Monday, December 31, 2012
Wednesday, November 21, 2012
Facebook Chat කරන අලුත් තාලය....(1 වෙළුම)
ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල්
මෙන්න මේ තියෙන්නෙ එම Codes භාවිතා කරල කරපු අපූරු නිර්මාණ කිහිපයක් මේ Codes චැට් එකට පේස්ට් කරල බලන්න මොකද වෙන්නෙ කියල....

ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
,
වර්ගීකරණය නොකරන ලද
Friday, September 14, 2012
සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ කුණුහරුප
බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා අද ඇත්තේ කුහක කම්ය ඒ කුහක කමේ ආරම්භය ලබාදුන්නේ සිංහල බ්ලොග් කරණයේ මූලික අඩිතාලම දමන ලද හා මුලදී දියුණුවට ක්‍රියා කළ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ කළ ඒ පණ්ඩිත හැත්ත බවද අකමැත්තෙන් වුවද කිව යුතුය ඔවුන් අටවා ගත් සින්ඩිය වෙත බ්ලොග් ඇතුලත් කිරීමේ දී ඔවුන් දමා තිබූ ලාමක ටිං ටිං නීති මාලාව නිසා එහි අපේ බ්ලොගය ඇතුල් කිරීමට ඇඩ්මින්ලාගේ ූකට වැදිය යුතුය අද බලු කුක්කන් සේ නගුට වැනුවාට ඔවුන් එදා සිංහයින්ය.එසේම එදා දිනපතා ලිපි ලියන ජනප්‍රිය බ්ලොග් කරුවන් අද මාස දෙක තුනකට සැරයක් වත් ලිපි ලියන්නේ නැත එසේ වන්නට හේතුව ඔවුන් තුල ඇතිව තිබෙන කළකිරීම නිසා යැයි කිව යුතුව එදා ජනප්‍රිය බ්ලොග් කරුවන් අතුරින් අදටත් පෙරසේම ලිපි ලියන්නේ දන්නා තරමින් කතන්දර කාරයා සහ මාරයා සහ තවත් කිහිපදෙනෙකු පමණි බොහෝ දෙනෙක් බ්ලොග් කලාවෙන් සමු ගෙනය....


ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Wednesday, September 12, 2012
ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්....
සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙන් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය

ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
Friday, September 7, 2012
ගෝනාගේ මළ සිරුර සහ කොටි මුහුණ.....
(සත්‍ය කථාවක් ඇසුරෙන්...) නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට සිදුවිය
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
හොල්මන්
Thursday, September 6, 2012
ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ...
අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත්
මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු එකක් මං හිතන්නෙ මේකට අවුරුදු දෙසීයපනහකටත් වැඩියි

ප්‍රභේදය-
විනෝදාත්මක
Sunday, September 2, 2012
අම්මට උඩු (Up to Mother)
ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ විසඳුමක් කල්පනා කළා සර්ටත් වාසි වෙනවිදියෙ හොඳ අදහස් පහළ වුණා.. සර් ඊළඟ දවසෙ මෙන්න මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
Sunday, August 26, 2012
ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න....
ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය 80 ඉක්මවා තිබිය යුතුය සාමාන්‍ය වේගයක් නම් එහි අගය 75 ට වඩා වැඩි විය යුතුය 75 ට වඩා අඩු නම් ඔබේ අඩවිය ගැන නැවත සොයා බැලීම වැදගත් වේ එහි ඇති යම් යම් දුර්වල කම් මඟහරවා ගැනීම තුලින් එය යථා තත්වයට පත් කළ හැක එසේම දුර්වල කම් පිළිබඳ උපදෙස් මාලාවක් ද එම අඩවිය මඟින් ලබා දේ
වේගය මනින්න මෙතනින් යන්න- Google Website Speed Test

ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, August 25, 2012
"පස් කමින්...."
ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය ශ්‍රී ලංකා අභිමානය එක් කිරීම සඳහා එසේ නැත්නම් Sri lankan Colors සඳහා සිංහල වචනය එක් කළ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ කිසිදු එකක් නොවේ. සිදුවුනේ මෙන්න මේ දේ..
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Thursday, August 23, 2012
ලෝකයේ මිල අධිකම කක්කුස්සි...
උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න පහල තියෙන ඡායාරූපය
ප්‍රභේදය-
අලුත් වන ලෝකය
පෙරේරා මුදලාලිගෙ අවතාරේ......
මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් දාපු ගමන් කොල්ලො කට්ටිය දුවන්නෙ හිට ගෙන ඒව තමයි උන්ගෙ ආතල් වැඩ... එකෙක් චූ කරාම සෙට් එකම එතන චූ කරන්නෙ හරියට සමඟිය බලය වේ කියන පණිවිඩය කියා පාන්න වගේ..
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
හොල්මන්
Wednesday, August 22, 2012
වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි...
වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ
NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.
කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද?

ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත .... බලන්න පහල තියෙන පින්තූරය

මෙය 2011 දෙසැම්බර් මස ඇමරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද කසිනි නම් අභ්‍යාවකාශ යානය විසින් ලබා ගත් සමීප ඡායාරූපයකි එමඟින් තහවුරු වන්නෙ යම් ස්ථම්භයක් හෝ ගේඩනැගිල්ලක් නොවන බවත් මෙහි ඈතට සිලින්ඩරාකාර හැඩයකින් දර්ශනය වන්නෙ තවත් චන්ද්‍රයකු බවත් මෙම දන්ද්‍රයා සෙනසුරු ග්‍රහයාට අයත් වන බවයි නාසා ආයතනය පවසන්නෙ
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, August 21, 2012
කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම...
කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ඇතුලු තවත් නිළධාරීන් කිහිපදෙනෙක් ඒ නියමිත දිනට කෑම්ප් එකට ආව කෑම්ප් එකට ඇවිල්ල බ්‍රිගේඩිය එහි ආරක්ෂක තත්වය ගැන කැප්ටන්ගෙන් ඇහුව කිසිම ප්‍රශ්නයක් නැති බව තමයි කැප්ටන් කිව්වෙ බ්‍රිගේඩියර් සාමාන්‍ය සෙබලෙක්ගෙන් ආරක්ෂක තත්වය ගැන ඇහුවමත් කිව්වෙ වටේම ක්ලියර් සර් ...කියල
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, August 19, 2012
පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු!
Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන
SAM.exe සහ SAM.log කියන ෆයිල් Delete කරන්න ඊට පස්සෙ ඒ Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් වෙලා තියේවී තවත් ඒ වගේ පරිගණකයක් සොයාගන්න බැරි අවස්ථාවලදිත් කරන්න පිළියමක් තියෙනව ඒ තමයි පරිගණකය DOS Mode එකේ Boot කරගෙන DOS Command මඟින් SAM.exe සහ SAM.log යන ෆයිල් Delete කර දැමීම...මේව හැක් නෙවෙයි සරල උපක්‍රම ලොකුවට පාස්වර්ඩ් දැම්මට ඒව ඉවත් කරන එක හරිම සරලයි නේ
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, August 18, 2012
ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ආරක්ෂාකාරීද? සහතිකයක් මෙන්න...
ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ වෛරස් හෝ පරිගණක වලට අහිතකර වැඩසටහනක් ඇතුලත් වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් Webantivirus වෙතින් නොමිලේ ලබා ගැනීමට හැකියාවක් ඇත ඒ සඳහා කල යුත්තේ එම වෙබ් අඩවියට ගොස් එහි ඔබගේ වෙබ් ලිපිනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන HTML Code එක කැමති ස්ථානයකට ඇතුලත් කිරීමයි එහිදී දිස්වන කුඩා පිංතූරය ක්ලික් කිරීම මඟින් එය ආරක්ෂාකාරී අඩවියක් බව එය පරිශීලනය කරන්නාට දැනගත හැකි වෙයි යම් හෙයකින් ඔබේ අඩවිය තුල යම් කිසි වෛරසයක් ඇතුලත් නම් ඒබව අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.
ලියාපදිංචි වීම සඳහා- Click Here
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Friday, August 17, 2012
ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න)
ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා කිසිම අධික්ෂණයක් නැතුව වැඩකරල මේ විදියට ප්‍රතිඵල පෙන්වනවනම් යම් අධීක්ෂණයකින් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියල.එහෙම හිතල මෙයා හොඳට ගිණුම් වාර්ථා හදන්න පුළුවන් අකුරට වැඩකරන කැරපොත්තෙක් තමයි මේ වැඩේට තෝරගත්තෙ (Accountant) ඒ වගේම කැරපොත්තට හොඳ වැටුපකුත් ලැබුණ වාහනයකුත් ලැබුණ.
