Ads 468x60px

Monday, March 22, 2010

ඇතුල්වීම තහනම්......(Access is Denied)

windows XP වල අපිට යම් කිසි Folder එකක් හෝ හාර්ඩ්ඩිස්ක් එකෙහි කොටසක්‍( Hard disk Partition ) හෝ ඇතුල්වීම තහනම් කිරීමට හැකියාව ඇත, එ‍සේ තහනම් කල පසු ප්‍රධාන ගිණුමෙන් හැර අනෙකුත් ගිණුම් තුලින් එම තහනම ඉවත් කිරීමට අපහසුය (පරිගණක ගැන දැනුම වැඩිවශයෙන් ඇති අයට එම තහනම ඉවත් කිරීම සිම්පල්ය) මෙසේ තහනම් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එකවර යම් පුද්ගලයෙකුට එම ලේඛණය විවෘත කිරීමට නොහැකි වන සේ සකස් කිරීමයි කුඩා ළමුන්ගෙන් සහ පරිගණකය පාවිච්චි කිරීම පිළිබඳ නිසි දැනුමක් නැති පුද්ගලයන් අතින් තම ලේඛණයන් විනාශ වීම බොහෝදුරට වලක්වා ගත හැක.

මුලින්ම ෆොල්ඩර් ඔප්ෂන්ස් (Folder Options) වෙතින් View යටතේ ඇති Use simple file Sharing (recommended) නැමැති check box එකේ ඇති "හරි" සලකුණ ඉවත් කලයුතුය
(Control Panel---->Folder Option---->View------>Use simple file Sharing (recommended)
ඉන්පසුව ඕනෑම Folder එකක් මත හෝ Hard disk Partition  එකක් මත Right Click කර Properties අවස්ථාව තෝරා ගැනීමේදී එහි Security යනුවෙන් ටැබ්(Tab) අවස්ථාවක් දැකගත හැකිය එම ටැබ් (Tab) අවස්ථාව තෝරා එහි ඇති Group or User name  අවස්ථාවෙන් Administrator යනුවෙන් තෝරා Deny අවස්ථාවේ ඇති ඇති සියලුම Check Box මත "හරි" සලකුණ ඇතුලත් කළයුතුය ඉන්පසු OK අවස්ථාව භාවිතා කළ යුතුය'



වැඩි ආරක්ෂාව සදහා නැවතත් මා කියු පළමු පියවර ඔස්සේ ගොස් එහි ඇති Use simple file Sharing (recommended)  අස්ථාව මත නැවතත් "හරි" සලකුණ යොදා තබන්න එවිට තම ‍ලේඛණයන් යම් තරමින් හෝ ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

*මේ පිළිබඳ පෙර කිසියම් පුද්ගලයෙකු ලිපියක් ඉදිරිපත් කර ඇත් නම් ඔහුට හෝ ඇයට මගේ කණගාටුව පලකර සිටිමි 

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...