Ads 468x60px

Wednesday, January 4, 2012

ජයන්තගේ කෙසෙල් අවතාරය......


බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝගහමඩිත්ත- ජයන්තිපුර ග්‍රාමයේ ඉෂාර තරංග ගියේ හාලි ඇල ජාතික පාසලටය එකල පාසලට අලුතින් ක්‍රීඩා උපදේශකයකු පැමිණිමත් සමඟ පාසල තුල ක්‍රිඩාවේ සුළු පිබිදීමක් දක්නට ලැබුණි ඒ ඔහු කරාටේ මාස්ටර් කෙනෙකු වූ බැවිණි කරාටේ ක්‍රීඩාවක් ලෙස පාසලේ පටන් ගන්නවාත් සමඟම කොල්ලන් තම ශරීරය හදාගැනීමට ගත්තේ මහත් වෙහෙසකි ඉෂාරද ඉන් කෙනෙකි... උදේ පාන්දර 4 ට පමණ අවධි වී බෝගහමඩිත්තේ සිට උඩුවර දක්වා (කි.මී 6ක් පමණ) දිවීම ඉෂාරගේ සිරිත විය.



ඉෂාරගේ ගෙවල් අසල මලගෙදරක් වූ බැවිණ් ඉෂාරද පෙරදා රාත්‍රි එහි ගත කළේය ඉෂාර සොහොන් පිට්ටනියට යෑමට තරමක් අදි මදි කළත් මිතුරන් සිටින බැවිණ් එහි යෑමට බියක් දැක්වූයේ නැත වල හාරන තැනටද විත් සිගරටිටුවකද රසය උරමින් සිටි ඉෂාර උදේ දුව්න්නට යන්න තියෙනවා යැයි කියමින් පාන්දර 1 ට පමණ ගෙදර ගියේය..එදින උදේ නැගිටීමට තරමක් ප්‍රමාද විය වෙනදා 4 ට නැගිටින මිනිහා එදා 4.30 ට පමණ නැගිට ලහි ලහියේ මුහුණකට සෝදා බොටමක් සහ ටී ෂර්ට් එකක් දමා ගෙන දුවන්නට පටන් ගත්තේය...කිලෝමීටර කාලක් යනතුරු බොරළු ඇතිරූ පාරක ගමන් කලයුතුය.අඩ අඳුර අතරින් බොරළු පාරේ ඉදිරියට දුවගෙන එන ඉෂාර එකවරම තුශ්නිම් භූත වී නැවතුණේ ඔහු ඉදිරියේ දුටු දසුන නිසාය..බොරළු පාර කෙළවරේ ජයන්ත මුදලාලිගේ කඩේ අසල පන්දමක් අතින් ගත් ඇඟපුරා සුදු රෙද්දක් පොරවා ගත් ඉතා මිටි පුද්ගලයෙකු ක්‍රමයෙන් විශාල මිනිසකකු වනවා ඔහු දුටු දර්ශණයයි එසේම ඒ අසල දැඩි දුමාරයක්ද පැවතියේය ඉෂාර කිසිම දෙයක් කර කියා ගතනොහැකිව ගල් ගැසී විනාඩි කිහිපයක් බලන් සිට එකවරම ආපස්සට හැරී විදුලි වේගයෙන් නිවස කරා දුවන්නට විය... නිවසට දිව් ඉෂාර තම මස්සිනා වන කුමාර අයියාටද මේ හොල්මන පිළිබද සැල කර සිටියේය කුමාර අයියාද ඉෂාරට වඩා බියවුණි...ගෙදර සියලු දෙනාටම ඒ බව පැවසූවත් කිසි කෙනෙකු මෙය ඇත්තක් දැයි බැලීමට යාමට ඉදිරි පත් වූයේ නැත.


කෙසේ හෝ එදින සවස් වන විට ඉෂාරට දැඩි උනක් ද හටගෙන තිබුණි. "දෙහි ඇඹුල්" ලෙස ප්‍රසිද්ධියට පත්වුණ ප්‍රදේශයේ දක්ෂ ඇදුරෙක් විය අවසානයේ ඉෂාරට ඔහුගේ පිහිට පතන්නට විය ඔහු කීවේ ඉෂාරට දිශ්ඨියක් වැටී ඇති බවයි.මේ අකරතැබ්බිය ගම පුරාම පැතිරෙන්නට වැඩිවෙලා ගතවූයේ නැත...ඉෂාරගේ අල්ලපු ගෙදර වජිර අයියා මුලසිටම මේ කථාව විශ්වාස නොකළේය ඔහු මේගැන සෙවීමට සිතා ජයන්ත මුදලාලිගේ කඩේ පැත්තට ගියේය.. මේ සිද්ධිය වජිර අයියා ජයන්ත මුදලාලාටද පැවසුවේය ජයන්ත මුදලාලී එකවරම කොක් හඬනඟා සිනාසෙන්නට විය.. ජයන්ත මුදලාලි වජිර අයියාට මෙසේ පැවසීය " අද උදේ මම දැක්කා ඉෂාරයා දුවගෙන ආව.. එකපාරම නැවතිලා ආපහු දිව්ව" මං හිතුවෙ මොකක් හරි අමතකවෙලා වෙන්න ඇති කියල.. මම උදේ මේ කෙහෙල් කැනට දුම් පෑව හෙට පොළේ ගෙනියන්න ඕන නිසා... වජිර අයියාටද හිනා ගියේ වුණ සිද්ධිය අවබෝධ වීමෙන්ය සිදුව ඇත්තේ ..උදේ පාන්දර ජයන්ත මුදලාලි බෙට් ෂීට් එක පොරවාගෙන ලාම්පුවද දල්වා වල දැමු කෙසෙල් කැනට දුම් පාල නැගිටින කොට පොඩි මිනිහෙක් ලොකු වෙනව වගේ තමයි ඉෂාර දැකල තියෙන්නෙ කෙහෙල් කැනට දාපු දුම නිසා ඒ වෙලාවේ ඒ අසල දුමාරයකුත් පේන්න ඇති... එදා ඉඳන් ඉෂාරට "කෙසෙල් යකා" ලෙස නමක් ද පට බැඳී තිබුණි

2 comments :

අදහස් මොනවද කියල කියලම යන්න...