Ads 468x60px

Showing posts with label තොරතුරු තාක්ෂණ. Show all posts
Showing posts with label තොරතුරු තාක්ෂණ. Show all posts

Saturday, July 10, 2010

නොමිලයේ Download කරන්නෙ කොහොමද? (අන්තර්ජාල ආධුනිකයින් සඳහා පමණයි)

මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ.

Sunday, July 4, 2010

Format Factory (Free Media Converter)

Format Factory නැමැති මෘදුකාංගය සම්පූර්ණ නොමිලයේ ලබාදෙන ගොඩක් අයට ප්‍රයෝජනවත්  Media Converter එකක් . Media Converter එකක් කියල කියන්නෙ අපට මෙමඟින් පුළුවන් ඕනෑම Video/Audio/Pictures File වල Format එක වෙනස් කර ගන්න උදාහරණයක් විදියට MPG එකක් 3GP විදියට වෙනස් කරගන්න.... මේ ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ මොකද අද කාලෙ වැඩි දෙනෙක් මේ දේවල් ගැන දන්න නිසා..මේ වැඩසටහන පාවිච්චි කරල බලන්න මම හිතන්නෙ වැඩකරගන්නත් හරි ලේසියි..

පහත සඳහන් සබැඳියන් තුලින් විස්තර ලබාගත හැක

Tuesday, June 22, 2010

ජංගම දුරකථනයේ හොරා පොලිසියට අල්ලලාම දෙමු!

ඔබේ ජංගම දුරකථනය සොරා ගතහොත් එය අපටම සොයාගත හැකි විදියක් ගැනයි අද මම කියන්න හදන්නෙ පොලිසි ගියොත් කියන්නෙ හොරා අල්ලන් එන්න කියල නේ ඔන්න පොලිසියටත් හොරාත් අල්ලා දෙන්න මේක නියම ක්‍රමයක්  ! හැබැයි දැනටමත් බොහෝ දෙනෙක් මේක පාවාච්චි කරනවාත් ඇති....ප්‍රතිඵල සිකුරුයි! හැබැයි ගැටලුව නම් මේක Sony Ericsson දුරකථන වලට විතරයි බාවිතා කරන්න පුළුවන් .බලන්න ඔබේ දුරකථනයත් පහත සඳහන් ඒවායින් එකක් ද කියල...

Sunday, June 13, 2010

මෙන්න මේ වෛරස් ගාඩ් එක හොඳයි...(අලුත්ම සංස්කරණය)

Avast කියන වෛරස් ගාර්ඩ් එක මීට කලින් ගොඩක් අය පාවිච්චි කරල ඇති නේ.... හැබැයි මේ Avast වල අලුත්ම සංස්කරණය නම් වැඩිදෙනෙක් භාවිතා කරල නැතුව ඇති ඒකට හේතුව මේකෙ ලියාපදිංචි කරපු එකක් හොයාගන්න බැරි කම ඒත් නොමිලයේ භාවිතා කරන්න පුළුවන් Avast Home Edition එක නම් ගන්න පුළුවන් ඒත් ඉතින් නොමිලේ දෙන ඒවට ගොඩක් අය කැමති නෑ සල්ලි ගෙවල ගන්න තියන ඒවයි හොර කොපි භාවිතයට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඉතින් එහෙම අයට භාවිතා කරන්න Avast Pro 5 සංස්කරණය නම් මම හොයා ගත්ත සල්ලි ගෙවල ගන්නව නම් ඉතින් $39.95 වෙනව ලේසි නෑ... පරිගණකයේ ස්ථාපනය කරල අප්ඩේට් කරලත් බැලුව අව්ලක් නෑ හොඳයි වගේ....කැමති අයට Free Home Edition එක භාවිතා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පහත තියන සබැඳියෙන් ගිහින්  Avast Pro 5 එකේ හොර පිටපත ගන්නත් පුළුවන් හොර කිව්වට හොරමත් නෙවෙයි.... 

