Ads 468x60px

Saturday, April 10, 2010

"බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"

කවුද කැමති හැමදාම පරදින්න කවුද හැමදාම පරදින්නෙ වෙන කවුද ඉතින් යූ ඇන් පී කාරයො මිසක් අතීතයේදි තම තමන් මහන්සියෙන් ගොඩනඟපු පක්ෂය අද අන්ත විදියට පරාද වෙන කොට පැරණි පාක්ෂිකයින් අසරණව සුසුම් හෙළනව මේ සැරෙත් පැරදියි කියල.දවසක් වයස්ගත පුද්ගලයෙක් කියනව ජීවත්ව ඉන්නකම් අපිට යූ.ඇන්.පී ආණ්ඩුවක් දැක ගන්න ලැබෙන්නෙ නෑ කියල මටත් ටිකක් දුක හිතුණ.මේවට වගකියන්න ඕන පක්ෂයේ නායකයා ගරු රනිල් වික්‍රමසිංහ හැමදාම විපක්ෂ නායක තුමා ....මට මෙන්න මේවිදියෙ දෙයක් මතක් වෙනව "බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ"' මේ තරම් පරාද වෙලත් පක්ෂයේ සියලුදෙනාගෙන් සමාව ඉල්ලලා පක්ෂනායක කමින් ඉවත් වෙන්න සදාචාරයක් නැති නායකයෙක්...දේශපාලන පරිනත භාවය පමණක් තිබූ පමනින් රටක් දිනවන්න බෑ ඒකට ආකර්ෂණයක් තියෙන්න ඕන මෙතුමාගේ ඒ ආකර්ශණය ඇත්තෙම නෑ අඩුම ගානෙ විමල් වීරවංශට වැඩියවත් මනාප ගන්න එතුමාට අද නොහැකි වෙලා තියනව පක්ෂ නායකයට පක්ෂයේ සමහරුන්ගෙ මනාපෙවත් නැහැ.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි දැන් කළ යුත්තේ පක්ෂය අනාගත පරපුරට භාරදී උපදේශකයෙකු ලෙස තම ඉදිරි දේශපාලන ගමන යෑමයි. ගොනා මහළු වූ විට කරත්තය අදින්න බැරිලූ එහෙත් මහළු ගොන්නුන් තරණ ගොන්නුන්ටත් වඩා හොඳට කරත්ත අඳින බවද අප දනිමි නමුත් දැන් ඔබේ ශක්තිය හීනවී ගොස් ඇත දැන් ඔබට විවේකයක් අවශ්‍යබව සිතේ.

සජිත් ප්‍රේමදාස වැනි තරුණ නායකයින්ට පක්ෂය භාරදීම සුදුසු යැයි සිතේ එමෙන් රුවන් විජයවර්ධන වැනි ජවසම්පන්න තරුණ නායකයින්ට පක්ෂය භාරදිය යුතුබව හැ‍ෙඟේ උපේක්ෂෘ ස්වර්ණමාලි (පබා) ට තරම්වත් මිනිසුන් කැමති නැති තලගොයිදේශපාලන ගෙනයන කරු ජයසූරිය වැනි මහතුන්ට පක්ෂයේ නියෝජ්‍ය නායකකම් තියා කාරක සභික තනතුරුවත් දීම නුසුදුසුය එ.ජා.ප ය විනාශකලේ කරු ජයසූරිය මැතිඳුන් නොවෙද? හම්පඩ දේශපාලුවන් ඉවත් කර තරුණජවයට ඉඩදෙන්න.ලබන මැතිවරණයෙන්වත් ජයක් ලබන්නට ...මගේ අදහසට අනුව පහත පරිදි තනතුරු බෙදිය යුතුයි.


පක්ෂ නායක- සජිත් ප්‍රේමදාස
මහලේකම්- බුද්ධීක පතිරණ
නියෝජ්‍ය නායක- රුවන් විජයවර්ධන
ජාතික සංවිධායක- දයාසිරි ජයසේකර
මාධ්‍ය ප්‍රකාශකයින්- මනූෂ නානායක්කාර/සුජීව සේනසිංහ

දිස්ත්‍රික් මට්ටමින් ද නායකයන් පත්කළයුතුයි

9 comments :

  1. එකගයි.... ඒත් මම හිතන්නේ පක්ෂයක නායකයා වීමට නැතහොත් රටේ නායක කම ඉල්ලීමට පරිනත භාවය අවශ්‍යමයි. රැවන් විජේවර්ධන වගේ හොද සමාගම් පාලකයකුට දේශපාලනය ගැන පරිනත නොවී රටක් භාර කල හැකි ද?

    මම හිතන්නේ පක්ෂ තනතුරැ මෙසේ විය යුතුය.

