Ads 468x60px

Tuesday, June 22, 2010

කුප්පි ලාම්පුවට හෙණ ගහල!

එන්න එන්නම ආණ්ඩුව විසින් අහිංසක අසරණ මිනිසුන් තලා පෙළා දමන්නට පෙළඹී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. නිල්බලකායට සහ ආණ්ඩුව ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල ධනපතීන්ගේ /කලාකරුවන්ගේ මන දොල සංසිදුවීම පිණිප සුඛෝපබෝගී භාණ්ඩ වල මිල පහත දමන ආණ්ඩුව දුප්පත් මිනිසාගේ මඩිස්සලේ හූරා කති. එසේම කිරිපිටි මිල වැඩි කළා සේම ඉදිරියේදී පාන් පිටි මිල හා සියලුම පිටිවලින් තැනූ කෑම ජාතිවල මිල වැඩි කරන බවක්ද දැනගන්නට ලැබී ඇත....
වාහන බද්දෙන් අඩු කරන ලද 50% මුදල රජයට ලබාගැනීමට උත්සාහ කරන්නේ දුප්පත් ජනතාවගේ පසුම්බියෙන්ද? වාහන බද්ද වැඩි කර ඒ සහනය නිර්ධන පන්තියට ලබා දීමට අදහසක් වත් රජයේ රතු ලෝගුව දාගත් මිනිස්සුන්ටවත් සිහිනයෙන් වත් සිතින්නෙ නැද්ද? සිංහ හම පෙරවා ගත් සුනඛ කොමියුනිස්ට් කාරයින් අද ධනවාදීන්ගේ කටු ලෙව කති.මෙවැනි අසාධාරකම් අහැට පෙනි පෙනිත් උන් සුර සැප විදීති.. දැන් මේ සිදුවන හැම දෙයක්ම ඡන්දය දුන් මිනිසුන් පිටේ පැටවෙති "උඹලා ඡන්දය මහ ඉහලින් දුන්නනේ අපි අපිට ඕන දේ කරනවා" යන්න ආණ්ඩුවේ මතයයි.

කෙසේ වෙතත් ඉදිරියටත් රනිල් ලොක්කා විපක්ෂයේ සිටියහොත් උන්ටද එය වාසියකි පිටකොන්ද පන නැති විපක්ෂ නායකු සටීම ජනතාවට අවාසියකි.ජනාතාව වෙනුවෙන් කථා කරන හඬ නගන විපක්ෂයක් නැති කොට රජය අයාලේ යන එක අහන්නත් දෙයක්ද? මිනිස්සුන්ගේ හදවතට ගැඹූරු හඬින් කථා කරගෙන ආ අතිගරු ජනාධිපති තුමාද ධනවාදයට ආවැඩීම අනුමත කළ නොහැක.ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය කරන්නට යන්නෙ දුප්පත් මිනිසුන් බඩගින්නේ මැරෙන්නට හැර ද?  අහිංසක මිනිස්සුන්ගේ කුප්පි ලාම්පුවට හෙණ ගහන කාලය වැඩි ඈතක නොවේ .

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...