Ads 468x60px

Wednesday, April 21, 2010

ගරු ආරක්ෂක ලේකම් තුමනි !

යුධ ජයග්‍රහණයෙන් පසු වසරකට ආසන්න කලක් ගත වූවද තවමත් එම ලබාගත් නිදහසේ ඵලය සම්පූර්ණයෙන්  ජනතාවට ලැබී නොමැත. මා එසේ කීමට හේතුව නම් තැන තැන දමා ඇති පොලිස් මාර්ග බාධක ජනතාවට ඇත්තටම බාධාවක් වන බැවිණි යුද්ධය පැවති දින වලදී නම් එය අපේ ආරක්ෂාවට මහත් රුකුලක් වුනි නමුත් අද අති ගරු ජනාධිපති තුමන් හා ආරක්ෂක අංශයේ සියල්ල එකතුවී ත්‍රස්තවාදය මුලින් උපුටා දමා ඇති මොහොතක මෙසේ මාර්ග බාධක යොදමින් ජනතාවට බාධා කරන්නේ මන්ද? මාතර-අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයකුට පෙර මාර්ග බාධක 12ත්-14ත් අතර ප්‍රමාණයක් පසුකිරීමට සිදුවූ නමුත් තවමත් පොලිස් මාර්ග බාධක 3ත් 5ත් අතර ප්‍රමාණයකදී බසයෙන් බැසීමට සිදුවේ එසේම එම මාර්ග බාධක වලදී සියලුම පුද්ගලයින්ගේ විස්තරද පොතක සටහන් කරගනී  හැදුනුම් පතෙහි ඇති නම,ලිපිනය,හැදුනුම්පත් අංකය සහ තමාගේ ගමන් ආරම්භය සහ ගමනාන්තය ඔවුනට ඉදිරිපත් කළ යුතුය බස්රථය තුල මගීන් 50ක් හෝ ඊට වැඩි ගනනක් සිටින අවස්ථාවක දී අඩුම තරමින් විනාඩි 30ක් හෝ ඊට වැඩි වෙලාවක් පෝලිමේ සිටීමට සිදුවේ.


පසුගිය වකවානුවේදී දිගට හරහට බඳවාගත් සිවිල් ආරක්ෂක භටයින් මේ සදහා යොදවා ඇත.මෙම සිවිල් ආරක්ෂක බලකායේ භටයින් ගේ අවශ්‍යතාවක් දැනට පවතීද? සියලුම පොලිස් ස්ථාන වලට මෙම භටපිරිස් අනියුක්තව සේවය කරති.කෙසේ වෙතත් මෙම භට පිරිස් ඵලදායී සේවාවක් සඳහා යොමු කිරීම රජය සතු වගකීමකි ගමන් බිමන් යන මහජනතාවගේ නිදහස තවදුරත් මෙසේ සීමා නොකර මොවුන් වරාය , ඝුවන් තොටුපළ ආදීය ගොඩ නැගෙන ස්ථාන හා රජයේ වෙනත් ස්ථාන වෙත අනියුක්ත කොට ඔවුන්ගෙන් නිසි ඵල ගැනීමට රජය කටයුතු කළයුතුය.

එමෙන්ම සමහර ස්ථාන වලදී මෙම සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සාමාන්‍ය පොලිස් කොස්ථාපල් වරුන් වහන බලපත්‍ර පවා පරික්ෂා කර දඩකොල ද ඉදිරිපත් කරයි නැත හොත් උසාවි දැමීමට කටයුතු කරයි මෙසේ සිදුකිරීමට මොවුනට බලයක් තිබේද? මා දන්නා තරමින් රථවාහන පොලිසියේ නිලධාරි මහතකු නොමැති නම් වාහන බලපත් පරික්ෂා කිරීමට නීතියෙන් අවසරයක් නැත (අනතුරකදි හැර) එමෙන්ම මාර්ගබාධකයකදී වාහන බලපත්‍ර පරික්ෂා කල හැකිද? එසේ වාහන බලපත්‍ර පරික්ෂා කරනවා නම් එම මාර්ග බාධකයේ අනිවාර්යයෙන් රථවාහන පොලිසියේ නිලධාරියෙක් සිටිය යුතුය (මා දන්නා තරමින්) .මෙයත් ජනතාවගේ නිදහස සීමා කරන එක් අවස්ථාවකි.

කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ යුධ ජයග්‍රහණයෙන් වසරක් ගියපසු හෝ ජනතාවට එම නිදහස පූර්ණ වශයෙන් භුක්ති විදීමට ඉඩ දීම සඳහා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කිරීමයි.ඉහත කී කාරණා සහ තවත් බොහෝ කාරණා දෙස අවධානය යොමුකර ජනතාවගේ නිදහස පූර්ණ නිදහසක් කිරීමට කටයුතු කරන මෙන් මනුස්සකම අඩවිය ඉල්ලා සිටිමු.

ගරු ආරක්ෂක ලේකම් තුමනි මේ ඔබේ අවධානය පිණිසයි!  

1 comment :

  1. මචන් මම හිතන්නේ මේක පොලිසියේ වැරැද්දක් නෙමේ අපේ වැරැද්දක් මොකෝ අපි මේ දේවල් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරන්නේ නැනේ.මොකෝ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේනේ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...