Ads 468x60px

Friday, September 7, 2012

ගෝනා‍ගේ මළ සිරුර සහ කොටි මුහුණ.....


(සත්‍ය කථාවක් ඇසුරෙන්...) නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා  සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට සිදුවිය

Thursday, September 6, 2012

ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...

අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත් 

මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු  එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

Sunday, September 2, 2012

අම්මට උඩු (Up to Mother)

ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි  ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා

Sunday, August 26, 2012

ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න....

ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ  වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය 80 ඉක්මවා තිබිය යුතුය සාමාන්‍ය වේගයක් නම් එහි අගය 75 ට වඩා වැඩි විය යුතුය 75 ට වඩා අඩු නම් ඔබේ අඩවිය ගැන නැවත සොයා බැලීම වැදගත් වේ එහි ඇති යම් යම් දුර්වල කම් මඟහරවා ගැනීම තුලින් එය යථා තත්වයට පත් කළ හැක එසේම දුර්වල කම් පිළිබඳ උපදෙස් මාලාවක් ද එම අඩවිය මඟින් ලබා දේ

වේගය මනින්න මෙතනින් යන්න- Google Website Speed Test

Saturday, August 25, 2012

"පස් කමින්...."

ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය ශ්‍රී ලංකා අභිමානය එක් කිරීම සඳහා එසේ නැත්නම් Sri lankan Colors සඳහා සිංහල වචනය එක් කළ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ කිසිදු එකක් නොවේ. සිදුවුනේ මෙන්න මේ දේ..

Thursday, August 23, 2012

ලෝකයේ මිල අධිකම කක්කුස්සි...

උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය

පෙරේරා මුදලාලිගෙ අවතාරේ......

මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර  කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් දාපු ගමන් කොල්ලො කට්ටිය දුවන්නෙ හිට ගෙන ඒව තමයි උන්ගෙ ආතල් වැඩ... එකෙක් චූ  කරාම සෙට් එකම එතන චූ කරන්නෙ හරියට සමඟිය බලය වේ කියන පණිවිඩය කියා පාන්න වගේ..

Wednesday, August 22, 2012

වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි...

වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන  සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ 

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.


කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද?


ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත .... බලන්න පහල තියෙන පින්තූරය

Saturn's moon Mimas peeps out from behind the larger moon Dione

මෙය 2011 දෙසැම්බර් මස ඇමරිකාවේ නාසා ආයතනය  විසින් යවන ලද කසිනි නම් අභ්‍යාවකාශ යානය විසින් ලබා ගත් සමීප ඡායාරූපයකි එමඟින් තහවුරු වන්නෙ යම් ස්ථම්භයක් හෝ ගේඩනැගිල්ලක් නොවන බවත් මෙහි ඈතට සිලින්ඩරාකාර හැඩයකින් දර්ශනය වන්නෙ තවත් චන්ද්‍රයකු බවත් මෙම දන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් වන බවයි නාසා ආයතනය පවසන්නෙ 

Tuesday, August 21, 2012

කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම...

කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ඇතුලු තවත් නිළධාරීන් කිහිපදෙනෙක් ඒ නියමිත දිනට කෑම්ප් එකට ආව කෑම්ප් එකට ඇවිල්ල බ්‍රිගේඩිය එහි ආරක්ෂක තත්වය ගැන කැප්ටන්ගෙන් ඇහුව කිසිම ප්‍රශ්නයක් නැති බව තමයි කැප්ටන් කිව්වෙ බ්‍රිගේඩියර් සාමාන්‍ය සෙබලෙක්ගෙන් ආරක්ෂක තත්වය ගැන ඇහුවමත් කිව්වෙ වටේම ක්ලියර් සර් ...කියල

Sunday, August 19, 2012

පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු!

Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට ‍සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන  SAM.exe සහ SAM.log  කියන ෆයිල්  Delete කරන්න ඊට පස්සෙ ඒ  Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් වෙලා තියේවී තවත් ඒ වගේ පරිගණකයක් සොයාගන්න බැරි අවස්ථාවලදිත් කරන්න පිළියමක් තියෙනව ඒ තමයි පරිගණකය DOS Mode එකේ Boot කරගෙන DOS Command මඟින් SAM.exe සහ SAM.log යන ෆයිල් Delete කර දැමීම...මේව හැක් නෙවෙයි සරල උපක්‍රම ලොකුවට පාස්වර්ඩ් දැම්මට ඒව ඉවත් කරන එක හරිම සරලයි නේ