    පක්ෂ නායක- සජිත් ප්‍රේමදාස(සියයට සියයක් එකගයි)
    මහලේකම්- තිස්ස අත්තනායක හෝ පැරදුන වජිර අබේවර්ධන
    නියෝජ්‍ය නායක- රවී කරැනානායක
    ජාතික සංවිධායක- අකිල විරාජ් කාරියවසම්
    මාධ්‍ය ප්‍රකාශකයින්- බුද්දික පතිරන හො දයාසිර ජයසේකර

    ReplyDelete
  2. ඇත්තටම මේ කතාවට මාත් 100%ක් එකගයි!මෙහෙම උනොත් අපිට අනිව ආණ්ඩුවක් හැදුවහැකි...ගැලපීමනම් එලකිරි!

    ReplyDelete
  3. vimasuma said...
    එකගයි.... ඒත් මම හිතන්නේ පක්ෂයක නායකයා වීමට නැතහොත් රටේ නායක කම ඉල්ලීමට පරිනත භාවය අවශ්‍යමයි. රැවන් විජේවර්ධන වගේ හොද සමාගම් පාලකයකුට දේශපාලනය ගැන පරිනත නොවී රටක් භාර කල හැකි ද?/

    මම හිතන්නෙ පරිනත භාවයට වඩා මිනිස්සුන්ගෙ හද ගැස්මයි අදුනගන්න ඕන එහෙම කෙනාට පාලනයක් කරන්න පුළුවන් කොහොමත් රැවන් විජයවර්ධන උප නායක කමකට තමයි හොඳ මොකද ඔහුත් දේශපාලන පවුල් පසුබිමක් තියන කෙනෙක් ඔහුට ජනතාවගේ පුසාදය තියනව

    vimasuma said...
    /මම හිතන්නේ පක්ෂ තනතුරැ මෙසේ විය යුතුය.

    පක්ෂ නායක- සජිත් ප්‍රේමදාස(සියයට සියයක් එකගයි)
    මහලේකම්- තිස්ස අත්තනායක හෝ පැරදුන වජිර අබේවර්ධන
    නියෝජ්‍ය නායක- රවී කරැනානායක
    ජාතික සංවිධායක- අකිල විරාජ් කාරියවසම්
    මාධ්‍ය ප්‍රකාශකයින්- බුද්දික පතිරන හො දයාසිර ජයසේකර/

    මහලේකම් තිස්සඅත්තනායක හරි නෑ පන මදි ජවය මදි ඒකට ඕන "යකෝ" කියල බය නැතුව කතාකරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.පැරදුන අයට අපහු යු එන් පී තනතුරු බෑ ඕනනම් දිනල වැරෙන් කියන එකයි මගේ අදහස
    /ජාතික සංවිධායක- අකිල විරාජ් කාරියවසම්/
    හරියන්නෙ නෑ ලාමක වැඩියි දයාසිරි තමයි හොඳම කෙනා

    ReplyDelete
  4. මූලිකව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න ඕනේ කියන මතේ තමයි මාත් ඉන්නේ.

    ඒ වගේම පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස වැනි තරුණ නායකයෙක්ව පත්කළ යුතුයි.

    ReplyDelete
  5. සජිත්+දයාසිරි=epic win

    ReplyDelete
  6. UNP එක පරාද වුන එකට නම් දුකයි. නමුත් මම දිනයි කියලා හිතපු ගොඩක් අය දිනුම්. ඒ දිනපු අය බහුතරයක් හොද වැදගත් අය. තවද හොද තරුණ පෙලක් බිහි වි ඇත.
    දායාසිරි
    සුජීව
    රුවන්
    බුද්ධික
    ගයන්ත
    මනුෂ
    සජිත් වගේ අය මේ කට්ටියට යම් දවසක ජවසම්පන්නව ඉදිරියට යන්න පුලුවන් කට්ටියක් නේද? අනික මේ අය මැතිවරණය කලේ ඉතා අඩු වියදමකින් හා අඩු පොස්ටර් ගණනකින්.
    PA එකේ මෙවගේ තරුණ අය ඉන්නවද?
    ඉන්නේ දුමින්ද සිල්වා, දුමින්ද දිසනයාක වගේ අයනේ.
    දවසක් එවි අපටත්?

    ReplyDelete
  7. පක්ෂ නායක- සජිත් ප්‍රේමදාස
    මහලේකම්- බුද්ධීක පතිරණ
    නියෝජ්‍ය නායක- රුවන් විජයවර්ධන
    ජාතික සංවිධායක- දයාසිරි ජයසේකර
    මාධ්‍ය ප්‍රකාශකයින්- මනූෂ නානායක්කාර/සුජීව සේනසිංහ

    niyamayi

    ReplyDelete
  8. පක්ෂ නායක- සජිත් ප්‍රේමදාස
    මහලේකම්- බුද්ධීක පතිරණ
    නියෝජ්‍ය නායක- රුවන් විජයවර්ධන
    ජාතික සංවිධායක- දයාසිරි ජයසේකර
    මාධ්‍ය ප්‍රකාශකයින්- මනූෂ නානායක්කාර/සුජීව සේනසිංහ

    me galapeema nam niyamayi,100% ekaga wanawa

    ReplyDelete
  9. රනිල් වගේ හොද නායකයෙක් ගෙන් වැඩ ගන්න මෙ මිනිස්සු දන්නේ නැ.... එකයි වැඩේ..

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...