Ads 468x60px

Saturday, March 27, 2010

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්..!

යම් මාතෘකාවක් ඇරඹීමට ප්‍රථම එය නිර්වචනය කිරීම සාමාන්‍ය බටහිර සම්ප්‍රධායයයි නමුත් එය ඉතාම වටිනා අදහස් බැවින් අනුගමනය කිරීම අගනේයැයි සිතේ එහෙත් මිනිස් ස්වභාවය හෝ මනෝවිද්‍යාව එසේ නිර්වචනය කළ හැකිද? මෙය ඉතා අපහසු කටයුත්තකි මිනිසාගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට සමත් කිසිවකු මෙලොව බිහි නොවනු ඇත එතරම් සංකීර්ණ වූ මනසින් දකිනා සිහින මොනවාදැයි සොයා බැලීම වටී.

Thursday, March 25, 2010

ඕවට කවුද භය?

මනුස්සකම අඩවිය මේ දවස්වල කථා කරන්නෙ අමනුස්සකම ගැන එනම් භය/හොල්මන්/අවතාර  ගැන, ගොඩක් දෙනෙක් නම් මේවා බොරු මතයැයි තරයේ කියා සිටියි නමුත් සමහරුන් මේවා කෙලින්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත එහි යම් සත්‍යයක් ඇතැයි පවසයි .සමහරුන් ස්ථිර වශයෙන් හොල්මන්/අවතාර කියා දෙයක් ඇති බව පවසයි.ගංඟා, ඇල ,දොල, ගස් ,වැල් ,ඉබේ හටගන්නා ජීවීන් ,ස්වභාව විපර්යාශ ඇති මේ ලෝකයේ යම් අද්භුත තත්වයන් නැතැයි එක එල්ලයේ ඉවත දැමිය හැකිද? ජන ප්‍රවාදයේ යම් දෙයක් පැවතෙන්නේද එහි යම් තරමක හෝ සත්‍යයක් තිබිය යුතුය.එසේ නොමැතිව ඕපපාතිකව යම් අදහසක් ඇතිවිය හැකි දැයි ප්‍රශ්නයකි "ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑ " යන්න අපේ අය නිතර කියන කථාවකි.

ටියුෂන් කැපයි..අවුලක් නෑ

පාසල් ගැරුවරයාට ටියුෂන් කැපයිද? යන තේමාව ඔස්සේ මනුස්සකම අඩවිය පැවැත්වූ මත විමසුමේදී පාසල් ගුරුවරයාට ටියුෂන් කැප බව 70% දෙනා පවසා ඇති අතර කොහෙත්ම නෑ වශයෙන් අදහස් දක්වා ඇත්තේ 25% කි අනෙක් 5% දෙනා හිතාගත නොහැකි බව පවසා ඇත මෙහිදී මාගේ අදහසද අවුලක් නෑ යන්නයි නමුත් පාසල් ළමුන්ට හානියක් නොවන ආකාරයෙන් කරනවනම් තමයි ඉතින් අවුලක් නැති වෙන්නෙ සමහරු විශය නිර්දේශය ආවරණය කරන්නෙ උපකාරක පන්තියෙදි පාසලේදී බාගෙට එහෙව් ගුරුවරුන් දේශයට වින කරති.නව මත විමසුම හොල්මන් ඇත්තද? යන්නයි,

බලු හොල්මනක්.....


මේක ඇත්තම කථාවක් සිදුවුනේ තිස්සමහරාමකට නුදුරු පුදේශයක ඔහු නමින් ප්‍රසන්න දැනට අම්පාර දැවසංස්ථාවෙ සේවය කරන්නෙ.ඔහු පාසල් යන කාලයේ 9වසරේ ඉගෙනුම ලබන කාලෙ ගියේ පන්නගමුව මහ විදුහලට ප්‍රධාන පාරේ සිට තම නිවෙස වෙත යාමට හැතැක්මක පමණ දුරක් පයින් යාමට සිදුවන අතර එම පාර වැටී ඇත්තේද පාළු ඉසවුකය සොහොන් පිටිටනියක් පසුකරමින් යාමටද සිදුවේ.

Wednesday, March 24, 2010

ලැජ්ජයි කියන්නෙ විලි ලැජ්ජයි! (දෙවන වෙළුම)

මා පසුගිය කලක පාසල් ජාලය තුල තිබූ වෙබ් අඩවි වලට මොකද වුනේ? යන කාරණාව යටතේ කතා කළා මේ වන විට එම පාසල් වෙබ් අඩවි නැවතත් යතා තත්වයට පත් වී ඇති අතර යම් පරිශ්‍රමක් දරා මේ ලෙස හෝ යථා තත්වයට පත් කිරීම ගැන මොරටුව සරසවියේ අදාල අංශය වෙත යම් ස්තුතියක් පුද කිරීමට සිතුණි . නමුත් මෑතක දී කළ වෙබ් අඩවි ඉවත්ව ගොස් ඇති අතර 2007-2008 කාල වලදී සැදූ අඩවි පමණක් දැකගත හැකි අතර මෑතකදී කළ යාවත්කාල කිරීම් කිසිවක් නැවත ලැබි නොමැත. මෙසේ වීමට හේතුව දිගු කාලයකින් Sever Tape Backup නොගැනීම විය හැක. ‍කෙසේ නමුත් ඉදිරියට මෙවැනි අකටයුතු කම් සිදු නොවීමට අදාල අංශය පියවර ගන්නේ නම් ඔවුනට අපගේ ආචාරය පුදකර සිටීමට කැමැත්තෙමු.

