Ads 468x60px

Wednesday, June 23, 2010

විදුහල්පතින්-ගුරුවරුන් නොමැතිව ළමයි අයාලේ යයි..

රජයේ සේවකයන් දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි එහෙත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ විදුහල්පති වරුන් වෙනත් පාසල්වලට මාරු කර හැරීම නිසා එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රදේශයින්හී පාසල් ළමුන්ගේ මව්වරුන් සහ පියවරුන්ද කුපිත කරවමින් නොබෝදා අම්පාර නගරයේ නැටූ නාඩගම සිනා උපදවන සුළුය උද්ඝෝශකයෝ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය කරා ‍ගොස් එහිද සටන් පාඨ කියමින් උද්ඝෝශනය කර ඇත.


අද දින ‍අම්පාර බොහෝ පාසල් වල ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා ඇති අතර පාසල් ළමුන් නගරයේ තැන තැන ඔවුන්ට ඕනෑ පරිදි හැසිරෙන ආකාරයක්ද දැක ගත හැක .. රජයේ සේවකයන් තවත් ස්ථානයකට මාරු කිරීම අසාධාරණද? වගකීමක් ඇති විදුහල්තිවරුන් -ගුරුවරුන් මේලෙස ක්‍රියා කිරීම කොතෙකුත් දුරට සාධාරණද? අත්මාර්ථකාමී විදුහල්පතිවරුන් යම් පාඨමාලවක් හැදෑරීමට දිනකට ගුරුවරයකු නිදහස් නොකරන්නේ එයින් ළමුන්ට අසාධාරණයක් වන බව පවසමින්ය නමුත් ඔවුන්  තමාගේ අවශ්‍යතාවයට ලෙඩනිවාඩු දැමීමට හා වර්ජනයේ නිරත වීමටද ගුරුවරුන්ට සහය දක්වති එසේනම් මෙහිදී ළමුන්ට අසාධාරණයක් නෙවන්නේද? 

මෙලෙස වගකීමක් නැති ළමුන් ගැන නොසිතන විදුහල්පති වරුන් හා  ගුරුවරුන් අධ්‍යාපන සේවයෙන් ඉවත් කර වගකීමක් ඇත්ත වුන් මෙම කාර්යයන් හී යෙදවිය යුතු බව මනුස්සකම අඩවියේ මතයයි එසේම රැකියා නොමැතිව උසස් අධ්‍යාපන හමාර කර දුකසේ කාලය ගත කරණ දක්ෂතා සහිත පිරිස කොතෙකුත් ඇද්ද? 

3 comments :

  1. මහත්තයෝ නොදන්නා දේවල් ගැන කතා නොකර ඉන්නවද? අම්පාර වැනි අති දුෂ්කර පලාත්වල පිට පලාත් වලින් ගිය ගුරැවරැන් විදුහල්පතිවරැන් විදින දුක කොළඹ ඉන්න අප්පුහාමිලා දන්නේ නැහැ (සංවාදයට විවෘතයි)

    ReplyDelete
  2. මහත්තයෝ ඔබේ අදහස මට පැහැදිලි නෑ සංවාදයකට නම් එබේ තර්කය මොකද්ද රජයේ ස්ථාන වල සේවකයන් තවත් සිථානයකට මාරුකිරීම අසාධාරණයි කායලද ඔබ කියන්නෙ?

    ReplyDelete
  3. අම්පාර වැනි අති දුෂ්කර පලාත්වල පිට පලාත් වලින් ගිය ගුරැවරැන් විදුහල්පතිවරැන් විදින දුක/

    ඔබ වැරදියි මොකද්ද දුක කියන්නෙ ළමයින්ට උගන්වන එකද? ඒ ගම් වල පහසුකම් නැති එකද?

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...