සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක..
පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් සේ සලකන පිරිස බොහෝය නමුත් එම ක්‍රියාව ඉතා පහත් ක්‍රියාවකි තමාගේ ජීවිතය තොර කිරීම බුදු දහමට අනුව ප්‍රභල පාපකර්මයකි මිනිසුන්ගේ හිත් සුවපත් කිරීමට , බුදුදහම රැක ගැනීමට සසුනට පිවිසි භික්ෂුණ් වහන්සේලා සියදිවි හානි කරගන්නවා නම් බුදුදහමේ සැබෑ අරුථවත් නොදැන මෙතෙක් කල් චීවරය දරා සිටියා විය යුතුය එසේ නමු ඔහු චීවර ධාරියෙක් පමණි..එසේම එය බුද්ධ සාසනයේ පිරීහීමට පවා බලපාන සාධකයකි භික්ෂුණ් වහන්සේලාද අනෙක් අගාම්වල මෙන් අන්තගාමී ක්‍රියා පිළිවෙත් ඇසුරු කරයි නම් බුදුදහමේ පිරීහීමට එය රුකුලකි. බුදු දහම අනුව සිය දිවි හානි කරගැනීම අපා ගතවන පාපකර්මයකි නිර්වාණයට එය බාධාවකි විද්‍යාවට අනුව නම් සිය දිවි හානිකරගැනීම මානසික දුර්වලතාවයක් හො පුද්ගල පෞරුෂත්ව ආබාධ නිසා ඇති කරගන්නකි.