Saturday, June 12, 2010

අන්තර්ජාල කුණාටුව.....

අන්තර්ජාලයේ වේගවත්ව සැරිසරන්න කවුද අකමැති? ඒත්....ඉතින් අපි හිතන වේගය, අපි බලාපොරොත්තු වන වේගය සාමාන්‍ය සම්බන්ධතාවක නැහැනේ ඉතින් තියන අන්තර්ජාල වේගය දශමයකින් හරි වැඩි කරගන්න තියනවනම් ඒකට කවුරුත් කැමතියි.ඉතින් මටත් හම්බවුණා ඒ වගේ අන්තර්ජාලයේ වේගය තරමක් හෝ වැඩි කරගන්න පුළුවන් වැඩසටහනක් නම නම් දාලා තියෙන්නෙ "අන්තර්ජාල කුණාටුව" (Internet Cyclone) කියල. මේකෙ කියල තියෙන්නෙ නම් සියට දෙසියයක් වේගය වැඩි වෙනව කියල ඒවා මේවා කොහොම වුණත් සියයට දශම පහක් වත් මේකෙන් වැඩිවෙනව නම් හොඳයි පාවිච්චි කරල බලමු හරි නැත්තම් කරන්න ඕන දේ දන්නව නේ (හැබැයි මට බනින්නෙ නැතිව).



Thursday, June 3, 2010

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අලුත් ක්‍රමයක්!

අන්තර්ජාලයෙන් මුදල් හොයන නව ක්‍රම සොයන සැමට මෙන්න තවත් ක්‍රමයක් මෙහි සාර්ථකත්වය කෙබඳුදැයි කීමට තවමත් නොහැක මෙය තවමත් ප්‍රායෝගිකව අත්හදා බලා නොමැති අතර මේ පිළිබඳ කිසිදු වගකීමක් මෙම අඩවිය මඟින් නොගන්නා බවද කිව යුතුය මෙය සාර්ථක දැයි අත්හදා බැලීම ඔබ  සතු කාර්යයකි.යම් දෙයක් දැනගත් සැනින් සියල්ල සමඟ එය බෙදා හදා ගැනීම මනුස්සකම බැවිණ් මෙවැනි දේ පිළිබඳ හෙලි කිරීමට අප අපේක්ෂා කරන්නෙමු.පහත ඇති සබැඳියෙන් එබට වැඩි විස්තර දැන ගැනීමට හැකියාව ඇත.මෙහි සත්‍යතාවක් නොමැති නම් නොපමාව දැනගත යුත්තන්ගේ දැන ගැනීම පිණිස මෙම පුවතට ඔබගේ ඒ වටිනා අදහස් එකතු කරන මෙන්ද ඉල්ලා සිටිමි.



Saturday, April 24, 2010

ඔක්කොම එකට...All in One..! (ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා)

මෙන්න ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අපූරු වැඩසටහනක්..!!!! සුප්‍රසිද්ධ වැඩසටහන් වන Skype, MSN Messenger, Google Talk, AIM, ICQ® , Facebook , Twitter  යන සියල්ල එකම වැඩසටහනක් හරහා සම්බන්ද කිරීමට මෙම වැඩසටහන සමත්. අපේ ජංගම දුරකථනයට වෙන වෙනම මේ වැඩසටහන් දාන්න අවශ්‍ය නෑ දැන් මිනි ෆ්රින්ග් (Mini Fring) තියන නිසා.....කරන්න තියෙන්නෙ MiniFring  අඩවියට ගිහින් එහි ඇති Download යන අවස්ථාව තෝරලා තමන්ගෙ රට,දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය එහි ඇතුලත් කරල Free Download කියන බොත්තම ක්‍රියාත්මක කිරීමයි....(පහත පෙනෙන පරිදි)

ඉන්පසු තමාගේ දුරකථනයට එන කෙටිපණිවිඩයේ ඇති සබැඳිය ඔස්සේ ජංගම දුරකථනයේ එම වැඩසටහන ස්ථාපනය කරගන්න පුළුවන් ඊටපස්සෙ ඉතින් රහස් පදයක් දීල ඇතුල්වෙලා ස්කයිප් නම් එහෙමයි ෆේස් බුක් නම් හහෙමයි අවශ්‍ය වැඩසටහන තෝරලා ඇතුල්වෙන්නයි තියෙන්නෙ දැන් ඉතින් දවසෙම චැට්.....