කැරපොත්තා ආපු ගමන් පැමිණිමේ ලේඛණයක් දැම්මා ටික දවසකින් ඇඟිලි සලකුණු යන්ත්‍රයකුත් ගත්ත (fingerprint Scanner) ඒ වගේම නීති මාලාවකුත් දැම්ම එස් පහ (S5) කියන එකත් හදුන්වා දුන්නා ඒ වගේම සහයිකාවක් විදියට ලස්සන මකුළුවෙකුත් ගත්ත (Account Assistant) දුරකථන ඇමතුම් ගන්න සහ වාර්ථා හදන්න. වැඩ පහසු කරගන්න වාර්ථා හදන්න ඕන නිසා පරිගණකකුත් මිලට ගත්ත. ඒක ක්‍රියා කරවන්න දත්ත ඇතුලත් කරන්න මැස්සෙකුත් වැඩට ගත්ත (Computer Operator) ඇත්තටම කැරපොත්තාගෙ වැඩ ගැන සිංහයා හොඳටම පැහැදිලා හිටියේ මේ අතරෙ අංශ ප්‍රධානියෙක් තෝරන්න සිංහයා හිතුවා ඒ වැඩේ බාර දුන්නෙ කුරුමිණියෙකුට (Manager) එයා ආපු ගමන් වායු සමනය කළ කාමරයක්, සුවපහසු පුටුවක් ලබා ගත්ත ඒ වගේම ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ දේ මිලට ගත්ත ඒ වගේම කුරුමිණියා සහායිකාවක් විදියට මදුරුවෙකුත් වැඩට ගත්ත (Assistant manager)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
,
විනෝදාත්මක
,
සමාජීය-පොදු
Drivers ප්‍රශ්නයක් ද? මෙන්න විසඳුම
ගොඩක් පරිගණක වල මෙහෙයුම් පද්ධතිය නැවත ඇතුලත් කිරීමෙන් පසු ඇතිවන ගැටලුව තමයි එහි ධාවකයන් සොයාගැනීමට ඇති අපහසුව මවු පුවරුවේ අංකය දන්නා අවස්ථාවල නම් Drivers හොයාගන්න එක ඒ තරම් ගැටලුවක් නෑ හැබැයි අන්තර්ජාලයේ නියමාකාරව ගවේශණය කිරිමට හැකියාව අවම පුද්ගලයින්ට නම් එසේ සොයාගැනීමත් ගැටලුවක් ඒවගේම සමහර අවස්ථාවල අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අසීරු අයත් ඉන්නව එවැනි අයට හොඳම දේ තමයි Drivers Pack CD එකක් ළග තබා ගැනීම ඒ වගේම පරිගණක අලුත් වැඩියාවන් සිදු කරන අයටත් මෙවැනි Drivers Pack CD ළඟ තබා ගැනීම වැදගත් ධාරිතාවය වැඩි වුණත් මේක Download කරල තියාගන්න කවදා හරි ඕන වේවි හැබැයි මේක Download කරන්න Torrent වැඩසටහනක් අවශ්‍යයි ඒ Torrent වැඩසටහන නැත්තම් මුලින්ම පහළ තියෙන සබැඳියෙන් බා ගෙන Install කරගන්න
Get Torrent Client
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, August 16, 2012
සී Real......!!! නොමිලේ.....
බොහෝමයක් වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කරාම ඒව ටිකකාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් සල්ලි දිල Serial Number එක ගන්න කියනවා ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේම Serial Number එකක් හොයාගන්න තිබුණොත් ගොඩ නේ.. මේක ඒකට එක්තරා විසඳුමක් අන්තර්ජාලය පීරන්නෙ නැතුව පහසුවෙන්ම එවැනි Serial Number එකක් හොයාගන්න පුළුවන් පහත තියෙන අඩවි වලින් නොමිලයේම ඒ පහසුකම සලස්වනවා ඒ වගේම අලුත් පරිගණක වැඩසටහන් වල වගේම අලුත් සංස්කරණයන් (Version) වල Serial Number නම් හොයන එක ලේසි නෑ මේවගේ සයිට් වලත් ඒව නෑ.බලන්න මේ අඩවි වලින් ඔබටත් වැඩක් ගන්න පුළුවන්ද කියල....
