Ads 468x60px

Sunday, March 14, 2010

අතිගරු ජනාධිපති තුමනි!

ඇත්ත කතා කලාම අදාල පුද්ගලයින්ට වදිනව ඒකට මම කියන්නෙ හරි තොප්පිය දාගන්නවා කියල කලින් ලිපියෙ සිදුවූ අසාධාරණයක් ගැන කථා කළාම ඒකට අදාල මින්ස්සු කුප්ත වෙලා මට දුරකථනයෙන් පවා බැණ වදිනව ඒකයි අහිංසක මම දුරකථන අංකය ඉවත් කලේ බයට නෙවෙයි වාතයක් වුණ නිසා. කොහොම වුණත් මහ ලොකුවට මනුස්සකම ගැන කථා කරන උදවියමයි ඒ වගේ අමනුස්සකම් කරන්නෙ.
ඒත් අපි කොහොමද අසාධාරණේ දැක දැක ඇස් කන් පියාගෙන ඉන්නෙ? අද මම කියන්න හදන්නෙ තවත් ඒවගේ දෙයක්.......

බොහොම අමාරුවෙන් අපේ කොල්ලො කෙල්ලො ඉගෙන ගෙන කැම්පස්වල කට්ට කාල උපාධියක් ගත්තම එහෙමතත් නැත්තම් අමාරුවෙන් විය හියදම් කරල ඉගෙන ගෙන උපාධියක් ගත්තම ඒ අහිංසක උපාධිය අතකොලු කරගෙන මේ අහිංසකයින් ගෙ කරපිටින් සැප ගන්න හදන අපේ රටේ දේශපාලන හෙංචයියලා ගැන කථා කළ යුතයි. මේ දින වල උපාධිධාරී සංගම් හරියට......හරිම ක්‍රියාශ්‍රීලියි....සතියට එකක් වත් රුස්වීම්.....ගස් ගල් ගානේ පොස්ටර් ගහන්නෙ උපාධිධාරීන්....ගෙයින් ගෙට ගිහින් ජන්ද හිඟමන් යදින්නෙත් උපාධිධාරීන් ,තරුණ පෙරමුණු හා සංගම් හතු පිපෙන්නාක් මෙනි.ඇයි එක පාරටම මේ වගේ ප්‍රබෝධයක්?????

ආණ්ඩුපක්ෂය දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිතා කරණ "ජනසභා ලේකම්" තනතුර නිසා නොවෙද  මේ පිබිදීම? එමෙන් ජලසම්පාදන/ලංගම/වරාය/ගුවන් තොට වැනි ආයතන වල ඇති තනතුරු පොදි පිටින් වපුරමින් ‍මේ හොර දේශපාලුවන් තමන්ට ඡන්දය දුන්නොත් මෙම පත්වීම් හදා දෙන බව කියමින් ගජරාමෙට තම දේශපාලන අරමුණු මුදුන් පමණුවා ගැනීමට වෙහෙසෙන ආකාරයක් දැක ගත හැකිය අහිංසක උපාධිධාරීන් හා රැකියා විරහිත තරුණයින් තම දහසක් පැතුම් හද තුල මුළුගන්වා බලාපොරොත්තු නම් වූ මිරිඟු දිය දැක දැක ඒ දෙසට දීවිමට සිදුව ඇත.....

කෙසේ නමුත් මෙම දේශපාලන කාරයින් තවත් වසර හයකට බලය ඉල්ලාගත් පසු තම යුතුකම එසේ නැත්නම් දුන් පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුයි කියා නීතියක් නොමැත එම පොරොන්දු ඉටු නොකළ හොත් අපට කළහැකි කජ්ජක්ද නොමැත එම අවුරුදු හය අවසන් වූ පසු මේ උපාධිධාරීන් සහ තරුණයින් පිරිස කුළිවැඩක් හෝ සොයාගෙනය එම අවුරුදු හයෙන් පසු රැවැට්ටීමට තවත් පිරිසක් බිහිවීද ඇත එවැනි තත්වයක් උඩ මොවුන් තම යුතුකම ඉටු කරාවි යැයි අහිංසක ලෙස බලාපොරොත්තුවක් තබාගත හැකිද?

කෙසේ නමුත් ආදරණිය දේශපාලන මහතුවරුණි/නොනාවරුණි අපේ අසරණ දුප්පත් උපාධිධාරීන් හා තරුණ තරුණියන් මෙලෙස අමු අමුවේ බොරු පොරොන්දු දී දේශපාලන වැඩකටයුතු වලට යොදා ගැනීම මනුස්සකම බ්ලොග් අඩවිය හෙළා දකියි! ඔවුන්ගේ දක්ෂතාවන්ට ගරුකොට ඔවුන්ට රැකියා ලබාදීම මැනවි .


අතිගරු ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි!

2 comments :

  1. ඇත්තටම ලංකාවේ රැකියා විරහිත උපාධිදාරී ගැටලුව තරමක් ගැබුරුයි. ඇත්තටම උපාධියක්යනු අධ්‍යාපන සුදුසුකමක් පමණයි. එය වෘත්තීමය සුදුසුකමක් නොවේ. වෘත්තීමය සුදුසුකමක් ඇත්තේ වෛද්‍ය උපාධියට පමණී. ඉංජිනේරු උපාධියට යම් වෘත්තීමය සුදුසුකම් ඇත. මෙය ලෝක සම්මතයකි. නමුත් ලංකාවේ මෙය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

    ReplyDelete
  2. ඒක ඇත්ත රැකියා විරහිත බවෙන් දේශපාලන වාසි ලබා ගැනීම මේ රටට අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම ඉහත සටහනෙන් අපේ ආගන්තුක යාඵව කියන කතාවත් නිවැරැදියි.
    ඒ වගේම රැකියා ලබා දීමේ අරමුණෙන් කිසිදු සේවයක් නොවන තනතුරු ඇති කිරීමද වැඩදායි නොවේ. මහජන මුදලින් දැනටද මෙවැනි තනතුරු ඇතිකර රැකියා ලබා දී ඇතත් එකම අරමුණ රැකියා ලබාදීම මිස එයින් ජනතාවට සේවයක් වෙනවාද යන්න සොයා බලන්න තරම් දේශපාලන නායකයින් මේ රටේ අද මෙන්ම ඉදිරියටත් බිහිනොවනු ඇත.
    රැකියා අවස්ථා ඇතිවීමටනම් රාජ්‍ය අංශයෙන් අලුතෙන් නිශ්පාදන ක්‍රියාවලින් ඇති විය යුතුය. අලුත් ව්‍යාපෘතින් ඇති විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම පමණක් සත්‍යයකි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...