Ads 468x60px

Thursday, January 12, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං......

පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) සිසුන් හයියෙන් වාතයක් ගියත් වීදි බැස කෑ ගසන යුගයක නිකම්ම නිකන් කුපාඩින්ට ආචාර්ය උපාධීන් පිරි නමද්දි එවුන් වකුටූ වී නිදි වදිති එවිට උපාධිය හෑල්ළුවට පත්වන්නේ නැද්ද?


‍ ලොකයේ අනෙකුත් රටවල මෙන්ම සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ටද  අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ඇත..වසරක උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ගෙන් උසස් අධ්‍යාපනයට වරම් ලැබෙන්නේ අතළොස්සකට පමණි නමුත් ඉන් බොහෝ පිරිසක් උසස් අධ්‍යාපනය ලැබීමට කැමතිය විශ්ව විද්‍යාල වලට තේරී පත්වන එවුන් අත්මාර්ථකාමීව සිතන්නේ තමන් පමණක් උපාධීය ගෙන ලොක්කන් වියයුතු බවත් අනෙක් පිරිස තමන්ගේ යටහත් පහත් සේවකයන් විය යුතු බවත්ය. නමුත් මෙම ක්‍රමය වෙනස් විය යුතු කාලය එළඹ ඇත ලෝකයේ බොහෝරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉතා ජනප්‍රියය ඒවායේ ඕනෑම තරාතිරමක අයට උසස් අධ්‍යාපනය හැදෑරිය හැකිය නමුත් ලංකාවේ මෙතෙක් එවැනි තත්වයක් නැත උසස් අධ්‍යාපනය සීමිත පිරිසකට පමණක් සීමා වී ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි කියන එවුන් පෞද්ගලික උපකාරක පන්ති එපා යැයි කවදා හෝ කියා තිබේද? පෞද්ගලික රෝහල් එපා යැයි කවදා හෝ කියා තිබේද? 

බොහෝ දෙනාගේ තර්කය වී ඇත්තේ මුදල් නැහැමින් තියෙන පිරිසකට පමණක් මෙය පිටුවහලක් වන බවයි නමුත් "හිත ඇත්නම් පත කුඩාද" අවශ්‍යතාවය ඇත්නම් මුදල් ඒ හැටි කජ්ජක් නොවේ "දුප්පතකු ලෙස ඉපදීම ඔබේ වැරැද්දක් නොවේ නමුත් හැමදාම දුප්පතකු ලෙස කල් ගෙවීම ඔබේ අඩුපාඩුවකි".ඕනම පුද්ගලයෙකුට හැකියාවන් ඇත අවශ්‍යවන්නේ ඒ හැකියාවන් හදුනාගෙන දියුණුකර ගැනීම පමණි එසේ නම් ඒ තර්කය පුස්සකි. මුදල් ගෙවා හෝ උසස් අධ්‍යාපනය අහිමි වූ අපේ සිසුන්ට එම සිහිනය සැබෑකර ගන්නට ඉඩ සැලැස්වීමට තිරණය කිරීම පිළිබඳ රජයට හා එස් බී ඇමති තුමාට ස්තුතිවන්ත වෙමු රටේ අධ්‍යාපන මට්ටම ඉහළ යෑම තුලින් රටේ දියුණුවට ද මඟ සැලසෙනු ඇත.

මෙම බිහිකරන්නට යන පෞද්ගලික විශ්ව විද්‍යාල රටේ අහිංසක දුවා දරුවන්ගේ,මහජනතාවගේ  මුදල් කාබාසිනියා කරන තුට්ටු දෙකේ විශ්ව විද්‍යාල නොවේවා එමෙන්ම පූර්ණ විනිවිද භාවයෙන් යුතුව ජාතික ප්‍රථිපත්තියකට අනුව ක්‍රියාත්මක කරන්නට හේතුවාසනා වේවා කියා මනුස්සකම ප්‍රාර්ථනා කරමු.

2 comments :

  1. පේරාදෙණිය උගන්ඩාවටත් පහලින්

    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

    | සුපුන් පෙරේරා


    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය.

    අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

    අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා නිසාද ලංකාවේ විශ්ව විද්‍යාල මෙසේ පහත් මට්ටමකට වැටී තිබේ. දැනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව දරන්නේ අන්තිම ස්ථානයයි. මෙම තත්වය තව වසර කිහිපයක් පැවතුනහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි වල වටිනාකම අන්තර් ජාතික වශයෙන් ක්ෂයවී යනු ඇති බව ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්වා දෙති.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...