වැඩිවිස්තර සඳහා ෆ්රින්ග් අඩවියට යන්න- http://www.fring.com/fring_is/what_is_fring/

Monday, March 22, 2010

ඇතුල්වීම තහනම්......(Access is Denied)

windows XP වල අපිට යම් කිසි Folder එකක් හෝ හාර්ඩ්ඩිස්ක් එකෙහි කොටසක්‍( Hard disk Partition ) හෝ ඇතුල්වීම තහනම් කිරීමට හැකියාව ඇත, එ‍සේ තහනම් කල පසු ප්‍රධාන ගිණුමෙන් හැර අනෙකුත් ගිණුම් තුලින් එම තහනම ඉවත් කිරීමට අපහසුය (පරිගණක ගැන දැනුම වැඩිවශයෙන් ඇති අයට එම තහනම ඉවත් කිරීම සිම්පල්ය) මෙසේ තහනම් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එකවර යම් පුද්ගලයෙකුට එම ලේඛණය විවෘත කිරීමට නොහැකි වන සේ සකස් කිරීමයි කුඩා ළමුන්ගෙන් සහ පරිගණකය පාවිච්චි කිරීම පිළිබඳ නිසි දැනුමක් නැති පුද්ගලයන් අතින් තම ලේඛණයන් විනාශ වීම බොහෝදුරට වලක්වා ගත හැක.

Saturday, March 13, 2010

දුවමු...

තොරතුරු තාක්ෂණයට ඇලුම්කරන අයට මෙන්න තවත් අපෙන් පුංචි අත්වැලක් මම ඔබට දෙන්න හදන්නෙ පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදි පහසුවෙන් වැඩකල හැකි Run විධාන අවස්ථාවෙහි එන විධානයන් කිහිපයක්. මෙම විධානයන් භාවිතයෙන් අපිට පහසුවෙන් පරිගණකය ක්‍රියාත්මක කර ගන්න පුළුවන් උදාහරණයක් ලෙස Character Map එක ලබාගැනීමට  Key Board එකේ Windows යතුර සමඟ R අකුර Press කර එහි charmap වශයෙන් Type කර OK අවස්ථාව හෝ යතුරුපුවරුවේ Enter Key අවස්ථාව භාවිතය මගින් පහසුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම දැක්විය හැක. 



Tuesday, March 9, 2010

කොම්පියුටර් ජිල්මාට් (2 ‍වන වෙළුම)

ඔන්න අද මම කියන්න හදන්නෙ විස්ටා වලින් ජිල්මාට් දාන හැටි විස්ටා නම් දැන් බාවිතා කරන්නෙ නති තරම් කමක් නෑ මම දෙන්නම් ‍කලින් වගේ පුංචි අත් පොතක් විස්ටා Tips තියෙන මේකෙ තියනව විස්ටා වලින් වැඩ දාන හැටි කියවලා බැලූවම තේරෙයි (ඉංග්‍රිසි දන්නවනම් ).විස්ටා වල මුලු පැටිකිරියම මේකෙ තියනව පිටු 666ක් නේ.......