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
පණ තියෙන ඇත්තම බෝනික්කෙක්! Barbie Doll
මේ ඇත්තම බෝනික්කා ලෝකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් නමින් Dakota Rose හෙවත් Kota Koti ඇය ගේ පෙනුම ඇත්තටම Barbie Doll ලෙස ප්‍රකට බෝනික්කාගේ වගේමයි වයස අවුරුදු 16-18 තරම් වූ මැයගේ මුල් මුහුණුවර මේ තරම්ම බෝනික්කකුට සමාන නැති වුණත් එය 75% තරම් වුණ එකක් ඒත් පසුකාලිනව විවිධ අංගරචන ක්‍රමවේදයන් භාවිතා කරීම නිසා ඇයට Barbie Doll බෝනික්කකුගේ නියම ස්වරූපය ගන්නට හැකියාව ලැබී තිබෙනව ඒ වගේම ඇය ගේ Make up පිළිබඳව Youtube Channel එකක්ද පවත්වාගෙන යනවා.කොහොම වුණත් ගැහැණු ළමයි පොඩිකාලෙ බෝනික්කන්ට ආසයි ලොකු උණාම යෝධයින්ටවීරයින්ට තමා ආස ඒත් පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයින්ට විරයින්ට ආස ලොකු වුණාම තමයි බෝනික්කන්ට ආස මේ වගේ ඇත්තම බෝනික්කෙක් ගන්න තියෙනව නම් කියල හිතෙන්නෙ එහෙම නැද්ද?
ප්‍රභේදය-
දුර්ලභ
Monday, August 13, 2012
නාසා මඟින් නිකුත් කෙරුණ අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප
ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත.
ප්‍රභේදය-
අලුත් වන ලෝකය
Saturday, August 11, 2012
Friday, August 10, 2012
රාවණාගෙ දඬුමොණරා ගැන කියන කථා...
සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ඇඟිල්ල දාන්න කැමතියි මොකද ඒවගෙ තියෙන නිර්මාණශීලි කම නිසා.රාවණාගෙ දඬුමොණරය ගැන විවිධ අදහස් බොහෝ දෙනෙක් දක්වලා තියෙනව මම මේ කියන්න හදන්නෙ මගේ අදහස් නෙවෙයි එවැනි විවිධ වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන විවිධ මති මතාන්තර කිහිපයක්
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
දෙරණද? මධුරද?
මීට ඉහතදී ඉතාම ජනප්‍රිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් තමයි මධුර කියන එක ඇත්තටම කලින් එහෙම එකක් තිබුනෙ නෑ මධුර ආවට පස්සෙ අපිට වැඩ ගොඩක් ලේසී කළා.. ඒ වගේම දැන් මධුරට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තවත් සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් ජනප්‍රිය වෙලා තියෙනව ඒ තමයි දෙරණ කියන සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂය ඇත්තටම මේ දෙකම ඉතාම හොඳ මට්ටමේ ඒවා වැඩිය හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ කමක් නෑ දෙකම පාවිච්චි කරල බලන්න හොඳ එක ඔබම තීරණය කරන්න පහත තියෙන සබැඳි වලින් බාගත කරගන්න-
Download Derana Sinhala-English Dictionary
Unlock Password is manussakama
Unlock Password is manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Thursday, August 9, 2012
පෙන් ගහන්න බයද? මෙන්න විසඳුම!
හුඟ දෙනෙක් තමන්ගෙ පරිගණක වලට
Pen Drive එක සම්බන්ධ කරන්න බියක් දක්වන්නෙ විශේෂයෙන් Communications / Studio වලට ගියාම ඔවුන් Pen Drive භාරගන්නෙ නැහැ වෛරස් එනව කියල බයේ ඉතින් මේකට විසඳුම් ඕන තරමි තියෙනව ඒව දැනගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එකක් තමයි හොඳ වෛරස් ගාර්ඩ් එකක් පරිගණකයට දාලා තිබීම ඒ වගේම පෙන් එක Open කරන්න Double Click භාවිතා නොකර Right Click ---> Explore or Open ආකාරයට භාවිතා කිරීම් වැනි සරල කරුණු දැනගෙන තිබීමත් වැදගත් ඒ වගේම පෙන් එකේ තියෙන වෛරස් ඉවත් කරන්න "attrib " Command ගැන දැනගෙන සිටීමත් වැදගත්. කොහොම උනත් ඒ මුකුත්ම නැත්නම් USB Disk Security කියන වැඩසටහන තියෙනව නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මේකෙ අලුත් සංස්කරණයන්ගෙ වැඩ ගොඩක් තියෙනව ඕනනම් USB Lock/Disk Cleanup වගේ දේවල් කරන්න උනත් පුළුවන්. පහළ තියෙන සබැඳියන්ගෙන බාගත කරන්න පුළුවන් කැමති එකක් බාගත කරගන්න දෙකම අවශ්‍ය නෑ Portable එකේ තියෙන විශේෂත්වය තමයි Install නොකර භාවිතා කරන්න පුළුවන් වීම මම හිතන විදියට නම් Install කරල හැමදාටම තියාගන්නවන්ම් හොඳයි මොකද මේක වැදගත් වැඩසටහනක් නිසා.