Monday, March 22, 2010

2500 ත් පැනල.....

මගේ බ්ලොග් එක නියමාකාරව පටන්ගෙන අදට හරියටම  මාසයක් සපිරෙනව...අද වෙකොට මනුස්සකම දිහා බලපු ආගිය අය 2500ත් පැනල ලැබූ හිට් ප්‍රමාණය 4500 ටත් වැඩියි මාසයක් තුල මෙතරම් පිරිසක් මනුස්සකමට ආව කියන්නෙ එක අතකින් මම ලබපු ජයක් කියල මට හිතෙනව බ්ලොග් එකක් කරන්න හිතාගෙන හිටියෙ නෑ ඒත් අශාන් මල්ලිගෙ පෙරැත්ත කිරීමට තමයි පටන් ගත්තෙ මුලින් මට අනුබල දීපු කෙනාට ස්තුති කරල ඉන්න වටිනව නේ.ඊට පස්සෙ ස්ථිර යාලුවන් 18 දෙනෙකුත් නිතරම මනුස්සකමට යනව එනව එයාලටත් මගේ හදපිරි ස්තුතිය පුදකරන අතර සිංහල බ්ලොග් මේ තරම් ජනප්‍රිය වීමට හේතුවත් සිංහල බ්ලොග් සින්ඩි පවත්වාගෙන යාම බව මගේ අදහසයි, ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග් කියවනය, කොත්තු, යන සින්ඩි වලටත් මගේ ප්‍රණාමය! එසේම මගේ අදහස් ගැන මත පලකර සියලුම දෙනාටත් සිංහල බ්ලොග් කියවන සියලු දෙනාටත් නිදුක් නීරෝගී හෙට දිනයකට ආසිරි! මනුස්සකම වෙතින්.
නිතර යන එන මිතුරු කැල-
සඳුන්,නදුන්,හසිත,ප්‍රබෝධ,තිළිණ,මදුක,රවෙන්,පලාමල්ල පිස්සා,රන්දිල්,ම,බිඟුවා,සුදර්ශන,දුකාල,මෑඩි ෂැක්,හෙළයා,අශාන්,මම,මධුර,දයාන්,

ඇතුල්වීම තහනම්......(Access is Denied)

windows XP වල අපිට යම් කිසි Folder එකක් හෝ හාර්ඩ්ඩිස්ක් එකෙහි කොටසක්‍( Hard disk Partition ) හෝ ඇතුල්වීම තහනම් කිරීමට හැකියාව ඇත, එ‍සේ තහනම් කල පසු ප්‍රධාන ගිණුමෙන් හැර අනෙකුත් ගිණුම් තුලින් එම තහනම ඉවත් කිරීමට අපහසුය (පරිගණක ගැන දැනුම වැඩිවශයෙන් ඇති අයට එම තහනම ඉවත් කිරීම සිම්පල්ය) මෙසේ තහනම් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එකවර යම් පුද්ගලයෙකුට එම ලේඛණය විවෘත කිරීමට නොහැකි වන සේ සකස් කිරීමයි කුඩා ළමුන්ගෙන් සහ පරිගණකය පාවිච්චි කිරීම පිළිබඳ නිසි දැනුමක් නැති පුද්ගලයන් අතින් තම ලේඛණයන් විනාශ වීම බොහෝදුරට වලක්වා ගත හැක.

Friday, March 19, 2010

මව් සෙනේ අහිමි පිං මද පුතුනි.....!

(කරුණාකර අධිසංවේදී සහ ගැබිනි මාතාවන් මෙම ලිපිය කියවීමෙන් වලකින්න)

මාර්තු 18 වෙනිද පත්තරේ තිබුණ සිද්ධියක් දැකල මට හිතුන තවමත් මනුස්සකම සමාජය තුල තියනව කියල මොකද ඒකෙ තිබුණෙ ඇබිලිපිටි‍ය මහ ‍රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් කල හපන් කමක්....ඒ වගේම මනුස්සකම දන්න ආදරණිය මවක් සහ පියෙක් ගැන.. මොලය මියගිය තරුණ මහහතකුගෙ ශරීරයේ අනෙකුත් කොටස් තවත් මිනිසුන් සුවපත් කීරිම උදෙසා ඉවත් කෙරුණු කථාව! වෙලාවකට ඒක සංවේදි කථාවක් වගේ ඒ දෙමාපියන් එම කාර්යයට කැමැත්ත පළ කරේ පිං ලබාගන්නට සිතා නොවේ කාට හෝ එම කොටස් වලට පිහිටක් වේයැයි සිතාය මියගිය තරුණයාටද එය සෑබෑම පිනක් වවනු නිසැකයි.එම කථාව එලෙස කියද්දි තවත් සෝචනීය සිදුවීමක් කියන්නයි ලැහැස්තිය.....

මම පවසන්නෙත් etisalat

සිත විමසන්නෙත්  etisalat
ගත විමසන්නෙත්  etisalat
සිහින දකින්නෙත්  etisalat
විහඟු ගයන්නෙත්  etisalat
සුළඟ කියන්නෙත් etisalat
මම පවසන්නෙත්   etisalat
etisalat=ඔබ ගැනමයි!