Ads 468x60px

Wednesday, August 17, 2011

ප්ලාස්ටික් බෝතල් භාවිතය ගැන වඩා යමක්....

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන  දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ





 හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE) වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්

එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත්  එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත.

එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය High Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි

 එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය

මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි 

දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට  හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.



(01) PETE 
Polyethylene Terephthalate (PET or PETE) 



(02) HDPE 
High Density Polyethylene (HDPE)



(03) PVC 
Polyvinyl Chloride (PVC)



(04) LDPE 
Low Density Polyethylene (LDPE)



(05) PP 
Polypropylene (PP) 



(06) PS 
Polystyrene (PS)



(07) Other Plastics

Enhanced by Zemanta

5 comments :

  1. මේකත් බලන්න. විස්තරාත්මකව මේ ගැන කියලා තියෙනවා.
    http://uthmax.blogspot.com/2009/06/blog-post_11.html

    ReplyDelete
  2. නියමයි! ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න එපා කීවට අදයි මොකද්ද එපා මොකද්ද හොඳ කියල දැනගත්තෙ. හොඳ, ලිපියක් බොහොම ස්තූතීයි.

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක් මචං..තෑන්ක්ස් මේ වගේ ලිපියක් දැම්මට..ප්ලාස්ටික් ගැන නොදන්නා දේවලුත් දැනගත්තා.. ජය..!

    ReplyDelete
  4. නියම පෝස්ට් එක මිත්‍රයා.ගොඩක් වටින පෝස්ට් එකක්.ප්ලාස්ටික් ගැන නොදන්නා දේ දැනගත්තා.ස්තුතියි මේ වගෙ පෝස්ට් එකක් දැම්මට..

    ReplyDelete
  5. Thank you so much for the valuble information

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...