බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....
167. ප්‍රසංගයක් ද මේ ජිවිතය?
3 weeks ago