Ads 468x60px

Friday, March 12, 2010

රෙද්දෙ මැජික්......


මැජික් දාපු කලින් ලිපිය ගොඩක් දෙනෙක් බලල තිබුණ හැහොම කැමතියි වගේ ඒ නිසා ඔන්න තවත් මැජික් එකක් දාන්න හිතුණා.හැබැයි මැජික් කිවිවට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි.මෙහෙමයි කරන්නෙ,
  1. කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න
  2. කාඩ්ටික ඔක්කොම  අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන
  3. ඉස්සරහ ඉන්න කෙනාට කියන්න ඒකෙන් රෙද්ද ඇතුලෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල
  4. ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ)
  5. දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න ඉවත් කරන්න නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු)
  6. එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ.
දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.

3 comments :

  1. මේකනම් මරු වැඩක්. ඒත් සරළයි.
    ඒ වුණාට කාඩ් කුට්ටමෙන් සමහර අය කරන මැජික් දැක්කම කරකවල අතහැරිය වගේ. අර ජාතික රූපවාහිනියෙ යන වීදියේ මායා වැඩසටහනේ මේ වගේ සෙල්ලම් ගොඩක් ගියා. සමහර විට ඒවත් මේ වගේ සරළ දේවල් වෙන්න ඇති. ඒ ව‍ගේ මැජික් ගැන තව ටිකක් හොයල බලන්න.

    ReplyDelete
  2. ඉදිරියට හොද මැජික් ටිකක් දාන්නම්

    ReplyDelete
  3. මාත් ඕක කරල තියෙනව A/L කරන කාලෙ, කස්ටිය හොල්මං :D

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...