Wednesday, April 13, 2011
Friday, April 1, 2011
අධි සංවේදී ඡායාරූපයක්!
මව් සෙනෙහෙස/ පිය සෙනෙහස යනු ලොව ඇති උතුම්ම සෙනෙහසයි ඊට සම කළහැකි හෝ නොදෙවනි කිසිත් නොමැත.පහත දැක්වෙන්නේ පහු ගියදා ජපානයේ ඇතිවූ භූමි කම්පාවෙන් පිපතට පත්වූවන් බේරාගනීමේ සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරන අතර තුර ලබාගත් දුර්ලභ ගනයේ ඡායා රූපයකි. තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව!
ප්‍රභේදය-
දුර්ලභ
Thursday, March 31, 2011
මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්!
දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන  හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න....
ප්‍රභේදය-
විනෝදාත්මක
Tuesday, March 29, 2011
Sunday, March 27, 2011
සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි!
හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක  අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් නායක කමට සුදුසුයි කියල යෝජනා කරද්දි ඒ යෝජනාව ස්ව කැමැත්තෙන් අස්කරගන්න තරම් සජිත් තුච්ච වුණේ ඇයි? ඡන්ද කාලෙ මම නායකත්වයට පත්වෙනව , මෙවර යූ ඇන් පී කාරයො අවුරුද්ද කන්නෙ සජිත්ගෙ නායකත්වයෙන්... කියල යටිගිරියෙන් කෑ ගහපු සජිත්ට මොකද වුණේ ??? 
ප්‍රභේදය-
දේශපාලන
Wednesday, March 23, 2011
දුන්න පොරොන්දු ඉටුකරපල්ලා....
දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්‍රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම තරමින් ඔවුන් ගහන මාටියා පාරටවත් හරියන්නට ජනතාවට සේවයක් කරනවානම් දුක නැත. ජනතාවට සේවය කරන්නට එන බව පවසමින් ගැසූ ඒ පොරොන්දු ඉටු කිරීමට දැන් ඔබට කාලය එළඹ ඇත..
ප්‍රභේදය-
දේශපාලන
Tuesday, March 22, 2011
රනිල් වල් බල්ලා වෙයිද?
දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ සිරිකොත මන්දිරයේ ගොන් පොර අල්ලන යූ ඇන් පී පාලන හැතිකරය නායකත්වය වෙනුවෙන් ඔවුන් ඔවුන් ඇන කොටා ගනිති. ලෝකයේ එක දිගටම වැඩිම වාරගනනක් පැරදුන විපක්ෂ නායක රනිල් මහතාද  නායකත්වය වෙනත් කෙනෙකුට දීමට මැලිවන්නේ ඔහු ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයා වන බැවණි... ජනතාවට හොරා මහින්ද රාජපක්ෂමහතාගේ පිටිපස්ස ලෙව කන ඔහුට ඒ වෙනුවෙන් මස්කටු ලැබෙන බවද අහිංසක යූ ඇන් පී කාරයින් දන්නෙ නැත...
ප්‍රභේදය-
දේශපාලන
Monday, February 28, 2011
එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද?
මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන  රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන අයගේ ද චරිතයන් අමු අමුවේම ඝාතනය කර දමන්නේ රජයේ මාධ්‍ය හරියට උගේ යැයි සිතාය අතිගරු ජනාධිපති තුමාගේ සරම පල්ලේ දැවෙටෙමින් කටු කන්නට පුරුදුවී ඇති හෙතෙම විමසුම යක්ෂාවේශය වැනි විකට වැඩසටහන් වලට පිටපත් සපයන්නෙකුද වෙයි විලිලැජ්ජාව ගෑවී හෝ නැති මොහු ආර් ප්‍රේමදාස මහතාගේ ගම්උදාවට බණිමින් දැයට කිරුල හොඳ යැයි පුච්චානාම් කියන්නේ මහජනතාව බබ්බුන් යැයි සිතා විය යුතුය....රටේ විපක්ෂ නායකයා සහ විපක්ෂයේ නායකයින් පිස්සන් යැයි කීමට ඔහු ගන්නා වෙහෙස අපමණය එකම වීඩියෝ පටය නැවත නැවත ප්‍රඡාරය කිරීමෙන්  පොඩි ළමයෙකුට වුවද මොහුගේ මන්ද බුද්ධික කම තේරුම් ගත හැකිය
එවැනි චරිත ලක්ෂණ වලින් හෙබි මෙම කුක්කා විසින් 26 වන දා පැවති ක්‍රිකට් තරඟය පරාජය වූයේ මහේල සහ කිලාන් සමරවීර තරගය පාවාදුන් නිසා බව පවසයි  හැමදාම පොදුපෙරමුණු ආණ්ඩුවක් තියේවී යැයි හිතාගෙන සිටිනවා සේම හැමදාම එකවගේ ලකුණු ගන්නට හැකියයි මෙම කුක්කා සිතා සිටිනවා  විය යුතුය, රජය මොන මල ඉලව්වක් කළද හැමදාම මිනිසුන් ඉවසාවි යැයි සිතා සිටිනවා සේම හැමදාම අපේ ක්‍රිකට් කණ්ඩායම දිනනවා යැයි මොහු සිතා සිටිනවා විය යුතුය....එවැනි මන්ද මානසික හැඟීම් ඇති පුද්ගලයින් මාධ්‍ය ලොක්කන් කලේ කව්ද? අතිගරු ජනාධිපති තුමනි මිනිසුන් ගැවසෙන එළිමහනේ මලපහ කරන මෙවැනි ..පුද්ගලයින් හට මහජන මුදලින් හෝ  වහාම වැසිකිළියක් තනා දිය යුතුව ඇත එසේ නොමැති නම් මොහු විසින් තවදුරටත් ඔබගේ රජමැදුරේ මලපහ කරමින් තව තවත් ගඳ ගස්සවනු ඇත......
පිටපත- මනුස්සකම 
ප්‍රභේදය-
දේශපාලන
Thursday, February 24, 2011
ඉන්ටර්නෙට් එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් මැච් බලන්න....
ඉන්ටර්නෙට් හරහා මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟ බලන එක සාමාන්‍ය දෙයක් ඒ වගේම හිර වෙන්නෙ නැතුව බලන්න පුළුවන් හොඳ ලින්ක් එකක් හොයාගන්න තමයි අමාරුව දස අතේ හොය හොය ඉන්නෙ නැතුව මෙන්න මේ පහළ තියෙන ලින්ක් වලින් බලන්න....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Monday, February 21, 2011
මනුස්සකමට වසරයි!
මනුස්සකම වියණුව ආම්භ කර අදට හරියටම වසරක් වෙනව...මීට වසරකට පෙර ජීවිතය අතින් ගත් අශාන් මල්ලිගෙ අදහසක් අනුව තමයි මම මේ වියණුව ආරම්භ  කළේ මුලින්ම මෙවැනි දෙයක් කිරීමට අදහස දුන් කෙනාට ස්තුතිය පුදකර සිටින එක යුතුකමක් නේ ... ඒ වගේම එදා ඉඳල අදවෙනකම් මනුස්සකම පරිහරණය කල සියලුදෙනාටත් හද පිරි ස්තුය! ඒ වගේම නිතරම අසභ්‍යය වචනයන් භාවිතා කරමින් විවිධ කොමෙන්ටු ඉදිරිපත් කර මට දිරිදුන් ඒ සියලු දෙනාටත් විශේෂයෙන් මාගේ අඩවියේ යාවජීව සාමාජිකයින්ටත් හද පතුලෙන්ම නැගෙන ස්තුය පුදකරමි. එසේම ලාංකීය සිතිවිලි සහ කොත්තු යන සින්ඩි වෙත මාගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටින්නෙමි.
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Subscribe to:
Comments
                                (
                                Atom
                                )
                              













 

 