ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක් ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...
Monday, October 11, 2010
Gossip Lanka මන්ද මානසික කථා සහ ODEL කැලෑ නීතිය.
ඉහත සඳහන් බ්ලොග් කරුවා විසින් දිගින් දිගටම යම් කිසි කාන්තාවක් විසින් සිදුකරන ලදැයි කියන ඇඳුම් හොරකමක් සම්බන්ධයෙන් කථා කරන ආකාරය ඔබ දකින්නට ඇත කෙසේ නමුත් පසුගිය දිනක ඇය ඔඩෙල් නම් ආයතනය තුල හසුවූ රෙදි සමඟ දන ගස්සවා සිටිබව කියමින් ඡායා රෑප කිහිපයක් පළකර තිබුණි ඇත්ත නැත්ත කුමක් වුවත් නීතිය අතට ගෙන ගරු මර්වින් සිල්වාගේ කැළෑ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔඩෙල් ආයතනයට ඇති අයිතිය කුමක්දැයි සොයා බැලිය යුතුවේ . ඉහත සඳහන් අඩවිය වගකීමෙන් යුතුව එම ඡායා රූප පළකර ඇති බවත් පෙනෙන්නට ඇත එසේනම් කළ යුත්තේ නීතිය අතට ගෙන දඩුවම් කිරීමට එරෙහිව ඔඩෙල් ආයතනයට විරුද්ධ කථා කිරීමයි නැතහොත් නඩු පැවරීමයි එසේ වුවහොත් ඉහත කතෘ වරයාද වග උත්තර කරුවකු වේ. හොරකම් කිරීම වැරදි දෙයක් යැයි අප අවිවාදයෙන් පිළි ගනී එසේම එය රටට හෙළි කිරීමට වැරද්දක් නොවේ නමුත් එම ආයතනයේ දන ගස්සවා ඇති එම ඡායා රූප ප්‍රසිද්ධ කිරීම නොවටී එසේ දන ගැස්සවීම අනුමත කිරීම නොවටී ..... මනුස්සකමට උචිත නොවේ...
.
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Sunday, October 10, 2010
පාස්වර්ඩ් කඩමු.....
රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Monday, October 4, 2010
මේ සොච්චමත් තොපිම තියාගනිව්!
ලෝක වැඩිහිටි දිනය ගැන පහුගිය දවස්වල හැමොටම වගේ තිබුණෙ පුදුම කැක්කුමක් ඉතින් ගොඩක් වැඩසටහන් එහෙමත් විශාල මුදල් වැයකිරීම් කරල සංවිධානය කරල තිබුණ...හැමොම වගේ ඒ ගැන කථා කර නිසා මනුස්සකම වෙනුවෙන් වැඩිහිටියන්ට සාධාරණයක් ඉටු කරන්න පොඩි හඬක් නඟන්න ඕන කියල හිතුණ. රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන පිං පඩිය රුපියල්වලින් කීයද? කියන්න කනගාටුයි එය රුපියල් 100/- තරම් කුඩා මුදලක් නමුත් ඒ මුදල ගන්නත් අදාල දිනයට තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉන්න වැඩිහිටියො දිහා බැලුවම දැනෙන්නෙ හිතට දුකක් අද කාලෙ රුපියල් සියයකින් කරන්න පුළුවන් කජ්ජක් තිබේද? එය එක් බත් පාර්සලයක් ගැනීමට යන්තම් ප්‍රමාණවත් වන මුදලක් පමණි. දුර බැහැර ප්‍රදේශයක සිටින පුද්ගයෙකු මෙම මුදල ගැනීමට බස් කුළිය වශයෙන් රුපියල් විසිපක් වියදම් කළහොත් කඩේකට ගොස් බනිස් ගෙඩියක් කා තේ උගුරක් බිව්වොත් ඉතුරුවෙන සොච්චම අහවල් දෙයක් කරන්නද?
