ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.
කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner) ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන් වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager)
ඉස්සර කූඹියා සතුටින් වැඩකරපු තැන දැන් හිනාවක් නැති නීති ගොඩක් ඇති අප්‍රසන්න තැනක් බවට පත්වෙලා ඒ වගේම ආයතනයේ ප්‍රතිඵලත් හොඳටම බැහැල...මේ ගැන හොයන්න සිංහයා බකමූණෙක් වැඩට ගත්ත (Internal Audit Manager) බකමූණටත් හොඳට පඩි, වාහනයකුත් ලැබුණා කොහොම හරි බකමූණා කූඹියාගෙ පොඩි අත්වැරද්දක් ගැන වුණත් ලොකුවට වාර්ථා ලියල ලොක්කට පෙන්නලා ලොක්කගෙ හිත දිනාගත්ත ඒ වගේම විශාල මුදලක් වැය කරල ආයතනයේ පරිහානියට හේතුව විදියට එයා හොයාගත්තෙ ආයතනයේ සේවකයො වැඩි නිසා පාඩු විදිනව කියල..
විසඳුම විදියට සිංහයා මුලින්ම කළේ අර කූඹියාව අස් කරපු එක!!!
(අන්තර්ජාලයෙන් උපාටාගන්නා ලදී)
අපි මේක කලිං කියවලා තියෙනවා..හූ...
ReplyDeleteවෙන්න ඇති ඒත් නොකියපු අයත් ඉන්නවා නේ...හූ හූ
DeleteAPI KIYAWALA NEHE THISARA MALLIYE.
ReplyDeleteඅන්න ඒක නේ.....
Deleteඕන්න ඕක තමා හම තැනම සිද්ද වෙන දේ . . හික් හික් හික්
ReplyDeleteඅනිවා....
Delete'ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක..' කියල පටන් ගත්ත නිසාම ආසාවෙන් කියවන්න හරි බරි ගැහුනා..අපුරු කතාවක්,,හිතන්න දෙයක් තියනවා :)
ReplyDeletejust like men..
ReplyDeleteඑල කතාව :D
ReplyDeleteA ne Mama adai me katawa kiyewwe. Hondai
ReplyDelete