Thursday, May 10, 2012
Thursday, May 3, 2012
පැණි කොකිස්!
අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස් මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි
මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම කොකිස් රස්නෙපිටම අරගෙන එහි මැදට (දාර දිගේ) කිතුල් පැණි වත්කල යුතුයි එම කිතුල් පැණි පිටතට හැලීම වැලැක්වීම සඳහා රත්කරගත් සහල් පිටි ටිකක් එයට උඩින් එක්කළ යුතුයි....කිතුල් පැණි කොකිස් වලට උරාගත් පසු එහි රස කිව නොහැකි තරම්ය.
හදනහැටි කිව්වෙ- අරුණිකා දිල්හානි
ප්‍රභේදය-
ඉවුම් පිහුම්
Tuesday, May 1, 2012
බුදු හේත්තු....
ග්‍රාමනිළධාරියා- මුදලාලි බුදු හේත්තු කියන්නෙ මොන ගස් වර්ගයද? මම අහලම නෑ නේ..
මුදලාලි- මහත්තයා ඒව මේ වැඩකට නැති වතුර බහින ගස් වර්ගයක්
ග්‍රාමනිළධාරියා ආ..එහෙමද...කියා අත්සන් කර අවසරය ලබාදී ඇත... "බෝ ගස්" කැපීම තහනම් බැවිණ් ඒ සඳහා "බුදු හේත්තු" ලෙස යොදා අවසරය ලබා ගත් බව මුදලාලි පැවසුවේ සිනාමුසු මුහුණින්ය....
කථාව- සිරිල් සිංහක්කාර
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව..
මරිසිපාල- මහත්තයා, නේවි එකේද?
කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ
මරිසිපාල- එහෙනම් පොලිස්සියේද?
මිනිහා- නෑ ඇයි?
මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද?
මිනිහා- නෑ නෑ
මරිසිපාල- එහෙනම්.. පී.එස්.ඩී එකේද?
මිනිහා- නෑ නෑ ඇයි අහන්නෙ?
මරිසිපාල- හා එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද?
මිනිහා- නෑ නෑ නෑ
මරිසිපාල- මහත්තයෝ එහෙනම් මහත්තයගෙ කකුල මගේ කකුලෙන් පොඩ්ඩක් එහාට ගන්නවද?
කථාව- සිරිල් සිංහක්කාර
ප්‍රභේදය-
උපහාස
,
වර්ගීකරණය නොකරන ලද
Saturday, April 28, 2012
ඇවිදින්නත් සහකරුවෙක්!
ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව ඇශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය
මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්..කොහොමද ජපන් හපන්?
ප්‍රභේදය-
අලුත් වන ලෝකය
,
වර්ගීකරණය නොකරන ලද
Friday, April 27, 2012
බඩ අඩුකරගන්න කැමතිද?
අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි.එසේම දේශීය වෛද්‍ය ක්‍රමයන් භාවිතා කිරීම අපහසු වන්නේ අවශ්‍ය කළමණා ආදීය සොයාගැනීමට අසීරු කමත් ඒවා කල්ක හෝ කසාය ආකාරයෙන් සකස් කර ගැනීමට අපහසු කමත් නිසාය කෙසේ නමුත් ව්‍යායාම කිරීම මෙයට සුදුසුම ක්‍රමයයි එයටත් බොහෝ දෙනාට යෙදවීමට කාලයක් නොමැත එසේනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න විසඳුම!!
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Monday, April 23, 2012
කොපි කරමු.......
අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ...
- Fast Copy- Go to download page....
- Unstoppable Copier ( Not recommended for single file transfer )- Go to download page...
- Tera Copy- Download Now
- Ultra Copier-Go to Download page...
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...
පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් .
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
MS Paint වලින් ඔබ්බට...Paint.Net
MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ හැකි වන්නේ Service Pack 3 සමඟ පමණි...එසේම Windows Vista Service Pack 1 සමඟ හා Windows 7 සමඟ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක පහත ඇති සබැඳියෙන් බාගත කර වෙනස වටහා ගන්න...
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, April 21, 2012
අව්ව රුදු වූ අවුරුදු...
අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි අවුරුද්ද යන වචනය සැදී ඇත්තේඅව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයාපෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්‍රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් කෝපවීම නිසා මිනිසුන්ට දෙන දඩුවමක් ලෙසය එබැවින් ඔවුන් හිරු දෙවියන් මූලික කරගෙ විවිධ වතාවත් පුද පූජා පැවැත්වීමට පෙළඹුණේය.
ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Friday, April 20, 2012
නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් )
CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ ....
Thursday, April 12, 2012
Monday, April 2, 2012
Free Download කරන්න තවත් පහසු විදියක්....
Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්‍රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්...
http://www.filecrop.com/
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Wednesday, March 28, 2012
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්.......
අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගිහින් ඒ පොත් පිංච බාගත කර ගැනීම .....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
දුෂ්කර ගණිත ගැටළුවක්....
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
දැන් එයට තව 1000ක් එකතු කරන්න.
දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
එයට 20ක් එකතු කරන්න.
දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, March 25, 2012
Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ...
හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් කරන්න..
ඊටපස්සෙ Google Map/ Google Earth වලින් වගේම කැමති තැනක් බලන්න පුළුවන්...ඒ වගේම Save Capture as කියන Button එකෙන් පහසුවෙන්ම ඕනම තැනක Save කරන්නත් පුළුවන්
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, March 22, 2012
ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල් 08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක අපේ මව්බිම රැක ගැනීමට සහාය පලකර සියලුම රටවලට ජාතියේ උත්තමාචාරය හිමිවනු ඇත
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, March 20, 2012
රෙද්දෙ මැජික්....
මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි.
මෙහෙමයි කරන්නෙ,
කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න
කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන
ඉස්සරහ ඉන්න කෙනාට කියන්න රෙද්ද අස්සෙන් හිමිහිට කොළයක් අරගෙන බලලන්න කියල
ඒ බලන අතරෙදි අර පුද්ගලයාට නොදැනෙන ලෙස කාඩ් ටික අනෙත් අතට හරව ගන්න (අංක සටහන් කල කොටස උඩට හිටින සේ)
දැන් එයාට කියන්න කොළය තමන්ට ඕන තැනක තියන්න කියල (හැබැයි රෙද්ද උස්සන්න නම් දෙන්න එපා එතකොට වැඩේ මාට්ටු)
එතකොට ඒ පුද්ගලය කොළය තියන්නෙ ගත්ත විදියටමයි ඒ කියනෙ අංක සටහන් කල පැත්ත යටට සිටින සේ.
දැන් අරන් බලන්න එයා බලපු කොළය මොකද්ද කියල අපිට කියන්න පුළුවන් මොකද අනිත් කොළ ඔක්කොම එකම දිශාවකට තියෙන කොට ඒ කොලේ විතරක් අනෙක් අතට තියෙන්නෙ. ඇයි අපි කාඩි ටික අනෙක් අතට හැරෙව්ව නේ මම කියපු දේ පැහැදිලි වුණාද දන්නෙ නෑ කමක් නෑ කට්ටියට පොඩ්ඩක් හිතන්නත් ඉඩ තියන්න ඕන දැන් ඉතින් පොඩි එවුන් ටිකක් වටකරගෙන ඔය මැජික් එක කරන්න තියෙන්නෙ.
ප්‍රභේදය-
වැදගත් ලිපි නැවත
Wednesday, March 14, 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු...
අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් පළ කරනව කපුගෙදර හැමදාම අසාර්ථක ක්‍රීඩකයෙක් ඒත් ඔහු ටීම් එකෙන් කැපෙන්නෙ නෑ හේතුව කවුරුවත් දන්නෙ නෑ ඕනම මෝඩයෙකුට තේරෙනව ඔහුගෙන් ටීම් එකට පළක් නෑ කියල ඒ වගේම වෘත්තීය මට්ටමේ දඟ පන්දු යවන්නෙක් නැති කම ලංකාවෙ කණ්ඩායමට බලපාපු තවත් ප්‍රශ්නයක් .... ගමේ ගොඩේ කොච්චර දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවද ඒත් ඔවුන්ව ජාතික මට්ටමට ගන්න පාලක මණ්ඩලයේ කිසිම ප්‍රතිපත්ථියක් නෑ ඕනකමකුත් නෑ කෝටි ගනන් සල්ලි හම්බවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අක්‍රිය ඇයි කියල කාගෙන් අහන්නද?