Extract Password is- "manussakama"
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Wednesday, August 8, 2012
එළකිරි කොල්ලෙක්ගෙ හපන්කමක්!
ඔහු නමින් උපුල් බෝගහවත්ත රුහුණු මාගම්පත්තුවේ ලුණුගම්වෙහෙරින් බිහිවුණ දක්ෂ තරුණයෙක් දැනට ගුවන් හමුදාවෙ ඉංජිනේරු ඒකකයෙ සේවය කරන්නෙ ඉංජිනේරු උපාධිධාරියෙක්. ඉස්සර ඉඳන්ම පරණ කාර් අරගෙන ඒවා මොඩිෆයි කරන එක තමයි එයාගෙ විනෝදාංශය ඒ වගේම බලාපොරොත්තුව ඒත් උපුල්ට සල්ලි භාගෙ නෑ මේව කරන්න දැන් ගන්න පඩියෙන් කොහොම හරි රෝලක් ගහල තමයි මේ හපන්කම් කරන්නෙ මේ ඉන්නෙ ඒ දක්ෂකම් කරන කොලු ගැටයා
උපුල් බෝගහවත්ත (Tele-0777567168)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, August 7, 2012
සිරිදියස්ට සිගරට් කොම්පැනියෙන් ලක්ෂ පහක්!
ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ද පිරිනැමීමට උපදෙස් ලැබුණා.. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් පොළොන්නරුව දිහාවට ඇවිල්ල ගැමියන් නිතර ගැවසෙන ස්ථාන ඉලක්ක කරමින් තම අභිප්‍රාය ඉෂ්ඨකරගන්නට ක්‍රියා කළා ..
ඔන්න දවසක් පොළොන්නරුවෙ පොඩි ගමක පෙට්ටි කඩයක් ළඟ මාන බලමින් සිටි ඔවුන්ට අපූරු සිදුවීමක් දැකගන්න ලැබුණා..සම රුළි වැටුන ඉතා කෙසඟ ශරීරයක් සහිත වයස අවුරුදු 75 තරම් පෙනුමැති පුද්ගලයෙක් අත්වාරුවක් වත් නැතිව තනිවම කඩේට ඇවිත්-
මුදලාලි මට බිස්ටල් විස්සෙ පැකට් එකක් දෙන්න....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Monday, August 6, 2012
විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)
අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක් නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ඒත් දෙවෙනි දවසෙ හමු වෙද්දි වුණේ අමුතු සිදුවීමක්.. දෙදෙනාම එදා නෙදැනුවත් කමින් එකම වෙළදසැලකදි අහම්බෙන් හමුවුණා ඒ වගේම දෙදෙනාම ඇවිත් තිබුණෙ මහ වැස්සක් එන නිසා කුඩයක් ගන්න හිතාගෙන ආවෙ එකම කාරණයකට වීමත් පුදුමයි වගේ.. කොහොම හරි දෙන්න එතනදි සුහද කථා බහකට වැටුණ.මලිති කුඩයක් ගත්තත් සර් නම් කුඩයක් ගත්තෙ නැත්තෙ කපටි කමට මොකද දෙදෙනාම යන්නෙ එකම පැත්තට ඒ වගේම වැස්සක් වැස්සොත් කෙල්ලගෙ කුඩේ යටින් යන්න පුළුවවන් කියල සර් හිතුව.. එහෙම හිතල පොඩි බිස්කට් පැකටි එකක් විතරක් අරගත්ත කොහොම හරි දෙන්නම කථා කර කර එළියට ඇවිත් බස් නැවතුමට යන්න කියල ටික දුරක් එන කොට මලිතිගෙ යාළුවෙක් හම්බ වුණා සර්ට මල.... හිතින් බැණ බැණ සර් දැන් ටිකක් දුරස් වෙලා යනව කෙල්ලො දෙන්න කිචි බිචි ගගා හිනා වෙවී යනව... මලිති තමන්ගෙ යාළුවට සර්ව හදුන්වා දුන්න එයාගෙ යාළුවෙක් කියල.. ඔන්න ඒ එක්කම මහ වැස්සත් පටන් ගත්ත මලිතියි යාළුවයි හනිකට කුඩේ දිග ඇර ගත්තත් සර් ට කර කියා ගන්න දෙයක් නැතුව අතේ තිබුණ ෆයිල් එක ඔළුවට අල්ල ගත්තත් වැස්ස එන්න එන්නම වැඩි වෙන්න ගත්ත.. මලිතිට දුක හිතිල මලිතිගෙ කුඩේ සර් ට දුන්න දීල එයා යාළුවගේ කුඩේ යටින් යන්න උණා සර් ගෙ සිහිනය එදා බොඳ වුණේ එහෙමයි...
