත් සභා මැතිවරයෙන් සහ මෙවර මාතර ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වේ මිනිසුන් ජනප්‍රිය තාවයට මුල් තැනක් දෙන බව පෙනීයන කරුණකි එමෙන් ම අනර්කලී මෙනවිය පසුගිය පළාත් සභා මැතිවරණයේදී මිනිසුන් රැවටූ හැටි ද මතකය අම්මිලට ,තාත්තිලට, අක්කිලට, මල්ලිලට පිහිට වෙන්නට ආ ඇය අද පළාත් සභා රැස්වීමට පමණක් ගාල්ල ප්‍රදේශයට පැමිනෙන්නේ තම මංත්‍රී ධුරය බේරා ගැනීම සඳහා පමණී  ලිනි පේල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි ඔළියටත් බයයි ලු...ඒ නිසා නේ ගීතා කුමාරසිංහ මහත්මියට ඡන්දය නොදුන්නෙ ඒත් ඉතින් තිස්දාහ පන්නල මනාප ගත්ත...කෙසේ වෙතත් ගරු සනත් ජයසූරිය මංත්‍රී තුමණි අහිංසක ජනතාවගේ බලාපොරොත්තු නිල්වලා ගඟට කැපූ ඉනි ලෙස නොවන්නට වගකීමක් ඇත ඔබට හෙට ඉටු කරන්නට.... 

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...