Ads 468x60px

Monday, July 5, 2010

ග්‍රීන් ටෙස්ට් (දුම් පරික්ෂාව) නිසා චාටර් කන වාහන කාරයින්...

ඔබත් වාහන හිමියෙක් නම් ඉතින් මම මේ කියන චාටර් එක අනිවාර්යයෙන්ම කාල ඇති කොළඹ ගැන නම් මම දන්නෙ නෑ පිට පළාත් වලනම් වාහන කාරයින් මේ ග්‍රීන් ටෙස්ට් නැත්නම් දුම් පරික්ෂාව නිසා කන්නෙ මාර කට්ටක් ඒකට හේතුව තමයි මෙම දුම් පරික්ෂාව සඳහා පිහිටවන ලද ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථාන ඇත්තේ එක් දිස්ත්‍රික්කයකට (පිට පළාත්) එකක් බැගින් වීමයි. තම වාහනයේ දුම් පරික්ෂාව වෙනුවෙන් කිලෝ මීටර 50කටත් වඩා වැඩි දුරක තම වාහනය පැදවීමට සිදුවෙයි උදාහරණයක් ලෙස තණමල්විල වාහන හිමි කරුවකු අම්බලන්තොට ග්‍රීන් ටෙස්ට් මධ්‍යස්ථානය දක්වා රිය පැදවිය යුතුව ඇත.මෙය සාර්ථක පරිසර හිතකාමි වැඩසටහනක් වුවද මෙමඟින් වාහන හිමි කරුවන් පත්වන්නේ දැඩි අපහසුතාවයකටය. මෙම දුම් පරික්ෂණ මධ්‍යස්ථාන සෑම ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භුමියක් තුල හෝ බද්ධව ඇති කරන්නේ නම් ඉතා යෝග්‍ය බව අපගේ මතයයි. එමඟින් එකම ස්ථානයකින්   දුම් පරික්ෂාවද වාහන බලපත්‍රයද ලබාගත හැකි වනු ඇත.බලධාරීන් මේ පිළීබඳ අවධානය යොමු කරන්නේ නම් මැනවි.රටේ ජනයාගේ පහසුකම් වැඩි දියුණු කිරීම රජය සතු යුතුකමකි!



2 comments :

  1. අමු බොරුවක් මෙතන වෙන්නේ . කිහිප පළකින් ටෙස්ට් කළ විට එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලැබෙන බව නිරීක්ෂණය කළ හැකියි . ආණ්ඩුවෙන් මෙවැනි නීති පණවන්නේ පරිසරයට ඇති ආදරයට නොව, ග්‍රීන් ටෙස්ට් ව්‍යාපාරිකයාට ( වක්‍රව අදාළ ඇමතිවරුනට ) මුදල් ඉපයීමටයි. මින් රටට වන සෙතක් නැහැ . ඔය සහතිකය ගැනීමට රු 500 මිට මෙළවීම ප්‍රමාණවත් . ටෙස්ට් එක කරන සේවක මහතුන්ට කීයක් හරි පිනට දීමට හැකි වීම පමණයි සිද්ධ වන්නේ .

    ReplyDelete
  2. good blog, keep it up

    lets answer those who tarnish Buddhism

    බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...