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
,
සමාජීය-පොදු
Wednesday, September 29, 2010
Facebook Animation Emotions (මූණුපොතේ ගැජට්-බැජට්)
මූණුපොත භාවිතාකරන පුද්ගලයන්ට දැන් Facebook Animation Emotions භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත ඒ සඳහා කළයුත්තේ පහත ඇති සබැඳියෙන් එම අඩවියට ගොස් එහි ඇති කුඩා වැඩසටහන බා ගෙන ස්ථාපනය කරගැනීමයි ඉන්පසු ඔබට චලනය වන Emotions මඟින් ඔබගේ අදහස කෙටියෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ....
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, September 26, 2010
සිංහල බෞද්ධයිනි, අලින්ට-ඇත්තුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා....
වනාන්තරයෙ ඉන්න අලින් අල්ලා පංසල්වල ගාල්කරගෙන පෙරහැරක් තියෙන කොට ඌට දසවද දිදී දම්වැල් වලින් බැඳගෙන දක්කාගෙන යන්නේ අපේ සැදැහැවත් බෞද්ධයින්ම නේද? දළදාවහන්සේ වත් අනෙකුත් ධාතූන් වහන්සේලාවත් මේ අහිංසක සතුන්ගේ පිටේ තබා දක්කාගෙන යෑම අනුමත කරන සිංහල බෞද්ධයිනි, බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ නාමයෙන් පිංසිදුවෙයි දැන්වත් මේ අමන ක්‍රියාව නවතා දමනු!.
ප්‍රභේදය-
අසාධාරණකම්
Saturday, September 25, 2010
අන්තර්ජාලයේ නොමිලයේ E-Book බාගන්න පහසුම විදියක්...
දන්නවනේ මොනවද E-Book කියල අන්තර්ජාලයේ .PDF, .PPT, .DOC ක්‍රම වලට ගබඩාකර ඇති ලේඛණ සොයන්න Google වලින් පුළුවන් උනත් ටිකක් තටමන්න වෙනව මෙන්න මේ වගේ සයිට් එකකින් නම් වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන් පහල තියෙන සබැඳිය භාවිතා කරල සර්ච් කරල බලන්න
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
පට්ට පපර - (දාගෙන නටන්න.....)
දන්නවනේ පපර බෑන්ඩ් කියන්නෙ මොනවද කියල.ඔය ක්‍රිකට් මැච් වලදි ,පෙරහැර වලදි එහෙම මොණර නැටුම සිංහ නැටුම වගේ නැටුම් නටන්නෙ මේ පපර බෑන්ඩ් ගහ ගහ නේ.. කතරගම පෙරහැරේදි නම් ඉතින් වැඩිපුරම තියෙන්නෙ පපර බෑන්ඩ් නේ.. ඔන්න උත්සව අවස්ථාවක දි නැටුම් තෙල් එහෙම ගහපු අයටත් මේක නියම තමා... ඒ වගේම නටන්න අකමැති අය වුණත් මේ සංගීත ඛණ්ඩ දැම්මොත් නම් ඉබේටම නැටවෙනව.ඔන්න එහෙනම් පහත තියෙන සබැඳියෙන් පපර බෑන්ඩ් සංගීත පොකුර බා ගන්න කෝ......
ප්‍රභේදය-
විනෝදාත්මක
Thursday, September 23, 2010
අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය.....
අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download) පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ගොඩක් තියනව මේවයින් අපට පුළුවන් අපේ Files වුණත් තැන්පත් කරල තියන්න ඉතින් ගොඩක් අය කරන්නෙ තමන් වෙබ් අඩවියක් හැදුවම ඒකට අවශ්‍ය කරන Files මේවගේ File Hosting අඩවියකට දාලා තමන්ගෙ අඩවියට ඒක Link කරන එක...
ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Tuesday, September 7, 2010
18 වන විවස්ථා සංසෝධනයට අපගේ විරෝධය!
රාජ්‍ය බලය වැඩිකරන එමෙන්ම පෞද්ගලිකත්වයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් , පාලකයින්ගේ බලය වෙනුවෙන් ඉදිරිපත් කරන 18 වන විවස්ථා සංසෝධනයට මනුස්සකම අඩවියේ දැඩි විරෝධය!
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Subscribe to:
Comments
(
Atom
)













