Ads 468x60px

Monday, January 2, 2012

දයාගෙ සල්ලිවලට දෙකට නැමුණ යූ .ඇන්. පී මංත්‍රී හැත්ත‍‍‍‍‍...

අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් කියනව ප්‍රථිපත්තියක් නැති කරුට වඩා රනිල් හොඳයි කියල ඒත් හොඳයි කියන්නෙ කොහොමද යකෝ බඩ යන්න වගේ පරදිනව නම්......




හරි පිල් මාරු කරපු කරුට වඩා රනිල් හොඳයි කියමු කෝ...සජිත් නම් කොහොම හරි ජාමෙ බේරගත්ත ඒ සජිත්ට ඇත්තටම හැමොම කැමති නිසා වෙන්න ඇති සල්ලි බලයට වත් සජිත් ගෙ නායකත්වයට හකුල් හෙලන්න කට්ටියට බැරි වුණා...එතකොට දයාසිරිට වඩා දයා ගමගේ හොඳයි කියල කවුද කියන්නෙ....? හයියෙන් වචනයක්වත් කථා කරගන්න බැරි කෙනෙක්ට පක්ෂයක් සංවිධානය කරන්න පුළුවන්ද? අම්පාරෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉල්ලලා දිනන්න බැරි ඡන්ද පදනමක් නැති මිනිහෙක්ට ජාතික සංවිධායක ධුරය පැලදවීම සාධාරණද? නිලවරණයට කලින් කෝටි ගනන් මුදල් යූ.ඇන්.පී එකේ බොහොමයක් මංත්‍රීන්ට ලැබුණ කියල තමයි හැමෝම කියන්නෙ..ඒව ඉතින් කාගෙ සල්ලිද කියල දන්නව නේ.. ඒ සල්ලි බලයට නැමුණු මංත්‍රී හැත්ත කවද හරි බලයට පත් වුණොත් මහජන මුදල් පිල්ලි ගහන හැටි හිතා ගන්න පුළුවන් නේ මෙවැනි මුදලට තම හෘද සාක්ෂිය පවා  දෙ එකාලා  ගහල පන්නන්න ඕන මුන්ට ඡන්දය නෙවෙයි දෙන්න වටින්නෙ . මට හිතෙන්නෙ කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවට වඩා කැහි ගෑනි තියාගන්න එක හොඳයි නේද?

No comments :

Post a Comment

අදහස් මොනවද කියල කියලම යන්න...