Ads 468x60px

Thursday, August 23, 2012

පෙරේරා මුදලාලිගෙ අවතාරේ......

මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර  කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් දාපු ගමන් කොල්ලො කට්ටිය දුවන්නෙ හිට ගෙන ඒව තමයි උන්ගෙ ආතල් වැඩ... එකෙක් චූ  කරාම සෙට් එකම එතන චූ කරන්නෙ හරියට සමඟිය බලය වේ කියන පණිවිඩය කියා පාන්න වගේ..


ඔන්න දවසක් බදුල්ලෙ ඒ වගේ සංගීත සංදර්ශනයක් තිබෙන බව දැනගත් ඉෂාරයි චන්දනයි කොල්ලො සෙට් එකත් එකතු කරන් ලාවට වගේ පොඩි අඩියකුත් ගහල සංගීත සංදර්ශයට ගියා ගිහින් ඇති වෙන්න නටල ආතල් එකෙත් උපරිමය ගත්ත...ඉවරවෙද්දි රෑ දෙක හමාර විතර වෙලා ඔන්න කට්ටියටම මහන්සියි ඒත් ඒ වෙලාවට ඒන්න බස් නෑ පයින් ම තමයි එන්න වෙන්නෙ ආතල් එකටත් එකක් කට්ටියම පයින් එන්න පටන් ගත්ත එදා පාර උන්ගෙ කොකෝවත් උන්ගෙ...පාර අයිනෙ තිබුණ තැඹිලි කුරුම්බත් උන්ගෙ...ගොඩක් අය දෙකේ කණුවෙ දෙකේ කණුවෙ නැවතුණා අන්තිමට එකේ කණුවෙන් මෙහාට එන්න හිටියෙ ඉෂාරයි තවත් කොල්ලෙකුයි විතරයි ඒ ඉෂාරගෙ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඔන්න ටික දුරක් එනකොට පාර අයිනෙ වත්තක ඉෂාර එක පාරටම දැක්කෙ මිනී පෙට්ටියක් තියෙනව ඒ එක්කම හුළු අත්තකුත් (විලක්කුවක්) එතන පත්තු කරල තිබුණ ඉෂාරට සිහි නෑ මල්ලිනම් එච්චර බය නෑ මල්ලි චන්ඩියා වගේ කිව්ව 

අයියේ අපි එතෙන්ට ගිහින් බලමු ද?
උඹට පිස්සුද? ඔ.... ඔය හොල්මන් සීන් එකක්.. අපි දුවමු මෙතනින්න බේරිලා....ඔය මැරුණු පෙරේරා මුදලාලිගෙ අවතාරේ

පෙරේරා මුදලාලිගෙ මිනිය ඊයෙ හවස අපේ ඇස් කනා පිටම වල දැම්ම නේ බං...මේ වෙන මොකක් හරි සීන් එකක් මට නම් බලන්න මයි හිතෙන්නෙ ඇයි මේ වෙලොවෙ මිනී පෙට්ටියක් මෙතන තියල තියෙන්නෙ...යමු යමු ළඟට ලිහින් බලමු..
ඕන මඟුලක් හා එහෙනම් යමු කෝ...

ඔවුන් එතනට යනවාත් සමඟම හහ් හහ් හා... යැයි භය හිතෙන ආකාරයෙන් හිනාවක් ඇහෙන්නට විය මළ කෙළියයි පෙට්ටිය ඇතුලෙ මල මිනියක්! බුදු අම්මෝ...කියා ඉෂාර වේගයෙන් දුවන්නට විය මල්ලීද බය වී ඉෂාර එක්කම පස්ස නොබලා දුවන්නට විය දෙදෙනාම නැවතුනේ ඉෂාරගෙ ගෙදර මිදුලේය.දෙදෙනාටම කථා කර ගැනීමටවත් නොහැකිව ගොළු වි මුහුණට මුහුණ හති දමමින් බලා සිටින්නට විය දෙරට තට්ටු කළ විට ඉෂාරගේ අයියා නිදි මතෙන් නැගිට 

කොහෙද යකෝ රැ දෙගොඩහ හරියෙ ඇවිදින්නෙ මට නිදාගන්නත් නෑ 
කියමින් දොර විවර කළේය එවිට ඉෂාර හා මල්ලී භයෙන් බිරාන්ත වී සිටිණු දැක 

ඈ යකෝ බොලාට මොකද වුණේ මෝහිණිවත් ගැහුවද?

නෑ නෑ බං අයියේ...අපි මියුසිකල් ෂෝ එක බලලා එන ගමන් එකේ කණුවෙ පාර අයිනෙ කොට්ටම්බ ගහ ලඟ පෙරේරා මුදලාලිගෙ වත්තෙ මිනී පෙට්ටියක් තිබුණා  අපි ළඟට ගිහින් බැලුව ඒකෙ මූණ වහපු මළ මිනියක් .එකපාරටම අමුතු කටහඩකින් හිනා වෙනවත් ඇහුණ.. සුවර් එකට ඒක නම් හොල්මනක්ම තමයි කියා මල්ලී කියාගෙන යන්නට විය ඉෂාර තවමත් භයෙන් භිරාන්ත වී හති දමයි. අයියා හයියෙන් සිනා සී

 ආ... ඒකටද උඹල ඔය බය වුණේ...?
අයියා මේ මඟුලක් කතා කරනව අපි සීරියස් කියන්නෙ යමන් ඕනනම් බලන්න 

හරි හරි කොල්ලෝ මමත් හවස ඔතනින් ආවෙ..ඔය අර දවස් තුනකට කලින් මැරුණ පෙරේරා මුදලාලිගෙ මිනිය...
නෑ නෑ  ඒක ඊයෙ වල දැම්ම නේ?

ඔව් ඒත් මිනිහගෙ ලොකු දුව හිටියෙ රට එයා එනව කියන පණිවිඩය ගෙදරට ඇවිත් නෑ ඒකයි ඊයෙ භූමිදානය කළේ ඒත් අද  පාන්දර ඒකි එනවලු පාන්දරම ආපහු යන්න බලාගෙන ලු එන්නෙ ඒ නිසා මිනිය ගොඩ අරන්තියෙන්නෙ  එයාට පෙන්නන්න එතන හිටියෙ චමින්ද අයියා අනිල් අයියා එහෙම බොලා එතනින් එනකොට බය කරන්න හිතාගෙන උන්  එහෙම සද්දයක් දාන්න ඇති .. මරු සෙට් එකනේ...

ඉෂාර ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වෙ "හෙට ඉඳල ඉවරයි ... අරුන් නෝන්ඩි දාලා අපිව නැති කරයි..." කියල

3 comments :

  1. හික් හික්,,,, උපරිමයි කතාව. අන්තිම වෙනකන් හිතාගන්න බෑ

    ReplyDelete
  2. බොරු කතාවක්. වලලපු මිනියක් ආය ගොඩ ගත්තොත් හිරේ යන්න වෙනවා.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...