Monday, March 8, 2010

කොම්පියුටර් ජිල්මාට් (1 ‍වන වෙළුම)

කොම්පියුටර් වලින් ජිල්මාට් දාන්න කවුරුත් කැමතියි සමහරු වාසියට ජිල්මාට් දානව සමහරු විනෝදයට ජිල්මාට් දානව කොහොම වුණත් අපි නම් ජිල්මාට් දාන්නෙ විනෝදයට එහෙනම් ඉතින් මම අද ඔබට කියන්නෙ Windows 7 වලින් ජිල්මාට් දාන හැටි සමහරවිට ඔබ තවමත් Windows 7 භාවිතා කරල නැතිව ඇති ඒත් ඒක හොයා ගෙන පොඩ්ඩක් අතපත ගාලා බලන්න මම මේ දෙන පුංචි අත් පොත ඔබට ඉදිරියේදි හරි ඕන වෙයි බාල තියාගන්න  Windows XP වල ජිල්මාට් දාන්න ඊලග ලිපියෙන් කියන්නම්.

Sunday, March 7, 2010

පාස්වර්ඩ් ප්‍රශ්නයක් කරගන්න එපා..!


රහස් පද දාල පරිගණකය ලොක් කරගෙන මොනව කරනවද දන්නෙ නෑ මේක අයින් කරගන්න විදියක් තිබුණනම්.! ඔව් ඔබටත් පුළුවන් ඕනම පුංචි මහත්තයෙක්ගෙ පරිගණකයේ පාස්වර්ඩ් නැතිකරල දාන්න වින්ඩොස් එක්ස්පර්ට් (windows XP) වල විතරක් නෙමෙයි විස්ටා වලත් පාස්වර්ඩ් නැති කරල දාන්න පුළුවන් සමහරු කියයි Administration පාස්වර්ඩ් අයින් කරන්න බෑ කියල ඒව ඔක්කොම බොරු මම දෙන්නම් හොද භාණ්ඩයක් පාස්වර්ඩ් ඉවත් කරන.

මේ වැඩසටහන පහලින් බා ගෙන සී.ඩී තැටියකට දාගන්න ඉන් පස්සෙ කරන්න තියෙන්නෙ මේ තැටිය රොම් එකට දාල කොම්පුටරය Restart කරන එක බය වෙන්න එපා එතකොට වින්ඩොස් Install වෙනව වගේ මුලින්ම පෙනුනට ටික වෙලාවක් ගියාම ඔන්න අහනව මොන User Account එකේ පාස්වර්ඩ් එකද ඉවත් කරන්න ඕන කියල ඔයාලට තියෙන්නෙ අදාල අංකය press කරන්න විතරයි පාස්වර්ඩ් කැළේ.......එම් එස් ඔෆීස් වල පාස්වර්ඩ් බිදින හැටිත් කියන්නම් කෝ. 


Saturday, March 6, 2010

සී රියල්.... See Real

දැනට සොෆ්ට්වෙයාර් කීයක් විතර හදල ඇත්ද ඒවට රහස් පද කීයක් තියනව ඇත්ද අන්තර්ජාලයේ සැරිසරන කොට මට හම්බවුණා රහස්පද පොදියක් (Serial Keys) පොඩ්ඩක් එහෙම නෙවෙයි මිලියනයක් මරු නේ! ඒත් මේව මෙහෙම ප්‍රසිද්ධ කරන්න ගිහින් හිරේ විලංගුවේ යන්න වේවිද දන්නෙත් නෑ කමක් නෑ අන්තර්ජාලයට උන් මේක දැම්මෙ ගන්න නේ හැඩ බලන්න නෙවෙයි නේ. ඔන්න මමත් බා ගත්ත හැමෝම ටොරෙන්ට් භාවිතාකරන්නෙ නැති නිසා Media Fire වලට දැම්ම මේ සබැ‍දියෙන් ඕනනම් අරගෙන බලන්න වැඩක් ගන්න පුළුවන්ද කියල. 

