Ads 468x60px

Saturday, March 27, 2010

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්..!

යම් මාතෘකාවක් ඇරඹීමට ප්‍රථම එය නිර්වචනය කිරීම සාමාන්‍ය බටහිර සම්ප්‍රධායයයි නමුත් එය ඉතාම වටිනා අදහස් බැවින් අනුගමනය කිරීම අගනේයැයි සිතේ එහෙත් මිනිස් ස්වභාවය හෝ මනෝවිද්‍යාව එසේ නිර්වචනය කළ හැකිද? මෙය ඉතා අපහසු කටයුත්තකි මිනිසාගේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට සමත් කිසිවකු මෙලොව බිහි නොවනු ඇත එතරම් සංකීර්ණ වූ මනසින් දකිනා සිහින මොනවාදැයි සොයා බැලීම වටී.

වැඩි දෙනෙකුගේ අදහස නම් සිහින යනු පුද්ගලයින්ගේ අනාගතය හා ජීවිතය ගැන පැවසෙන අනාවැකි බවයි ලෝක ප්‍රකට මනෝ විද්‍යාඥකු වන සිග්මන් ප්‍රොයිඩ් (Sigmund Freud) මහතා පවසන ආකාරයට සිහින යනු හුදෙක් පුදගලයන්ගේ අතීත අපේක්ෂා බලාපොරොත්තු සහ මානසික සංකීර්ණ වල ප්‍රතිඵල බවත් අනාගත මනෝමය අපේක්ෂාවන් ලෙසත්ය.එමෙන් එම විග්‍රහයද ඇතැම් අවස්ථාවල විවේචනයට ගක් වී ඇත.කෙසේ වෙතත්සිග්මන් ප්‍රොයිඩ් මහතාගේ  මතයෙහි යම් සත්‍යයක් ඇතැයි සිතිය හැක.
පියවි ලොකයේදී විසඳා ගත නොහැකි ප්‍රශ්න හා ගැටලු සිහින ලෝකයේදී පහසුවෙන් විසඳා ගත හැක උදාහරණයක් ලෙස පියවි ලෝකයේදී කිසිසේත් ලබාගත නොහැකි ලඳක් සිහින ලෝකයෙදී අත්පත් කරගනිමින් ඒ තුලින් මානසික තෘප්තියක් ලබාගනී (තරුණියකටද මෙය පොදු දෙයකි) එසේම පියවි ලොකයේදී යම් අවස්ථාවක තමාට පාට් දැමූ තරුණ කණ්ඩායමකට (ගැන්සියකට) සිහින ලෝකයේදී තනිවම පහර දී ඒ තුලින් ලබාගන්නා මානසික සුවය ගැන කීමට අවශ්‍ය නැත. මෙම කරුණු වලින් හෙලි වෙන්නෙ සිහින තුලින් ඕනෑම පුද්ගලයකුට මානසික සහනයක් ලැබෙන බව නොවෙද? තම සිත සංසිඳී ඇති අවස්ථාවල සුභවාදී සිහිනත් මනස අවුල් වී ඇති විට අසුභ සිහිනත් දැකීම සාමාන්‍ය දෙයකි . පාසල් යන වයසේ දරුවන්ඉලෙනීමට සිත් යොමුකර ඇති විට සිහිනයෙන් පවා ගණිත ගැටලු ආදිය විසදා ගනිති නමුත් එම වයසේදී ආදරය කිරීමට පටන් ගතහොත් සිහින දකින්නේ ආදරය ගැන මිසක වෙනත් දෙයක් ගැන නොවේ.

සිහින තුලින් යම් චර්යාය ගත හික්මවීමක් සිදුවන බව මනෝ වෙදුන් පවසති එමෙන් බොහෝ මානසික වෙද්‍ය වරුන්ගේ මතය වන්නේ මෙම සිහින නොමැති වෙන්නට මානසික රෝගීන්ගේ දැඩි ඉහල යෑමක් වන්නට ඉඩ තිබූ බවයි. කෙසේ වෙතත් මෙවන් සිහින වලට අද සමහර ගුවන් විදුලි නාලිකා වැරදි අර්ත කථනයන් ලබා දීම අනුමත කල නොහැක මිනිසුන් රවටමින් සිහින පලාඵල යැයි කියමින් මනෝවිද්‍යාව ගැන සසරක් නොදන්නා නිවේදක නිවේදිකාවන් පවා අද සිහන පලාඵල කියති මෙවන් වැඩසටහන් විකට වැඩසටහන් සේ සිතා අසන්නෙ නම් මැනවි.

1 comment :

  1. ඒකනම් සහතික ඇත්ත. සිහින මන්දිර කියල මිනිස්සුන්ගෙ හිත් වල තියන අහින්සක හැගීම් වෙළද ප්‍රචාරයට යොදා ගන්නව. හැබැයි එක දෙයක්... මිනිස්සුන්ගෙ හිත කඩන්නෙ නැහැ ඒ වැඩසටහනේ... දවසක් මාත් ඒ වැඩසටහන කොහේදී ස ඇහුවා මතකයි

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...