Ads 468x60px

Monday, July 23, 2012

වඳුරොත් එක්ක බෑ.... ‍එහෙනම් මෙන්න විසඳුම

වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට නිදි පෙති දෙක තුනක් හොයාගන්න ඕන... නිදි පෙති කුඩු කරල කුඩු ස්වල්පයක් අරගෙන වම්බටු ගෙඩියක මැදින් කැපුමක් කරල අර කුඩු ටික ඇතුලට දාන්න ඕන .. දාලා ඒ වම්බට්ට වඳුරන්ට පෙනෙන සේ වහලයක් හෝ ගසක් මත තියන්න ඕන 

Sunday, July 22, 2012

ෆෝල්ඩර් හංගන තවත් වැඩසටහනක්.. Folder Protect

ෆෝල්ඩර් ආරක්ෂා කරන්න හැමෝම වගේ මෙච්චර කල් භාවිතා කළේ Folder Lock කියන වැඩසටහන් මම අද කියන්න හදන වැඩසටහන ඒ වගේම එකක් මේකට කියන්නෙ  Folder Protect කියලා වැඩි කථා ඕන නෑ මේ වැඩසටහන අරගෙන පාවිච්චි කරලම බලන්නකෝ....(Key Gen+Patch)
Extract Password is- manussakama

රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම

රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්...කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ කුරුම්බ ගෙඩිය රිලවු යන-එන පැත්තක උන්ට පේන්න තියන්න ඕන ....

රිලව ඇවිල්ල ඒ කුරුම්බ ගෙඩිය ඇතුලට අත දාලා මද (ලොඳ) අතට අහුවෙන තරම් අරගෙන ගුලි කර ගන්නවා ඒත් ඌට අත එළියට ගන්න බෑ මොකද ඒ සිදුර මදි අත ගුලි කරගෙන නිසා... ඌ කුරුහ්බ ගෙඩියත් අතේ අරගෙන හිමින් හිමින් යනකොට අපිට ඌව අල්ලගන්න පුළුවන්.. අපි ළඟට ගියත් ඌ නෙවෙයි අර කුරුම්බ මද ටික අතහරින්නෙ ...

ඔන්න ඔහොම රිලව අල්ල ගන්නව අල්ලගෙන ඌ රිලවු එන පැත්තක උන්නට පෙන්න ළනුවකින් බඳින්න ඕන (හැබැයි ඉතින් කන්න බොන්නත් දෙන්න වෙනව) ඒ වගේම වැඩේට  දිග බයිසිකල් ඉස්පෝක් කම්බියකුත් ඕන නැත්නම් හීන් කම්බියක් ඕන .. කරන්න තියෙන්නෙ රිලවු රංචුව ආපු වෙලාවට අර ස්පෝක් කම්බියෙන් රිලවගෙ පස්ස පැත්තට රිදෙන්න පාරක් ගහන්න ඕන එතකොට රිලව ක්ක්‍රෑරැව්ව්.... ගාලා අමුවිදියකට කෑ ගහන්ව ඒ කෑ ගැහිල්ල ඇහුනම රිලවු රංචුව පළාතෙවත් ඉන්නෙ නෑ....

වඳුරන්ගෙ කරදර වලින් බේරෙන හැටි මී ලඟ ලිපියෙන්....


Friday, July 20, 2012

විනෝදයට ෆොටෝ හදන්න Funny Photo Maker ...

ෆොටෝ එකක් විනාඩියකින් ලස්සනට frame එකක් දාලා හදාගන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහනක් මේක හැබැයි ඉතින් ෆොටෝෂොප් වගේ එකක් කියලනම් හිතන්න එපා ඒ වගේ ෆොටෝ Edit කරන්න මේකෙන් බැහැ මේක හරිම ප්‍රාථමික මට්ටමේ විනෝදය පිණිස ෆොටෝ Edit කරන්න හදපු වැඩසටහනක් විතරයි දාගෙන බලන්න වැඩ ගොඩක් තියෙනව... පහළින් දාලා තියෙන්නෙ මෙකෙන් හදපු පින්තූර ටිකක්...


Sunday, July 15, 2012

රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද?

රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම  බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය.


(HTV-2 යානය)

(රාවණාගේ රුක්ම විමාණය නැමැති ගුවන් යානාව)

Saturday, July 14, 2012

තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න....

කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා වතුර වල තියෙන පෝෂණ ගුණ තමයි මේ පහලින් දක්වලා තියෙන්නෙ


ඔබේ Blog Post වලට Facebook Comments Box එකක්....

ඔබේ Blog එකට Facebook Comments Box එකක් පහසුවෙන්ම දාගන්න පුළුවන් මම අද කියන්නෙ එහෙම  Facebook Comments Box එකක් දාගන්න පුළුවන් එක් ක්‍රමක් ගැන ඒ සඳහා  පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න..(Blogger සඳහා)


01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය-
      අ) මෙතන ක්ලික් කරන්න  පසුව 
 ක්ලික් කරන්න

     ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps Name සහ Name Space පුරවන්න

Saturday, May 26, 2012

වඳුරු මල්...


පහත තිබෙන්නෙ දෙමුහුන් ඕකිඩ් වර්ග දෙකකි එක් වර්ගයක් වදුරකුගේ මුහුණට තරමක් සමාන කමක් දක්වන අතර අනෙක් මලේ වඳුරකුගේ ශරීරයට සමාන කමක් දක්වවයි...



Thursday, May 24, 2012

"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු

මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව 
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"

'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"