Serif Web Plus 2x

වෙබ් ඩිසයින් කරන සැමට මෙන්න හොද වෙබ් අඩවි නිර්මාණ වැඩසටහනක් හැම එකම වගේ භාවිතා කරල තිබුණ නිසා මේකෙ පොඩි ලෙහෙසියක් තියනව කියල මට දැනුණ මට නම් මේක හොදට අල්ලලා ගියා ඉතින් අනිත් අයට නම් කොහොම වෙයිද දන්නෙ නෑ Dream Weaver තරම් පහසුකම් නැති වුණත් මේකෙ පොඩි ගතියක් තියනව.මේකෙනුත් සයිට් එකක් හදලම බලන්නකෝ (ටොරෙන්ට් එකෙන් ඇද ගන්න බැරිවුනොත් මට කියන්න)

Thursday, March 4, 2010

සාමාන්‍යයෙන් හොද වෛරස් ගාර්ඩ් එකක්.....

වෛරස් ගාර්ඩ් නම් ඔන තරමි ඒත් තියන අවුල තමයි ඒව දැම්මම පරිගණකයේ වේගය අඩුවන එක තවමත් හැම වෛරස් එකක්ම අල්ලන වෛරස් ගාර්ඩ් නම් නෑ කවදාවත් ඇතිවෙන එකකුත් නෑ මොකද අන්තර්ජාල ජිල්මාට් කාරයො ඉන්නව නේ උන් එක්ක බෑ වසලයො ජාතියක්.ඒ තත්වය උඩ තරමක හරි සෑහීමකට පත්වෙන්න පුළුවන් පරිගණකයට බරක් නැති වෛරස් ගාර්ඩ් එකක් හම්බ වුණා ඒ තමයි  Avast දැනටමත් මේක ගොඩක් ජනප්‍රිය එකක් විශේෂත්වය තමයි මේකෙ වෛරස් අහුවුණාම සුද්දෙක් ඒක ඇතුලෙ ඉදන් කෑගහල කියන එක ඒ වගේම මේකේන් ඩොස් ස්කෑන් එකක් කරන්නත් පුළුවන් දැනටමත් ක්‍රියාත්මක වන වෛරස් ඒ තුලින් අල්ලන්න පුළුවන් වෙන ඒවයිත් ඒ පහසුකම් නෑ කියනව නෙවෙයි මේක දාල ටිකදවසක් බලන්නකෝ නොමිලයේ ලබාගන්නත් පුළුවන් ටොරෙන්ට් එකෙන් අදින්නත් පුළුවන් කෝකටත් මමත් වැරදි වැඩේවුණත් ලින්ක් එකක් දාන්නම් ලංකාවෙ අපිට මොන කොපිරයිට් ලෝ ද?


Wednesday, March 3, 2010

බ්ලොග් කොපි නොකරමු.....

මම අද හෙලයාගෙ බ්ලොග් සටහන කියෙව්ව ඒකෙ වැදගත් අදහසක් තිබුන නිසා ඒ කියපු right click ඔප්ෂන් එක disable කරපු කථාවයි select ඔප්ෂන් එක නැති කිරීම කියන කතාවයි අතරට තවදෙයක් එකතු කලොත් Copy-Paste ඔප්ෂන් එක නැති කිරීම වගේ.... ලේසියෙන්ම කරන්නත් පුළුවන් නේ Template එක වෙනස්වෙයි කියල බයක් තියාගන්න ඕනත් නෑ මේ ජාවා ස්ක්‍රිප්ට් එක HTML Code එකේ head Tag එකට පහලින් Paste කරන්න එච්චරයි ඔය කාලිංග වගේ ජිල්මාට් කාරයින්ට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට කොපි කරන්න බෑ. :)

අන්තර්ජාලය තුල කුඩා දරුවන් ආරක්ෂිතද?