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Wednesday, July 25, 2012
හරි පුදුම ඉස්කෝලයේ අමුතුම පුස්තකාලය...
අම්පාර නගරයේ ඉඳල නුවරපාරෙ උහන පහුකරන් යනකොට වෑරැන්කැටගොඩ කියන ප්‍රදේශයේ කොත්මලේ ජනපදයෙ තමයි මේ පුදුම ඉස්කෝලය තියෙන්නෙ කොටි කලබල නිසා වැහෙන්න ඔන්න මෙන්න කියල තිබුන පාසලක් ඒත් 2005 වර්ශයේදී ගමේ ළමයින්ගෙ වාසනාවට වෙනස් විදියකට හිතන තරුණ විදුහල්පති වරයෙක් ඒ ඉස්කෝලයට ආව ඒ තමයි අම්පාරෙ හොඳම විදුහල්පති වරයා ලෙස සම්මාන පවා දිනාගත් ආර්.එම්. ජයන්ත රත්නායක විදුහල්පති තුමා එතුමාට මේ ඉස්කෝලෙ දැක්ක ගමන්ම හිතුණෙ මේ පුංචි වන වදුලට වසන්තය ගේනන ඕන කියල...පරිසර හිතකාමියෙක් වුණ විදුහල්පති තුමා මේ පාසල ලස්සන පොඩි හරිත උයනක් කළා...පාසලේ පරිසරය දැක්කම එහි යන ඕනම කෙනෙකුගෙ හිත් පහන් වෙනව හරියට ඉසිවර අසපුවකට ගියා වගේ....
විදුහල්පති- ආර්. එම්. ජයන්ත රත්නායක මහතා
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Tuesday, July 24, 2012
දවල්ට ක්‍රිකට් ගහන්න බැරිද?
දිවයින පුරා අද විදුලිබල අර්බුධයක් තියෙනව ඒ වගේම සැරින් සැරේ විදුලිය කපනව ඒ මදිවට රෑ තිස්සෙ ක්‍රිකට් ගහල විදුලිය නිරපරාදෙ නාස්ති කරල දානව මුන්ට මේව නොතේරෙන හැටි. විදුලිබලය පැය කිහිපයකට හෝ නොමැති වීමෙන් සමහර ආයතන ලබන පාඩුව අති විශාලයි එසේම විදුලිය නොමැති වීමෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය අති විශාලයි එසේත් තිබියදී රෑ තිස්සෙ රගර් මැච්, ක්‍රිකට් මැච් ගහන ඒව ඒ වගේම රෑ තිස්සෙ ලයිට් දාගෙන සැනකෙළි පවත්තන ඒව, දේශපාලන රැස්වීම් පවත්තන ඒවා අඩුම ගානේ මේ අර්බුධය අවසන්වෙනකන් වත් අතිහිටෙව්වොත් හොඳයි කියල කියන ගමන් ලොක්කන්ගෙ මැටි මොල වලට මේ වගේ අදහස් පැමිණේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රභේදය-
සමාජීය-පොදු
Monday, July 23, 2012
වයසට යනකම් Avast ... අදම දා ගන්න
Avast කියන වෛරස් ගාර්ඩ් එක මෑත භාගයේ ඉතාමත් ජනප්‍රිය උන එකක් කිසිම කරදරයක් නැතිව පාඩුවේ අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේකට තියෙන හැකියාව නිසාම තමයි ජනප්‍රිය වුණේ.. හැබැයි Avast 4 වලට ඒ දවස්වල
Serial Key තිබුණ ඒත් අලුත් Version ආවට පස්සෙ Serial Key හොයාගන්න අමාරු උනා ඒත් දැන් දැන් ඔන්න Serial Key එළියට එන්න පටන් අරන් මම අද කියන්න හදන්නෙ එහෙම හොයා ගත්තු Serial Key එකක් ගැන මේ Serial Key එක දැම්මම 2038 වෙනකම් Register කරන්න ඕන නෑ Free Version එක දැම්මත් තියෙන අවුල තමයි අවුරුද්දෙන් අවුරුද්දට Register කරන්න වෙන එක. මේක දාගත්තම නම් කිසි අවුලක් නෑ ..
