Ads 468x60px

Friday, July 2, 2010

උන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි??

පහුගිය දා තිස්සමහාරාම යූනියන් ඇෂුවරන්ස් හි සේවයේ නියුතු ජනක මංජුල සහෝදරයගෙන් අලුත් අදහසක් සහිත ඊමේල් එකක් ලැබුණ..හිතා ගන්නත් බැරි දර්ශනයක් තමයි ඒකෙ තිබුණෙ.පුංචි අහිංසක මුව පැටියෙක් සමඟ සෙල්ලම් කරන දරුණු කොටි රංචුවක්..ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලත් මට හිතුණ තිරිසන් සතුන්ට මිනිස් ගුණ පහල වෙලා මිනිසුන්ට තිරිසන් ගති පහළ වෙනව වත්ද කියල මේක බලපු ඕනම කෙනෙක්ට හිතෙනව. සතුරන්ට මිතුරුව ඉන්න තිරිසන් වෙච්ච උන්ට පුළුවන් නම් සතුරන් එක්ක මිතුරු වෙන්න මිනිස්සු වෙච්ච අපිට ඇයි බැරි? බලන්නකෝ ඒ පිංතූර ටික....





6 comments :

  1. චීටා කෙනෙක්ට බ්ඩගිනි නැතිවෙලාවක මුව රංචුවක් කලබල නොකර ඒ මැදින් කිසි ප්‍රශ්ණයක් නැතුව යන්න පුළුවන්. මුවන්ට ඒක දැන ගන්න පුළුවන් චීටාගේ හැසිරීමෙන්.
    චීටාට කන්න දෙන්න කෙනෙක් නැති නිසා තමයි උන් දඩයම් ක්අරන්නේ. නැතුව වෛරයකට නෙමෙයි. සත්තුන්ගේ ලෝකය අපේ ලෝකෙට වඩා ගොඩක් ලස්සනයි සහෝදරයා. අපිට එහෙම ඉන්න බැරි අපි තිරිසන්නුන්ටත් වඩා පහත් නිසා වෙන්න ඇති කියලයි ම්අට හිතෙන්නේ.
    මිනිසා කියන සතා හැදෙන්න ඇත්තේ සොබාදහමට වුන වැරදීමකින්.
    මොකද ඌ කරන හැම දෙයින්ම මේ පරිසරය විනාශ වෙනවා

    ReplyDelete
  2. @හෙළයා- ඇත්ත මචන්

    @චානක-ගනින් ගනින්

    4All
    ෆොටෝෂොප් වලින් හදල වුනත් නැතිවුණත් මේක Real වුනත් Fake වුනත් මේකෙ තේරුම ගැන විතරක් හිතන්න

    ReplyDelete
  3. මේකනම් නියමයි අර දෙවනි රැපය ඔයා එන්න අපේ කියවනයට

    ReplyDelete
  4. "චීටාට කන්න දෙන්න කෙනෙක් නැති නිසා තමයි උන් දඩයම් ක්අරන්නේ. නැතුව වෛරයකට නෙමෙයි. සත්තුන්ගේ ලෝකය අපේ ලෝකෙට වඩා ගොඩක් ලස්සනයි"

    Lassana adahasak yaaluwa.cheers !!

    ReplyDelete
  5. අපි ගැනම ලැජ්ජවක් හිතෙනවා...ඇත්තට ආතල් එකට දඩයම් කෙරෙන එකම සතා මිනිසා නෙව...තමන්ගෙම එකෙ මැරුනාම සමරන එවුන්ට ඕකත් වැඩක්ද.......

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...