පහුගිය දා තිස්සමහාරාම යූනියන් ඇෂුවරන්ස් හි සේවයේ නියුතු ජනක මංජුල සහෝදරයගෙන් අලුත් අදහසක් සහිත ඊමේල් එකක් ලැබුණ..හිතා ගන්නත් බැරි දර්ශනයක් තමයි ඒකෙ තිබුණෙ.පුංචි අහිංසක මුව පැටියෙක් සමඟ සෙල්ලම් කරන දරුණු කොටි රංචුවක්..ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලත් මට හිතුණ තිරිසන් සතුන්ට මිනිස් ගුණ පහල වෙලා මිනිසුන්ට තිරිසන් ගති පහළ වෙනව වත්ද කියල මේක බලපු ඕනම කෙනෙක්ට හිතෙනව. සතුරන්ට මිතුරුව ඉන්න තිරිසන් වෙච්ච උන්ට පුළුවන් නම් සතුරන් එක්ක මිතුරු වෙන්න මිනිස්සු වෙච්ච අපිට ඇයි බැරි? බලන්නකෝ ඒ පිංතූර ටික....
Friday, July 2, 2010
Wednesday, June 23, 2010
විදුහල්පතින්-ගුරුවරුන් නොමැතිව ළමයි අයාලේ යයි..
රජයේ සේවකයන් දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි එහෙත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ විදුහල්පති වරුන් වෙනත් පාසල්වලට මාරු කර හැරීම නිසා එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රදේශයින්හී පාසල් ළමුන්ගේ මව්වරුන් සහ පියවරුන්ද කුපිත කරවමින් නොබෝදා අම්පාර නගරයේ නැටූ නාඩගම සිනා උපදවන සුළුය උද්ඝෝශකයෝ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය කරා ගොස් එහිද සටන් පාඨ කියමින් උද්ඝෝශනය කර ඇත.
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Tuesday, June 22, 2010
කුප්පි ලාම්පුවට හෙණ ගහල!
එන්න එන්නම ආණ්ඩුව විසින් අහිංසක අසරණ මිනිසුන් තලා පෙළා දමන්නට පෙළඹී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. නිල්බලකායට සහ ආණ්ඩුව ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කල ධනපතීන්ගේ /කලාකරුවන්ගේ මන දොල සංසිදුවීම පිණිප සුඛෝපබෝගී භාණ්ඩ වල මිල පහත දමන ආණ්ඩුව දුප්පත් මිනිසාගේ මඩිස්සලේ හූරා කති. එසේම කිරිපිටි මිල වැඩි කළා සේම ඉදිරියේදී පාන් පිටි මිල හා සියලුම පිටිවලින් තැනූ කෑම ජාතිවල මිල වැඩි කරන බවක්ද දැනගන්නට ලැබී ඇත....
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
ජංගම දුරකථනයේ හොරා පොලිසියට අල්ලලාම දෙමු!
ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක් ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Monday, June 21, 2010
පුළුවන් නම් කුණුහර්ප 20ක් කියපන්...!
නොබෝදා මා සේවය කරන ස්ථාන අසල මිනිසුන් පිරිසක් කුණුහර්ප කියමින් බැණ ගන්නා ආකාරයක් ඇසී මා ද ඒ දෙසට අවධානය යොමු කළේය . එහී දී මට අසන්ට ලැබුනේ වචන ඉතා සුළු ප්‍රමාණයකි... කුණුහර්ප යනු තම ආවේගයන් පළකිරීම සඳහා තම භාෂාව හා බැලූවිට එහි නිතර නොකියවෙන වචන හා නුහුරු වචන භාවිතා කරමින් තනා ගත් වචන කිහිපයකි. සිංහලයේ පමණක් නොව ඕනෑම භාෂාවක මෙවැනි වචන මාලාවන් ඇත.සමහර මිනිසුන් මේවා ඇසීම දැඩි සේ පිළිකුල් කරති එසේම සමහර මිනිසුන් මෙම වචන භාවිතා කිරීම දැඩි සේ පිළිකුල් කරති තවත් සමහරුන් තම දරුවන්ට මෙවා ඇසීමටවත් ඉඩ නොතබයි මෙම වචන වලට බිය වෙති.
ප්‍රභේදය-
විනෝදාත්මක
Friday, June 18, 2010
නූර්ති ගීත පොදියක් !
අසා රසවිදිය හැකි දුර්ලබ අපූරු නාඩගම් හා නූර්ති ගී පොදියක් මනුස්සකමට ලැබුණා ඉතින් මේ ගීත ටික හැමෝ එක්කම බෙදාගෙන රසවිදින්න ඕන කියල හිතුණ නිසා තමයි මේ විදියට අඩවියේ පළකරන්නෙ නිතර ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අහන්න නොලැබෙන ගීත ටිකක් පහල තියන සබැඳියෙන් අරගෙන අහලම බලන්න කෝ....