Zip Password is- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
වඳුරොත් එක්ක බෑ.... එහෙනම් මෙන්න විසඳුම
වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට නිදි පෙති දෙක තුනක් හොයාගන්න ඕන... නිදි පෙති කුඩු කරල කුඩු ස්වල්පයක් අරගෙන වම්බටු ගෙඩියක මැදින් කැපුමක් කරල අර කුඩු ටික ඇතුලට දාන්න ඕන .. දාලා ඒ වම්බට්ට වඳුරන්ට පෙනෙන සේ වහලයක් හෝ ගසක් මත තියන්න ඕන
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Sunday, July 22, 2012
ෆෝල්ඩර් හංගන තවත් වැඩසටහනක්.. Folder Protect
ෆෝල්ඩර් ආරක්ෂා කරන්න හැමෝම වගේ මෙච්චර කල් භාවිතා කළේ Folder Lock කියන වැඩසටහන් මම අද කියන්න හදන වැඩසටහන ඒ වගේම එකක් මේකට කියන්නෙ Folder Protect කියලා වැඩි කථා ඕන නෑ මේ වැඩසටහන අරගෙන පාවිච්චි කරලම බලන්නකෝ....(Key Gen+Patch)
Extract Password is- manussakama
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම
රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්...කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ කුරුම්බ ගෙඩිය රිලවු යන-එන පැත්තක උන්ට පේන්න තියන්න ඕන ....
රිලව ඇවිල්ල ඒ කුරුම්බ ගෙඩිය ඇතුලට අත දාලා මද (ලොඳ) අතට අහුවෙන තරම් අරගෙන ගුලි කර ගන්නවා ඒත් ඌට අත එළියට ගන්න බෑ මොකද ඒ සිදුර මදි අත ගුලි කරගෙන නිසා... ඌ කුරුහ්බ ගෙඩියත් අතේ අරගෙන හිමින් හිමින් යනකොට අපිට ඌව අල්ලගන්න පුළුවන්.. අපි ළඟට ගියත් ඌ නෙවෙයි අර කුරුම්බ මද ටික අතහරින්නෙ ...
ඔන්න ඔහොම රිලව අල්ල ගන්නව අල්ලගෙන ඌ රිලවු එන පැත්තක උන්නට පෙන්න ළනුවකින් බඳින්න ඕන (හැබැයි ඉතින් කන්න බොන්නත් දෙන්න වෙනව) ඒ වගේම වැඩේට දිග බයිසිකල් ඉස්පෝක් කම්බියකුත් ඕන නැත්නම් හීන් කම්බියක් ඕන .. කරන්න තියෙන්නෙ රිලවු රංචුව ආපු වෙලාවට අර ස්පෝක් කම්බියෙන් රිලවගෙ පස්ස පැත්තට රිදෙන්න පාරක් ගහන්න ඕන එතකොට රිලව ක්ක්රෑරැව්ව්.... ගාලා අමුවිදියකට කෑ ගහන්ව ඒ කෑ ගැහිල්ල ඇහුනම රිලවු රංචුව පළාතෙවත් ඉන්නෙ නෑ....
වඳුරන්ගෙ කරදර වලින් බේරෙන හැටි මී ලඟ ලිපියෙන්....
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Friday, July 20, 2012
විනෝදයට ෆොටෝ හදන්න Funny Photo Maker ...
ෆොටෝ එකක් විනාඩියකින් ලස්සනට frame එකක් දාලා හදාගන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහනක් මේක හැබැයි ඉතින් ෆොටෝෂොප් වගේ එකක් කියලනම් හිතන්න එපා ඒ වගේ ෆොටෝ Edit කරන්න මේකෙන් බැහැ මේක හරිම ප්‍රාථමික මට්ටමේ විනෝදය පිණිස ෆොටෝ Edit කරන්න හදපු වැඩසටහනක් විතරයි දාගෙන බලන්න වැඩ ගොඩක් තියෙනව... පහළින් දාලා තියෙන්නෙ මෙකෙන් හදපු පින්තූර ටිකක්...
ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Sunday, July 15, 2012
රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද?
රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය.

(HTV-2 යානය)
(රාවණාගේ රුක්ම විමාණය නැමැති ගුවන් යානාව)
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Saturday, July 14, 2012
තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න....
කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා වතුර වල තියෙන පෝෂණ ගුණ තමයි මේ පහලින් දක්වලා තියෙන්නෙ

ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
ඔබේ Blog Post වලට Facebook Comments Box එකක්....
