Ads 468x60px

Wednesday, September 12, 2012

ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....

සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය 


සර් ටික කාලයක ඉඳන් මගේ ඇස් පෙනීම ටිකක් දුර්වලයි වගේ
ආ.. ඔකට අපි පොඩි ටෙස්ට් එකක් කරමු ..ඊට පස්සෙ ඒකට හරියන කණ්ණාඩි කූට්ටමක් දාමු.. ආ එහෙනම් මෙතනින් වාඩිවෙන්න කෝ..

කියමින් වෛද්‍යවරයා මදක් දුරින් තබා තිබූ ඉංග්‍රීසි අකුරු සහිත ලොකු බෝර්ඩ් එකක් නිරාවරණය කළේය..

ආ එහෙනම් කියන්න බලන්න යටම පේලියේ අන්තිමට තියෙන අකුර 
දන්නෙ නෑ සර්...

ආ එහෙනම් දෙවනි පේලියේ මුල් අකුර කියන්න බලන්න 
ඒකත් දන්නෑ සර්

ඔයාගෙ ඇස් හොඳටම සවුත්තු වෙලා නේ.. හරි හරි එහෙනම් ඔය උඩම පේලියේ තියෙන ලොකු අකුර කියන්න බලන්න 
දන්නෙ නෑ සර්

ම්ම්....ඔයාට මාව පේනවද හොඳට
ඔව් සර්

වෛද්‍යවරයා ඇපල් ගෙඩියක අකෘතියක් එම අකුරු සහිත ලෑල්ලට උඩින් තබා 

මේ මොකද්ද?
ඇපල් ගෙඩියක් නේ..
හරි ..පාට මොකද්ද?
රතු

වෛද්‍යවරයා ඇපල් ගෙඩි තරම් අකුරු ඇති තවත් බෝර්ඩ් එකක් ගෙන 
හරි දැන් කියන්න බලන්න මේ ඉංග්‍රීසි අකුරු ටික
දන්නෑ සර්

මේක මාර කථාවක් නේ ඇපල් ගෙඩිය හොඳට පේනව ඒත් මේ ඇපල් ගෙඩි තරම් අකුරු පේන්නෙ නෑ..
පේනව පේනව 
එහෙනම් පේන්නෙ නෑ කිව්වෙ?
මම පේන්නෙ නෑ කිව්වෙ නෑ නේ සර් දන්නෙ නෑ කියල කිව්වෙ කලින් පෙන්නපු අකුරුත්  මම හොඳට දැක්ක ඒත් ඉංග්‍රීසි අකුරු මම කියවන්න දන්නෙ නෑ

වෛද්‍යවරයා සිදුවී ඇති දෙය වටහා ගෙන ඒ මොහොතෙම පරිගණකයෙන්  සිංහල අකුරු ටිකක් මුද්‍රණය කර සමරකෝන්ට පෙන්වා ලෙඩේ හදුනා ගෙන උපැස් යුවලක් ඒ සඳහා අනුමත කළේය....ඒ වෛද්‍යතුමා පිටරටක අධ්‍යාපනය ලබා ආ පුද්ගලයෙකු වන අතර ඒ වන විටත් එහුට ලංකාවේ ප්‍රාදේශිය ඉංග්‍රීසි සාක්ෂර තාවය ගැන දැනීමක් හෝ අදහසක් තිබුණේ නැත කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසුව ඔහු ඉංග්‍රීසි අකුරු පුවරුව ඉවත් කර සිංහල අකුරු පුවරුවක් හා සංකේත පුවරුවක් සවි කර ඇති බවද දැනගන්නට ලැබිණ

කථාව- සිරිල් සිංහක්කාර

2 comments :

  1. ඇත්තනේ...
    ලංකාවට ගැලපෙන විදිහට වෙදකං කරන්න ඩොකා දැනගන්න ඕනා..

    ReplyDelete
  2. හී හී..මාර කතාව :)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...