අන්තර්ජාලයේ සැරිසරන විට බලන වෙබ් අඩවි වලින් 25% වත් කුණුහරුප වෙබ් අඩවි බටහිර අශීලාචාර සමාජීය ක්‍රමය අපේ සංස්කෘතියත් දැනටමත් බාගයක්ම ගිලගෙන ඉතින් මේ අන්තර්ජාලයේ ඇති අසභ්‍යය වෙබ් අඩවි වලක්වන්න අපේ ජනාධිපතිතුමාට තියා සක්කරයගෙ පුතා වයිමටත් බෑ.ඒව කොහොම වුනත් අපේ පුංචි එවුන් වත් මේකෙන් ආරක්ෂා කරගන්න එක හොදයි අපි නම් දැන් කොහොමත් නරක් වෙලානේ.
අන්තර්ජාලයේ අසභ්‍යය ‍වෙබ් අඩවි වලක්වන්න නියම පරිගණක වැඩසටහනත් මට හම්බ වුණා ඒ තමයි නෙට් නැනී (Net Nanny) මම දාල බැලුව මරු අපිට පුළුවන් ඕනම වචනයක් ඔස්සේ ඒම අඩවි සෙවීම වලක්වන්න උදාහරණයක් ලෙස කිව්වොත් අපිට අවශ්‍ය Sex කියන වචවන සහිත සියලුම වෙබ් අඩවි නවත්තන්න ඒකට ඒ වචනය ඇතුල් කලාම සෙක්ස් කියන වචනය ගෑවිලාවත් තියන වෙබ් අඩවි දර්ශනය වීමෙන් වලක්වනව.කැමතිනම් හදුනාගත් වෙබ් අඩවි වුනත් නවත්වන්න පුළුවන් මේකෙ තියෙන තවත් පහසුකමක් තමයි කවුරුහරි තහනම්කරපු වචන හෝ අඩවි හොයන්න උත්සාහ කරලහරි තියනවනම් ඒව ඔක්කොම අපට පස්සෙ බලන්න පුළුවන් අපේ රහස් පදය නැත්නම් කාටවත් මේ වැඩසටහන වෙනස් කරන්න වත් ඉවත් කරන්නවත් බෑ  නියමයි ! මම ඒ වැඩසටහන හැමෝටම දෙන්නම් ඕනනම් අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්. මේක පරිගණකයට දාල කරගන්න බැරි වුනොත් ගුණ දොස් වලට ප්‍රශ්නය ඇතුලත් කරන්න නැත්නම් thisaraps@gmail.com ලිපිනයට දන්වන්නකෝ.


Monday, March 1, 2010

හංගමු

තමන්ගෙ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්නෙ ඒව එක එක තැන හංගනව ඈත අතීතයේදිත් ඔය වැඩේ ඒ විදියටම කරා නේ දැනුත් ඔය නිදන් කියල හොරෙන් හාරලා ගන්නෙ ඒව නේ ඉතින් මම අද කියන්න හදන්නෙ පරිගණකයේ තියෙන හාර්ඩ් ඩිස්ක් එකේ කොටසක් හංගන්නෙ කොහොමද කියල එහෙම හැංගුවොත් නම් හොයල හමාරයි මොකද එහෙම කොටසක් තියනව කියල පේන්නෙවත් නැහැ දන්න කෙනා නම් දන්නව ඒක ආපහු ගන්න හැටි
මුලින්ම කරන්න ඕන My Computer මත Right Click එකක් දීල ඒකෙන් Manage කියන අවස්ථාව Click කරන්න ඕන
My Computer (Icon)---> Right Click--->Manage
එහෙම උපදෙස් තේරුවම Computer Management කියල කවුළුවක් මතුවෙනව ඒ කවුළුව තුලින් පහල පෙනෙන රෑපයේ පරිදි Disk Management කියන අවස්ථාව තෝරාගත යුතුයි

 එහෙම උපදෙස් තෝරාගත් පසුව එහි දැනට පරිගණකයේ ස්ථාපනය කර ඇති සියලුම Hard-disk Partition නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකෙහි බෙදාවෙන් කරන ලද කොටස් සියල්ල දර්ශනය ‍වේවි එයින් හංගන්න ඕන කොටස මත Right Click එකක් දීල Change Driver Letter and Paths කියන අවස්ථාව බ්‍භාවිතා කරයුතු වෙනව එවිට පහත පරිදි කවුළු අවස්ථාවක් ඒවි....

