පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ පපු ප්‍රදේශය සපා කනවිකෘති මානසික ඇත්තවුන් එතැයි බොහෝ දෙනෙක් බියෙන් පසුවෙති. එසේම කහවත්තේ සිද්ධිය සමඟ හටගැනුනු මෙම තත්වයට ප්‍රධානතම හේතුවවී ඇත්තේ එම සිද්ධිය නිසා මිනිසුන් වෙනදාට වඩා රාත්‍රී කාලයේ අවධානයෙන් සිටීම බව කිව යුතුය ඒ මන්ද යත් අනියම් සම්බන්ධතා මත රාත්‍රී නිවාස වලට පැමිණෙන පුද්ගලයින් (කොටු පනින) අවධානයෙන් සිටින ප්‍රදේශවාසීන් ගේ ඇස ගැටීමයි කෙසේ වුවත් ස්ථාන කිහිපයක එවැනි සැක සහිත සිද්ධින් කිහිපයක්ම වාර්ථා වී ඇති අතර ඊයේ රාත්‍රී අම්පාර ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයේ ද මෙම කටකථා අතරද යම් සම්බන්ධයක් ඇතිබව බොහෝ දෙනෙකු පවසයි එම ඝාතනයට මුහුණ දී ඇත්තේ එම ප්‍රදේශයේම අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි රෑ කාලයේ නින්ජකු යැයි සිතා ප්‍රදේශවාසින් විසින්ම කපා කොටා ඝාතනය කර ඇත.
710 - දිඹුලාගල මතක සටහන් - 5
2 months ago