Ads 468x60px

Sunday, April 4, 2010

පාට කොළේ නිකං කොළේ......

අලුත් අවුරුදු කාලෙත් දන්නෙම නැතුව කිට්ටු වෙලා හැබැයි ඉතින් ඉස්සර වගේ විනෝදයක් නම් නෑ ඉස්සර නම් ඉතින් අපිට අවුරුදු වගේ.හරි කොහොම වුණත් මේ අවුරුදු කාලෙට වටේම ඉන්න පොඩි එවුන් ටිකයි අක්කල නංගිලා ටිකයි එකතු කරගෙන සෙල්ලං දාන එක කොල්ලන්ගෙ විනෝදාංශය නේ..මම කියන්න හදන්නෙ මේ කාලෙට කරන්න හොඳ සෙල්ලමක් ගැන කාඩ් කුට්ටමෙන් කරන සෙල්ලමක් මේවත් ඉතින් මැජික් තමයි.

මුලින්ම කියන්න ඕන පාට කොළේ කියන්නෙ හේර,පොරව,බූරුව ආ එහෙම කිව්වට සමහරු දන්නෙ නෑ නේ රජතුමා,බිසව,ඇමතියා ගේ රූප, අනිත් ඒව නිකං කොළ එහෙනම් වැඩේ පටන් ගමු මේක තනියම කරන්න බෑ තව කෙනෙක් සෙට් කරගන්න ඕන හැබැයි විශ්වාස වන්ත කොනෙක් එයාට කියන්න ඕන පාට කොළයක් එන කොට පොඩි සංඥාවක් දෙන්න කියල කාටවත් පේන්න සංඥාවක් දැම්මොත් වැඩේ අහුවෙන නිසා පාට කොළයක් එනකොට හිමිහිට කකුල පාගන්න කියන්න දැන් කාඩ් කූට්ටම අරගෙන රෑප සහ අංක සහිත ‍පැත්ත අනිත් අයට පේන්න තියා ගන්න එතකොට අපිට ඒක පාට කොළයක්ද නිකන් කොළයක්ද කියල පේන්නෙ නෑ හැබැයි අපේ බඩියට පේනව...‍ෂෝ එකටත් එක්ක ‍ඇස් දෙකත් පියා ගන්න දැන් කියන්න පටන් ගන්න පාට කොළේ, නිකං කොළේ, පාට කොළේ නිකං කොළේ කියල හැබැයි ඉතින් නිකං කොළයකටත් අනිත් එකා කකුල පෑගුවොත් ඔන්න අපි නෑ...

1 comment :

  1. කොලේ වහල ගැහිල්ල තවත් පුරුදු කරපං නියමයි.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...