මෙහිදී එම කොටස සගවනවාවම් Remove කියන අවස්ථාව Click කලයුතුයි එවිට යම් කිසි පණිවිඩයක් දර්ශනය වුවහොත් අනිවාර්යයෙන් අපි ඒ පණිවිඩයට එකගවෙන්න ඕන ඊට පස්සෙ OK අවස්ථාව Click කලොත් එම කොටස හැංගිලා යාවි ආපහු ගන්නව නම් ඒ විදියටම ගිහින් ඔය Add කියන අවස්ථාව Click කරල තිබුණු අකුර නැවත තෝරාදීමයි කරන්න ඕන ගහට නැග්ග විදියටම නේ බහින්නත් ඕන ඕන්න මේ කියන විදියට නැතුව වෙන අනංමනං කරල මට දෙස් දෙවොල් තියනව එහෙම නෙවෙයි.

තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රයක්

මේකත් මගේ වැඩක් තමයි මට හිතුණ නිකමට වගේ ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් කරන්න ඉතින හැදුව හැබැයි ටිකක් අමාරුයි කොම්පුයුටර් කාපු අයටනම් කිරි කජු වගේ ඇති අනිත් අයට නම් පොඩ්ඩක් තටමන්න වෙයි තටමල හරි ලියල 75% ට වැඩිය ගත්තොත් එයා ඉතින් එළකිරි කොම්පුටර් කාරයෙක් තමයි මේක හරිය‍ට ලිව්ව කියන්නෙ අයි.සී.ඩී.එල් එහෙමත් නැත්නම් ජාත්‍යන්තර පරිගණක මෙහෙයුම් බලපත්‍රය ගන්න එක සිම්පල් කරලම බලන්නකෝ සමහරවිට අළුත් අත්දැකීමකුත් වෙයි ප්‍රතිඵලත් ඒ වෙලාවෙම එනව නේ .....ලගදිම O/L IT වලත් ඔයවගේම ප්‍රශ්න පත්‍රයක් හදනවා.......

Wednesday, February 24, 2010

යූ.ඒස්.බී පෙන් වලින් වෛරස් ඒනවාද?

යූ.ඒස්.බී පෙන් ඩ්‍රයිව් වලින් පරිගණකයට බහුලව වෛරස් ඒන්න පුළුවන් කලයුත්තේ කුමක්ද? ඔබෙ පරිගණකයත් ආරක්ෂා කරගන්න පහත උපදෙස් පිළිපදින්න.
01) යූ.ඒස්.බී පෙන් ඩ්‍රයිව් ඒක සවිකොට My Computer වෙතින් කිසිවිටකත් Double Click (ඩබල් ක්ලික්) භාවිතා කිරීමෙන් වලකින්න පෙන් ඩ්‍රයිව් ඒක විවෘත කිරීම සඳහා ඒහි ඇති Address Bar (ඇඩ්ඩ්‍රස් බාර්) ඒක භාවිතා කරන්න



02) පෙන් ඩ්‍රයිව් ඒක සවිකොට My Computer වෙතින් Folder නම් අවස්තාව භාවිතා කර ඉන් පසුව ඒන ටාස්ක් පෑන් (Task Pane) ඒක තුලින් අදාල ලෙඛණයන් තේරා ගැනීම මගින්ද වෛරස් පරිගණකයට ඒම අවම කරගත හැක

03) ඒසේ නොමැති නම් USB Disk Security නැමැති වැඩසටහන තම පරිගණකයේ ස්ථාපනය කිරීම තුළින් වඩාත් වැඩි ආරක්ෂාවක් පරිගණකයට හා පෙන් ඩ්‍රයිව් ඒකට ලබා ගත හැක ඒමගින් පෙන් ඩ්‍රයිව් ඒක තුල ඇති වෛරස් පවා ඉවත් කල හැක යාවත් කාල කිරීමක් ද අවශ්‍ය නොවේ

        *පහත දැක්වෙන සබැදියෙන් ඒම වැඩසටහන ලබාගත හැක