Ads 468x60px

Sunday, September 26, 2010

සිංහල බෞද්ධයිනි, අලින්ට-ඇත්තුන්ට පාඩුවේ ඉන්න දීපල්ලා....

වනාන්තරයෙ ඉන්න අලින් අල්ලා පංසල්වල ගාල්කරගෙන පෙරහැරක් තියෙන කොට ඌට දසවද දිදී දම්වැල් වලින් බැඳගෙන දක්කාගෙන යන්නේ අපේ සැදැහැවත් බෞද්ධයින්ම නේද?  දළදාවහන්සේ වත් අනෙකුත් ධාතූන් වහන්සේලාවත් මේ අහිංසක සතුන්ගේ පිටේ තබා දක්කාගෙන යෑම අනුමත කරන සිංහල බෞද්ධයිනි, බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ නාමයෙන් පිංසිදුවෙයි දැන්වත් මේ අමන ක්‍රියාව නවතා දමනු!.


 බෞද්ධකම බොරුවට තවරාගත් අපේ මිනිසුන් මුන්නේෂ්වරම් කෝවිලේ මහා සත්ව සංහාරය දිහා සාධුකාර දෙමින් බලන්සිටියේ මහා භක්තියකිනි. අපේ රටේ සිටින සත්ව අවිහිංසාව ගැන කථා කරන සංවිධාන,පරිසර සංවිධාන එදා සේම අදත් හෙටත් ඇස් කන් පියා ගොළුවන්-බීරන් සේ සිටිනු ඇත. මානව අයිතිවාසිකම් ගැන කථා කරන එවුන් සත්ව අයිතිවාසිකම් ගැන කථා කරන්නට මැලි කමක් දක්වති එවුන් සිතන්නේ මේ ලෝකයේ සම්පූර්ණ අයිතිය මිනිසුන්ට පමණක් බවයි ඇත්තටම නිදහසේ ජීවත්වීමේ අයිතිය හිමිවිය යුත්තේ මිනිසුන්ට පමණද?


6 comments :

  1. නියම post එක තිසර මහත්තයා, එල.... එල

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව උද්ගෝෂණය කළ බවත් ඒ උත්ඝෝෂනය පොලිසිය විසින් නැවැත්වූ බවත් කියන්න කට ඇරෙන්නැත්තේ ඇයි......

    ReplyDelete
  4. සාදු සාදු

    ReplyDelete
  5. තිසර, අවංකවම ඔබ හා සියයට දෙසියයක් එකඟ වෙමි.

    අපේ සංස්කෘතික උරුමය, අපේ පාරම්පරික සිරිත් විරිත්, කියලා
    මොකක්ද ඇත්තටම අපි කරන මේ අසාධාරණය අහිංසක සත්තුන්ට?

    අලි කියන්නෙ ඉතාම සංවේදී නැනවත් සතුන් කොටසක්,

    උන්ට ඇඳුම් අන්දවල, විදුලි බුබුලු එල්ලල, දම්වැල් වලින් ගැටගහල,
    පිට උඩ කරඬුවකුත් පටවල, පාරවල් ගානෙ ඇවිද්දවන එක
    මම හිතන්නෙ මොනම මනුස්ස ධර්මයකටවත් ගැලපෙන එකක් නම් නෙවෙයි.

    Mahathma Gandhi once said :
    " When the humankind encounters a far superior race from outer space,we will be judged by how we have treated our fellow beings on earth "

    Well all I can say is :
    " I sincerely hope that, I won't be around when finally
    the judgement day comes "

    ReplyDelete
  6. බෞද්ධයන් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව සංහාරයට විරුද්ධව උද්ගෝෂණය කළ බවත් ඒ උත්ඝෝෂනය පොලිසිය විසින් නැවැත්වූ බවත් කියන්න කට ඇරෙන්නැත්තේ ඇයි...../

    පොලිසිය කරන්නෙ රජය කියන දේ එහෙනම් ඉතින් රජය තමයි මේකට වග කියන්න ඕන...

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...