Ads 468x60px

Monday, March 1, 2010

හංගමු

තමන්ගෙ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්නෙ ඒව එක එක තැන හංගනව ඈත අතීතයේදිත් ඔය වැඩේ ඒ විදියටම කරා නේ දැනුත් ඔය නිදන් කියල හොරෙන් හාරලා ගන්නෙ ඒව නේ ඉතින් මම අද කියන්න හදන්නෙ පරිගණකයේ තියෙන හාර්ඩ් ඩිස්ක් එකේ කොටසක් හංගන්නෙ කොහොමද කියල එහෙම හැංගුවොත් නම් හොයල හමාරයි මොකද එහෙම කොටසක් තියනව කියල පේන්නෙවත් නැහැ දන්න කෙනා නම් දන්නව ඒක ආපහු ගන්න හැටි
මුලින්ම කරන්න ඕන My Computer මත Right Click එකක් දීල ඒකෙන් Manage කියන අවස්ථාව Click කරන්න ඕන
My Computer (Icon)---> Right Click--->Manage
එහෙම උපදෙස් තේරුවම Computer Management කියල කවුළුවක් මතුවෙනව ඒ කවුළුව තුලින් පහල පෙනෙන රෑපයේ පරිදි Disk Management කියන අවස්ථාව තෝරාගත යුතුයි

 එහෙම උපදෙස් තෝරාගත් පසුව එහි දැනට පරිගණකයේ ස්ථාපනය කර ඇති සියලුම Hard-disk Partition නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකෙහි බෙදාවෙන් කරන ලද කොටස් සියල්ල දර්ශනය ‍වේවි එයින් හංගන්න ඕන කොටස මත Right Click එකක් දීල Change Driver Letter and Paths කියන අවස්ථාව බ්‍භාවිතා කරයුතු වෙනව එවිට පහත පරිදි කවුළු අවස්ථාවක් ඒවි....

මෙහිදී එම කොටස සගවනවාවම් Remove කියන අවස්ථාව Click කලයුතුයි එවිට යම් කිසි පණිවිඩයක් දර්ශනය වුවහොත් අනිවාර්යයෙන් අපි ඒ පණිවිඩයට එකගවෙන්න ඕන ඊට පස්සෙ OK අවස්ථාව Click කලොත් එම කොටස හැංගිලා යාවි ආපහු ගන්නව නම් ඒ විදියටම ගිහින් ඔය Add කියන අවස්ථාව Click කරල තිබුණු අකුර නැවත තෝරාදීමයි කරන්න ඕන ගහට නැග්ග විදියටම නේ බහින්නත් ඕන ඕන්න මේ කියන විදියට නැතුව වෙන අනංමනං කරල මට දෙස් දෙවොල් තියනව එහෙම නෙවෙයි.

3 comments :

  1. මනුස්සකම හංගමු

    මරු.

    ReplyDelete
  2. මමත් ඔයගැන ලිපියක් කලින් දැම්මාත.සහෝ...

    www.trixhunter.blogspot.com

    ReplyDelete
  3. ආ...එහෙමද අනේ ඉතින් මම ඒව ඔක්කොම කියෙව්වෙ නෑ කමක් නෑ දැනුම නැවත නැවත දුන්නට වැඩි වෙන්නෙ නෑ

    ReplyDelete

අදහස් මොනවද කියල කියලම යන්න...