Ads 468x60px

Tuesday, May 18, 2010

ඔන් ලයින් කවිමඩුව නොහොත් ඔෆිස් කවි

පසුගිය දින කිහිපයකදී ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය මගින් ඉදිරිපත් කරන ලද ඔන්ලයින් කවි මඩුව බොහෝ පිරිසක් අතර ජනප්‍රිය විය එහිදී කවි 4000කට අධික සංඛ්‍යාවක් ලියවී තිබේ.එම කිවි වල ගුණාත්මක බවක් නැතැයි ඇතැමුන් සිතුවත් එම කවි තුලින් ඔවුන් ඔවුන් ලබාගත් තෘප්තිය ඉහලය..මෙම ඔන්ලයින් කවි හුදෙක් ඔෆිස් කවි යැයි හදුන්වා දීමට හැක කාර්යාල සේවකයින් මෙන්ම විවධ ආයතනයන්හී සේවයේ නියුතු පුද්ගලයින් තම මානසික ආතතිය සමනය කරගැනීම සඳහා ඔන්ලයින් පත්තර කියවීම, පින්තූර බැලීම, වීඩියෝ දර්ශන නැරඹීම,බ්ලොග් කියවීම වැනි දේට හුරු වී සිටිති මෙම ඩිජිටල් කවි සංවාද ද ඒ සඳහා කදිම අදහසක් බැව් හැ‍ගෙයි.

එසේම මෙවැනි සජීවී කවි සංවාද මණ්ඩපයක අවශ්‍යතාවය දැනෙමින් පවතින බවද කිවයුතුය. කලාවට බර සිංහල බ්ලොග් කරුවන් වශයෙන් අපගේ අදහස නම් එම පැවැත් වූ කවි මණ්ඩපය ඉදිරියේදී මාසයකට දින කිහිපයක් හෝ විවෘත කර තැබීමට කටයුතු පිළියෙල කරන්නේ නම් අගනේය! යන්නයි. මෙම ඉල්ලීම ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ  සියලුම පාලක වරුන්ටයි....!

4 comments :

  1. i don't konw සිංහලනම් ඕන දෙයක්

    අපිත් එනව කවි කියන්න

    අපි www sriwow info

    ReplyDelete
  2. එකන්ම් එලම එල යොජනාවක්.....ලංකිය සිතුවිලි මෙක කරන්න බැහැ කිඋවොත online උපවාසයක් දක්වා මෙය ගෙනියමු......

    ReplyDelete
  3. ඔබගේ අදහස් දැක්විම හා මේ පිළිබඳව උනන්දු වීම පිළිබඳ ලාංකීය සිතුවිලි ‍බොහෝ සතුටු වෙමු.

    මේ පිළිබඳව පුද්ගිලිකව ඔබ සමග කතා කීරිමට අපි බලාපොරෝත්තු වෙමු

    ReplyDelete
  4. මෙම කවි මඩු‍වෙහි මූලික අරමුණ වූයේ විනෝදය වූ අතර කවියට ලැබැදි බ්ලොග් කරුවන් එක තැනකට ඒකරාශී කරගැනීම ද තවත් අරමුනක් විය. මෙහිදී අප මෙයට සහභාගිවන්නන් ගෙන් කවී කීමට ඇති හැකි යාව හෝ නොහැකියාවන් මැන බැලීමක් නොකල අතර එවැනි අවැසිතාවක්ද නොතිබිණි. එමෙන්ම 50 කට අධික කවීන් ප්රයමාණයක් තර්ක කල නිසාවෙන් ගුණාත්මක කවි යක් ක්ෂණයකින් නිර්මාය කිරීමට අවස්ථාවක්ද නැතිය. එනිසා මෙහිදී වෘත්තීය මට්ටමේ කවීත්වයක් අපට කාගෙන් වත් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඉතා උසස් වෘත්තීය මට්ටමේ කවි ද ලියවුන බවත් කවුරුත් නොහදුනන හිටිවන කවියට ඉතාම දක්ෂ නව කවි පරපුරක් සිටින බවත් එම මඩුවට සහභාගි වූ අයට රහසක් නොවේ යැයි මා සිතමි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...