කොට්ටෝරුවා හැම ගහටම කොට කොට ගොසින් ගෙසෙල් ගහට කොටපු දවසට හොට පැටලෙනවලු.අපේ තරුණ කෙල්ලො කොල්ලො මේ බව හොඳට දන්නව මම හිතන්නෙ ! කොහොම වුණත් මම කියන කථාව නම් ගොඩක් අයට අසුභදායක වෙන්න පුළුවන්....
අපේ කාලෙ නම් කෙල්ලට හරි කොල්ලට හරි පණිවිඩයක් දෙන්න අපමණ වෙහෙසක් දරන්න ඕන. අතර මැදියන්ටත් සම්තින් එකක් දෙන්න වෙනව ඒත් දැන් හැමෝගෙම අතේ ෆෝන්,එස් එම් එස් වලින් පණිවිඩ දෙන්න පුළුවන් කොච්චර පහසුද? පහසු තමයි මේ එස් එම් එස් වල අවදානම ගැන දන්නව නම්!......
ඉස්සරනම් එස් එම් එස් වලින් යවපුව උසාවියක් වත් පිළිගන්නෙ නෑ ඒත් දැන් මේ එස් එම් එස් නීති ගත කරගෙන යන බව ආරංචියි ලඟදිම අපට නිල වශයෙන් දැන ගන්න ලැබේවි දැනටමත් ජනමාධ්‍ය වලත් මේ පිළිබඳ සටහන් පලවෙලා තියනව "මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල යැව්වොත් ඉතින් බෙරේ බැඳගත්ත කියල හිතා ගන්න.....වැරදිලා වත් එහෙම දෙයක් කියන්න එපා ඕන නම් මෙහෙම කියන්න "ඔයා මම කියන විදියට හොඳන් හිටියොත් විතරක් මම ඔයාව බඳින්න පොරොන්දු වෙනව" කියල එතකොට පොඩ්ඩක් ෂේප් වෙන්න පුළුවන්! එහෙමත් නැත්නම් E-mail to SMS තමා හොඳම ක්‍රමය.