Ads 468x60px

Thursday, January 5, 2012

තනි දළ ඇතාගේ අභිරහස් මරණය (විසඳුන අභිරහස් -01 කොටස)

එදින පුර තුදුස්වක පොහෝ දිනකි ඈත අහසේ උකුස්සකු පියාසර කරන ආකාරයක් යාන්තමට වගේ දැකගත හැකි විය.පන්සල් වත්තේ ගල්පර්වතයට පහළින් පිහිටි දැවැන්ත නුග රුකේ අත්තක වාඩිවී මූසල හඬින් හඬන උලමෙකි එම හඬ නිසා මුළු පෙදෙසම පාළු වී ගොස් ඇතැයි  සිතුණි..මේ අතර පුංචි අයියා සහ මම පොල්කටු වැව දිහාවට හිමි හිට ගමන් කළේ එරමිණියා ටිකක් ගඩාගන්නා අදහසිනි...පොල්කටු වැව උඩත්තාවේ සුමානයකට පෙර අස්වැන්න කපා අත්හල අක්කර තුනක පමණ කුඩා කුඹුරකි ..අප හිමිහිට ඒ කුඹුර දිහාවට ගමන් කළේය...

එකවරම පිදුරු ගොඩ දිහාවෙන් යම් ශබ්දයක් ඇසෙන්නට විය. දුටුවේ මහා භයානක දසුනකි,ඒ .ප්‍රදේශයේ ඊට මාසයකට පමණ පෙර මිනිසුන් කිහිප දෙනෙකුම මරා දැමූ තනි දළ ඇත්රාජා පිදුරු කකා සිටින අයුරකි දෙනාටම දෙලොව රත්විය කර කියා ගන්නට දෙයක් නැත ආපසු හැරී දුවන්නට පාරද මතක නැත ඇතා දුටු සැනින් පුංචි අයියා බුදු අම්මෝ.... කියා කෑ ගසන්නට විය....එසේ කැ නොගහන්නට අපට ඇතාට නොපෙනීම මාරුවීමටද හැකියාව තිබුණි.. නමුත් සිදුවූයේ විපතකි ඇතා අප සිටිනු දැක හොඬය උස්සා මරහඩ දී අඩි පොළොවෙ ගසමින් වන්නමක් නටන්නට විය.... අපිට දහඩිය දමමින් ගල්ගැසී බලන් සිටිනවා ඇරෙන්නට වෙනත් දෙයක් සිහියට ආවේ නැත...එක වරම ඇතා හොඬයද උස්සාගෙන කට ඇරගෙන අපේ දිහාවට කඩාගෙන පැන්නේය..අපිටද එකවර ආ හයිය කිව නොහැකි තරම්ය ඇතා ඉදිියට එනවා සමඟම පුංචි අයියා අසල තිබූ විශාල ගලක් ගෙන ඇතා දෙසට විසිකලේය පුදුමයකට මෙන් ඒ ගල පතිත වූයේ ඇතාගේ මුඛයේය එය මුඛය තුලින් බඩ තුලට ගියා සේ පෙනිණ...පසුව මම ද ඒ අනුව යමින් තවත් විශාල ගලක් අහුලා ඇතාගේ මුඛය ඉලක්ක කරමින්ම විසි කළේය එහි ඉලක්කයද සාර්ථක විය එයද  කට තුලින් බඩට යන ආකාරයක් දැකගන්නට හැකි විය ඇතාගේ වේගයද කෙමෙන් අඩු වන්නට විය....

වේගය අඩුවනවාත් සමඟම අප දෙදෙනාම දුවගොස් අසල පිහිටි විශාල පලු ගහට නැගගත්තේ ජීවිතයේ ප්‍රථම වතාවට විශාල ගහක් තරණය කිරීමේ අභියෝගයද ජය ගෙනය....දැන් අපට කිසිදු බියක් නොමැත අප ඇතා දිහා බලාගෙන සිටියේය...ඇතා ඔළුව දෙපැත්තට වනමින් බිම පහුරු ගාමින් ඉතා අපහසුතාවයෙන් පෙළෙන්නට විය.ටික වේලාවක් ගත වන විට ඇතාගේ කන් දෙකෙන් දුම් දාන්නට විය අපටද මහත් පුදුමයකි සිදුවන්නට යන දේ සිතා ගත නොහැකි විය..හොඬ වැලෙන්ද දුම් දාන්නට විය..පසුව ඌ විදුලි වේගයෙන් දුම් දමමින් ඇදෙන පරණ දුම්රියක් සේ කැලේ කඩාගෙන දුවන්නට විය...අප ද ටික වෙලාවක් එසේ ගහ උඩම රැදී සිට ඇතා නැවත නොඑතියි සැක හැරගත් පසුව බිමට බැස ගෙදර එන්නට විය.. සිදුවූ දේ කිසිවකු සමඟ නොපැවසීමට අප වග බලා ගත්තේ ගෙදර අයය කලබලයට පත් වෙතැයි සිතූ නිසාය...එදා ඒ මාරකයෙන් බේරුණේ අහම්බෙන් මෙනි.....

ඒ සිදුවීම සිදුවී දෙවැනි දිනයේදී අපට අසන්නට ලැබුණේ අමුතුම ආරංචියකි ඒ තනි දළ ඇතා කැළය තුලම පිලිස්සී මිය ගොස් ඇති බවකි.... අපට මතක් වූයේ දුම් දමමින් සිටි තනි දළ ඇතාය...එසේ දුම් දමන්නටත් මෙලෙස පිලිස්සී මිය යන්නටත් හේතුව අභිරහසක් විය..අපද මේගැන සිතන්නට විය එසේ සිතමින් සිටින විට පුංචි අයියාට ඝණදෙවි නුවණ පහළ විය සිදුව ඇත්තේ වාර දෙකකදී අප විසින් ඇතාට එළ්ලකරන ලද ගල් පහරවල් කට තුලින් බඩට ගොස්, පිදුරු කකා සිටි ඇතාගේ බඩේදී ගල් දෙක එකට වැදී පිදුරුවලට ගිනි ඇවිළි පිලිස්සී මිය යාමයි...පුංචි අයියාට ඒ බව සිහි නොවන්නට අදටත් තනි දළ ඇතාගේ මරණය අභිරහසක් වන්නට තිබුණි.....

1 comment :

අදහස් මොනවද කියල කියලම යන්න...