ප්‍රභේදය-
රසවින්දන
Thursday, June 17, 2010
මනමාලයා නැති මඟුල් ගෙදර....
අද දින මහා උජාරුවෙන් සමරන ශ්‍රී ලාංකේය විරුදිනය පිළිබඳව යමක් මනුස්සකම වෙනුවෙන් කියන්නට අදහස් කරමි... යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා උර දුන් අතිගරු ජනාධිපති තුමා ඇතුලු දැයේ වීරෝදාර පුද්ගලයින් වැඩිපිරිසක් එකතුවී අද දින මහා උත්සවයකි නමුත් යුධ ජයග්‍රහණයට සෟජුවම උරදුන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර වලටද ගොදුරුවූ ප්‍රධාන චරිතයක් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද සිරකුටියක හිඳ හිතින් මේ දිනය සමරනවා ඇත....අද ඔහුගේ නමක් හෝ ප්‍රකාශ කිරීමක් සිදු නොවේ මෙම සිදුවීම දුටු ඕනෑම කෙනෙක්ට සිහියට නැගෙන්නේ මේක හරියට මනමාලයා නැති මඟුල් ගෙදරක් වැනිය යන්නයි...
ප්‍රභේදය-
දේශපාලන
දෙහිවල තැපැල් කාර්යාලයේ නිලධාරීන් ලියාපදිංචි ලිපියක් ගැන කිව් හැටි....
පහුගිය දිනක මනුස්සකම අඩවියට වගකිවයුතු නිලධාරීන් කිව් අපූරු කථාවක් ගැන අසන්නට ලැබින. ජූනි මස 4 වන සිකුරාද හම්බන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් දෙහිවලට තැපැල් කළ ලියාපදිංචි කරන ලද ලිපිය 19 වන සෙනසුරාදා වන විටත් නොලැබීම හේතුවෙන් මේ පිළිබද හම්බන්තොට තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එදිනම එය දෙහිවල කාර්යාලය වෙත යැවූ බවකි පසුව දෙහිවල කාර්යාලයෙන් ද මේ ලිපිය පිළිබඳ විමසීමක් සිදුකළේය නමුත් එහි දී ඔවුන් කියා සිටියේ එම ලිපිය අස්ථාන ගත වී ඇති බවත් කාර්ය බහුල බැවින් එම ලිපිය සොයාදිය නොහැකි බවත්ය එහිදී එම ලිපිය පිළීබද විමසීමට ගිය පුද්ගලයා ඔවුන්ට කියා ඇත්තේ එය ලියා පදිංචි ලිපියක්ය යන්නයි එහිදී දෙහිවල තැපැලි කාර්යාලයේ නිලධාරින් පවසා ඇත්තේ,
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Tuesday, June 15, 2010
Sunday, June 13, 2010
මෙන්න මේ වෛරස් ගාඩ් එක හොඳයි...(අලුත්ම සංස්කරණය)
Avast කියන වෛරස් ගාර්ඩ් එක මීට කලින් ගොඩක් අය පාවිච්චි කරල ඇති නේ.... හැබැයි මේ Avast වල අලුත්ම සංස්කරණය නම් වැඩිදෙනෙක් භාවිතා කරල නැතුව ඇති ඒකට හේතුව මේකෙ ලියාපදිංචි කරපු එකක් හොයාගන්න බැරි කම ඒත් නොමිලයේ භාවිතා කරන්න පුළුවන් Avast Home Edition එක නම් ගන්න පුළුවන් ඒත් ඉතින් නොමිලේ දෙන ඒවට ගොඩක් අය කැමති නෑ සල්ලි ගෙවල ගන්න තියන ඒවයි හොර කොපි භාවිතයට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඉතින් එහෙම අයට භාවිතා කරන්න Avast Pro 5 සංස්කරණය නම් මම හොයා ගත්ත සල්ලි ගෙවල ගන්නව නම් ඉතින් $39.95 වෙනව ලේසි නෑ... පරිගණකයේ ස්ථාපනය කරල අප්ඩේට් කරලත් බැලුව අව්ලක් නෑ හොඳයි වගේ....කැමති අයට Free Home Edition එක භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහත තියන සබැඳියෙන් ගිහින් Avast Pro 5 එකේ හොර පිටපත ගන්නත් පුළුවන් හොර කිව්වට හොරමත් නෙවෙයි....
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Subscribe to:
Posts
(
Atom
)