Ads 468x60px

Friday, April 9, 2010

අමනුස්සයින් බ්ලොග් එකේ යකා නටල

දවස් දෙකක විවේකයක් ගන්න ගිහින් වුණ හරියක්! මගේ බ්ලොග් එකේ අශීලාචාර ලෙස පහත් වචන භාවිතා කරමින් අදහස් දාල තිබුණ එක එක විකාර නම් වලින් කොහොම වුණත් සිංහල බ්ලොග් කියවනයෙන් මගේ බ්ලොග් එක පටස් ඉවත් කිරීමක් කරල තිබුණ ඉවත් කරල තමයි ඊ මේල් එක දාල තිබුණෙ හැබැයි පෙර දැනුම් දීමකින් තොරව කමක් නෑ මොනව උනත් එයාල සම්පූර්ණ වැරදියි කියල අඟිල්ල දික් කරන්න තරම් කුහකයෙක් නෙවෙයි මම තවම "ලාංකීය සිතුවිලි" එකේ ඉන්නව නේ කොහොමත් ඉතින් වැඩිදෙනෙක් බලන්නෙ මේක නේ ආ කොත්තු එකෙත් තවම ඉන්නව මොනව වුනත් ඉතින් මගෙත් වැරද්දක් තියනව එහෙම නිවාඩුවකට බැහැරව යනවනම් නැත්නම් බ්ලොග් එක ගැන බලන්න වෙන්නෙ නැත්නම් Comments disable කරල යනඑක තමා හොඳ...මොන සින්ඩියේ මලේ බ්ලොග් එක නැති වුනත් මම බ්ලොග් එක ලියනව මොකද අඩුම ගානෙ 25 දෙනෙක් වත් මේක බලනව නේ ඒ ඇති මගේ අඩවියේ දැනට තත්වය-

 566,300
Alexa Traffic Rank 
Sri Lanka Flag 548
Traffic Rank in LK 
Sites Linking In 

6 comments :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Why dont you re-apply to SBU.

    When you go on leave - no need to disable comments, just make them appear only after being moderated by you.

    ReplyDelete
  3. SBU එක ගත්ත මේ කීරනයට නම් මමත් විරුද්ධයි.
    බ්ලොග් ඔහේ එහේ මෙහේ විසික් කරන්නේ නැතුව පොඩ්ඩක් බ්ලොග් අයිතිකාරයගේ පැත්තෙනුත් හිතන්න ඔන. මෙෙහම වෙන එක SBU එකට එච්චර හොන්ද නෑ

    ReplyDelete
  4. බය වෙන්න , දුක් වෙන්න දෙයක් නැහැ.. සිංහල සින්ඩියෙත් ඉන්නෙ අපෙ මිනිස්සු ටිකක්.. ආපහු ඔයගෙ බ්ලොග් එක ගනි..දාන්න .. ඔයා කියලා කරගත්ත දෙයක් නෙමෙ නෙ... ආෂාන් ගෙ සයිට් එකෙ තිබිලා දැකලා ආවෙ...

    ReplyDelete
  5. රවා said...

    අන්න මචන් උන්ටත් ඕන ඒක තමයි අනේ මගේ එක දාපන් කිය කිය උන්ගෙන් පින්සින්ඩු වෙන තත්වයට අපිව පත් කරණ්න තමයි උන් මේ වගේ වැඩ කරන්නේ ..

    මට ඕන නෑ උන්ගෙ සින්ඩි බලන තරමක් බලපු දෙන්....

    ස්තුතියි රවා උනන්දුවීම ගැන මම පණ්ඩිතයි කායල හිතන්න එපා

    ReplyDelete
  6. තිසර,

    බ්ලොග් වල ඇනොනිමස්ලා යකා නැටීම ඔබට පමණක් වුණු කරදරයක් නොවෙයි. මගේ බ්ලොග් අඩවියේත් විවිධ තැන් වල This comment has been removed by a blog administrator. කියා කමෙන්ට් මකා ඉවත් කළ සලකුණු තියෙන්නේ ඔය යකා නටපුවම තමයි. එපමණක් නොවෙයි, සිංහල බ්ලොග් අවකාශයේ මම හොඳින් හඳුනන, ඉතා කෙටි කලකින් ජනප්‍රිය වුණු බ්ලොග්කාරියන් දෙදෙනෙක්ම මීට කලකට ඉහතදී ඔය කරදරයට මුහුණදුන්නා. (ඒ දෙදෙනාම ඔබට වඩා බෙහෙවින් ලාබාල බවත් කිව යුතුයි)

    සිංහල බ්ලොග් කියවනයෙන් විසන්ධි කළේ තාවකාලිකව. මීට කලකට පෙර අමුතුම ආකාරයේ hijack කිරීමේ අකරතැබ්බයකට පත් වුණු 'වචන ටැක්සි' බ්ලොග් එකත් දැනුම්දීමකින් තොරව සින්ඩියෙන් ඉවත් කරලා යථා තත්වයට පත් කළ ගමන් සින්ඩියට නැවත එකතු කළා. ඉතින්, අසැබි අපහාස ප්‍රතිචාර ඉවත් කළ බවට දැනුම්දීමක් ඔබේ ඊමේල් ලිපිනයෙන් admin@sinhalabloggers.com වෙත යැවීම නිවටකමක්වත් පජාත වීමක්වත් කියා අපි හිතන්නේ නැහැ. එයින් ඔබේ නිහතමානීකම පෙන්නුම් කරනු ඇති.

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...