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, February 28, 2012
කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා.....
පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින් නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ආරණ්ණය සේනාසනය අවටත් මැණික් ඇති බවට රාවක් පැතුරුණ නිසා මිනිස්සු වැල නොකැඩී ඒ පැත්තටත් යන්න වුණා බේරුවල, කළුතර,ගාල්ල,මාතර, තංගල්ල, වීරකැටිය, රත්නපුර,පැල්මඩුල්ල ආදී දුරබැහැර ප්‍රදේශවලිනුත් ජනගංඟා මේ දිහාවට ගලන්න වුණා සාමාන්‍ය වැසියන් විතරක් නෙවෙයි දේශපාලන කාරයිනුත් මැණික් මුදලාලිලත් මේ අතර වුණා මේ දින කිහිපයේ මැණික් හාරන්න ආපු පිරිස ලක්ෂ පහකටත් වඩා වැඩි බවයි ඇතැමුන් පවසන්නෙ.... කොහොම වුණත් මේ මැණික් ගැරිල්ල අතරෙ සිදුවුණ සිදුවීම් බොහෝය.....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Monday, February 27, 2012
අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය
ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පිරිසක් පැමිණ කඩිමුඩියේ පෝස්ටර් බෙදා දී ඇත තමන් ආවේ කුමකටදැයි කියාවත් හරි හැඩි නොදත් ජනතාව ඒවා ඔසවාගෙන අපේ ජනාධිපතිට බුදුබව ලැබේවා !, ඇමරිකාව බංගවේවා! ඔබාමා මකබෑවේවා! යූ.එන්.පී කොටි හවුලේ කපුවා ඇමරිකාවද ආදී වශයෙන් සටන් පාඨ කියමින් අර පෝස්ටර් උස්සන් යන්නට විය...නගරයේ මැද හරියට පැමිණෙත්ම එය දුටු නගරසභා මන්ත්‍රීවරුන් වහාම එම පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කළත් ඒවන විට වෙන්න ඔන හරිය සිද්ධවී හමාරය....මෙය ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය ක් බව බොහෝ දෙනාගේ අදහසයි......
ප්‍රභේදය-
දේශපාලන
Monday, January 23, 2012
කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ)
කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන.
ප්‍රභේදය-
ඉවුම් පිහුම්
Sunday, January 22, 2012
හතු (බිම්මල්) බයිට්....
අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන්
ප්‍රභේදය-
ඉවුම් පිහුම්
Thursday, January 12, 2012
පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං......
පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) සිසුන් හයියෙන් වාතයක් ගියත් වීදි බැස කෑ ගසන යුගයක නිකම්ම නිකන් කුපාඩින්ට ආචාර්ය උපාධීන් පිරි නමද්දි එවුන් වකුටූ වී නිදි වදිති එවිට උපාධිය හෑල්ළුවට පත්වන්නේ නැද්ද?
ප්‍රභේදය-
සමාජීය-පොදු
Tuesday, January 10, 2012
ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න)
ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..පහළ තියෙන පිංතූර ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා කරන්න වෙනව ඉඩ තියෙන වෙලවෙට මේ පිංතූර ටිකත් බලන්න කෝ...
(අපූරු අදහස සහ ස්තුතිය මූණුපොතේ ලොවෙත් නෑ සමාජයට)
ප්‍රභේදය-
විනෝදාත්මක
Monday, January 9, 2012
රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල්...
මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි .. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත.....
ප්‍රභේදය-
ඉවුම් පිහුම්
Saturday, January 7, 2012
Friday, January 6, 2012
අනේ නිකන් ඉන්න.....
විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව....
අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ?
සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ්
ප්‍රභේදය-
විනෝදාත්මක
Thursday, January 5, 2012
තනි දළ ඇතාගේ අභිරහස් මරණය (විසඳුන අභිරහස් -01 කොටස)
එදින පුර තුදුස්වක පොහෝ දිනකි ඈත අහසේ උකුස්සකු පියාසර කරන ආකාරයක් යාන්තමට වගේ දැකගත හැකි විය.පන්සල් වත්තේ ගල්පර්වතයට පහළින් පිහිටි දැවැන්ත නුග රුකේ අත්තක වාඩිවී මූසල හඬින් හඬන උලමෙකි එම හඬ නිසා මුළු පෙදෙසම පාළු වී ගොස් ඇතැයි සිතුණි..මේ අතර පුංචි අයියා සහ මම පොල්කටු වැව දිහාවට හිමි හිට ගමන් කළේ එරමිණියා ටිකක් ගඩාගන්නා අදහසිනි...පොල්කටු වැව උඩත්තාවේ සුමානයකට පෙර අස්වැන්න කපා අත්හල අක්කර තුනක පමණ කුඩා කුඹුරකි ..අප හිමිහිට ඒ කුඹුර දිහාවට ගමන් කළේය...
ප්‍රභේදය-
විනෝදාත්මක
Wednesday, January 4, 2012
ජයන්තගේ කෙසෙල් අවතාරය......
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝගහමඩිත්ත- ජයන්තිපුර ග්‍රාමයේ ඉෂාර තරංග ගියේ හාලි ඇල ජාතික පාසලටය එකල පාසලට අලුතින් ක්‍රීඩා උපදේශකයකු පැමිණිමත් සමඟ පාසල තුල ක්‍රිඩාවේ සුළු පිබිදීමක් දක්නට ලැබුණි ඒ ඔහු කරාටේ මාස්ටර් කෙනෙකු වූ බැවිණි කරාටේ ක්‍රීඩාවක් ලෙස පාසලේ පටන් ගන්නවාත් සමඟම කොල්ලන් තම ශරීරය හදාගැනීමට ගත්තේ මහත් වෙහෙසකි ඉෂාරද ඉන් කෙනෙකි... උදේ පාන්දර 4 ට පමණ අවධි වී බෝගහමඩිත්තේ සිට උඩුවර දක්වා (කි.මී 6ක් පමණ) දිවීම ඉෂාරගේ සිරිත විය.
ප්‍රභේදය-
හොල්මන්
Tuesday, January 3, 2012
ඉන්දියන් ඒවා හොඳනැත්නම් ගන්නෙ අහවල් ඒව ද?
බොහෝ වෙද්‍යවරුන් පවසන්නේ ඉන්දියන් බෙහෙත් හොඳ නැති බවයි නමුත් අද සියලුම රජයේ ඔසුසල්වල රජයේ රෝහල් වල, පෞද්ගලික ඔසුසල් වල වැඩිපුර ඇත්තේද ඉන්දියන් බෙහෙත්ය. මෙම තත්වයට වග කිවයුත්තෝ කවරහුද? මෙයට රජය වගකියයුතු ය....රජයේ ඇමතියන් සහ බලධාරීන් කුණු කොල්ලයට වැඩි කොමිස් පිට ඉන්දියාවෙන් බෙහෙත් වර්ග ගෙන්වා අනෙකුත් රටවලින් බෙහෙත් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර දමා ඇත.අහිංසක මිනිසුන්ගේ ලෙඩ රෝග දඩමීමා කරගත් මේ රජයේ වගකිවයුතු හැතිකරය නිසා රටේ ලෙඩ රෝග වලින් පීඩිත ජනතාව පත්ව ඇත්තේ මහත් අපහසු තාවකටය. එදා රිසි සේ මිලට ගත් බෙහෙත් වර්ග අද කළුනික සොයනවා සේය.....
ප්‍රභේදය-
සමාජීය-අසාධාරණකම්
Monday, January 2, 2012
දයාගෙ සල්ලිවලට දෙකට නැමුණ යූ .ඇන්. පී මංත්‍රී හැත්ත...
අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් කියනව ප්‍රථිපත්තියක් නැති කරුට වඩා රනිල් හොඳයි කියල ඒත් හොඳයි කියන්නෙ කොහොමද යකෝ බඩ යන්න වගේ පරදිනව නම්......
ප්‍රභේදය-
දේශපාලන
Subscribe to:
Posts
(
Atom
)