Ads 468x60px

Wednesday, March 17, 2010

දේශ බම්බු.....

කවුරු කවුරුත් බලයි මොන බම්බුවක්ද මේ..කියල, හැබැයි මේකත් ඉතින් එක්තරා අසාධාරණයක් තමයි! ඉස්සර කාලේ ගමක ගරු නාමයක් ලබන්න නම් හොඳ නමකුත් අරගෙන වැඩදායි පුද්ගලයෙක් වෙන්න ඕන ඒ විතරක් නොවෙයි පන්සලේ හාමුදුරුවන්ගෙ සහ ප්‍රදේශයේ ප්‍රභූන්ගෙන් නිර්දේශයකුත් ඕන මොහු ගරු නාමයක් සඳහා සුදුස්සකුයි කියා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ??

  සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඕන සුනඛයෙකුටත් පුද්ගලයෙකුට එම අවස්ථාව ලබා දෙන තත්වයක් තමයි තියෙන්නෙ.පහුගිය කාලෙ රජයට අයත් ප්‍රාදේශිය සභා සහ පළාත් සභා වල සියලුම සභාපති වරුන්ට /නගරාධිපති වරුන්ට මේ "දේශ බන්දු" යන ගරු නාමය පුදකරගෙන ගියා ඒ අතර වංචා,දූෂණ,හිරේ විලංගුවේ වැටුණු ආදී සෑම සියලු දෙනාටම ඒ පට්ටම ලැබිල තියනව මෙම ගරුනාමයන් ලබාදීම කොතෙක් දුරට සාධාරණද? කවුද මේව දෙන්නෙ? කාටද බලය තියෙන්නෙ?මෙම ගරුනාමයන් ලබාදෙන්නේ රජයේ මැති ඇමති වරුන්ද?

ගරුනාම ගැන කථා කරනකොට ආචාර්යය උපාධිය ගැනත් කථා කළ යුතුයි අට වසරට විතරක් ඉස්කෝලෙ ගියපු කෙනෙක්ට ආචාර්යය උපාධියක් දුන්නොත් ? මැරකම් කරන කෙනෙක්ට ඒ මැරකම් වෙනුවෙන් උපාධියක් දුන්නොත්? නොගෙන ඉන්නෙ කවුද? කිසිවිටකත් එය ලබාගත් පුද්ගලයාට දොස් පැවරීම සාධාරණ නැත මරකම තිබුණද එය ඔවුන්ගේ වාසනාගුණය මතුවීමක් විය හැක නමුත් මේ උපාධි දෙන එවුන් නම්...."ගරු" යන වචනයෙහි පවා අරුත වනසන සුනඛ ගනයේ රොත්තකි.කට්ටිය නම් කියයි කෝ ඔයාගෙ මනුස්සකම ඇයි දේශ බම්බු කියල දැමිමෙ කියල එහෙම දැම්මෙ දැනට දීපුව ඔක්කොම එහෙම නිසා.

දේශපාලන වාසි තකා දේශයේ ගරු නාමයන් වැනසීම මනුස්සකම වෙබ් අඩවිය හෙළා දකියි!




2 comments :

  1. ඒ වුණාට ඒකෙන හොඳ දේකුත් සිද්ධ වෙලා තියෙනව නේද? ඔය වගේ නම්බු නාමයක් අද කාලෙ ලැබිල තියෙනවනම් ඒ පෝරිසාදය තක්කඩියෙක්, කඩප්පුලියෙක් කියල හඳුනගන්න පුඵවන්නෙ. ඒක අපේ ශරීර ‍සෞඛ්‍යයට හොඳයි කියල මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
  2. Agree with Outsider

    ++++++++++++++ :-)

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...