ඔබේ Blog එකට Facebook Comments Box එකක් පහසුවෙන්ම දාගන්න පුළුවන් මම අද කියන්නෙ එහෙම Facebook Comments Box එකක් දාගන්න පුළුවන් එක් ක්‍රමක් ගැන ඒ සඳහා පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න..(Blogger සඳහා)
01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය-
අ) මෙතන ක්ලික් කරන්න පසුව
ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps Name සහ Name Space පුරවන්න
01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය-
ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps Name සහ Name Space පුරවන්න


ප්‍රභේදය-
තොරතුරු තාක්ෂණ
Saturday, June 16, 2012
Saturday, May 26, 2012
වඳුරු මල්...
පහත තිබෙන්නෙ දෙමුහුන් ඕකිඩ් වර්ග දෙකකි එක් වර්ගයක් වදුරකුගේ මුහුණට තරමක් සමාන කමක් දක්වන අතර අනෙක් මලේ වඳුරකුගේ ශරීරයට සමාන කමක් දක්වවයි...
ප්‍රභේදය-
දුර්ලභ
Thursday, May 24, 2012
"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු
මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව
"ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ"
'උඹට ඒකෙන් වැඩක් නෑ යමන් කෝ"
ප්‍රභේදය-
විනෝදාත්මක
Saturday, May 19, 2012
පිළිකාවට අත වනන හට්ටි මුට්ටි....
අද බෙහෝ දෙනා ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ඇලුමිනියම් (Aluminium) එමෙන්ම පහසුව සඳහා ආහාර නොඇලෙන බඳුන් (Teflon Pans or Nonstick Pans) භාවිතයත් ඉහල ගිහින් ඒත් මේ බඳුන් අපට මොනතරම් අහිතකර ද යන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මේ බඳුන් භාවිතයෙන් පිළිකා හැදෙනව කිව්වොත් සමහරු හිතනව අපේ පරම්පරාවෙ කාටවත් පිළීකා නෑ ඒ නිසා අපට පිළීකා හැදෙන්නෙ නෑ කියල ඒත් ඒක වැරදි මතයක් ඕනෑම කෙනෙක්ට ඕනෑම මොහොතක පිළිකාවක් හට ගන්න පුළුවන් සිගරට් වලින් පිළිකා හැදෙනව කියල හැමෝම දන්නව ඒත් ඇලුමිනියම් බඳුන් පිළිකා කාරකයක් කියල අඩුම තරමෙ ජනමාධ්‍යයකින් වත් හෙළි කරන්නනෙ නෑ හේතුව තමයි සිගරට් කියන්නෙ කෙටි කාලීන පිළිකා කාරකයක් ඒත් ඇලුමිනියම් බඳුන් කියන්නෙ දිගු කාලීන පිළිකා කාරකයක් ඒ කොහොම උනත් තමන්ගෙ ජීවිතයට ආදරේ කරන වගේම අනුන්ගෙ ජීවත වලට ආදරේ කරන හැමෝම මෙම ඇලුමිනියම් බඳුන්, භාවිතයෙන් ඉවත් කළොත් තමා හොඳ ඒවෙනුවට මැටි බඳුන්යොදාගන්න එක විකල්පයක් නොවෙයි හේතුව ඒවා භාවිතය අපහසුයි ඒ වගේම රත්වීම සඳහා වැඩි කාලයක් ගන්නව ඒ නිසා වැඩි ගෑස්/දර/භූමිතෙල් පරිභෝජනයක් ඇතිවෙනව ඒ නිසා කළ යුත්තේ මල නොබැඳෙන වානේ ( Stainless Steel) බඳුන් යොදාගන්න එක.ඒක තමයි හොඳම විකල්ප අවස්ථාව.
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Thursday, May 17, 2012
වැරදුණු මැජික්...(සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න)
මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.
ප්‍රභේදය-
දුර්ලභ
,
වර්ගීකරණය නොකරන ලද
ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි
දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ-
සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න
සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත
- බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2
- පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4
- පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ
සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න

සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Wednesday, May 16, 2012
කොලෙස්ටරොල් වලට ලේසිම බෙහෙත.....
පිෂ්ටඨාතුව එහෙමත් නැත්නම් කොලෙස්ටරොල් කියන එක දැන් දැන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් ලෙඩ රෝග කියන ඒව කොයි වෙලාවෙ හැදෙයිද කියල කියන්න බෑ අපි මේ හැම දේටම සූදානම් වෙන එක කෝකටත් හොඳයි ඇත්තටම මේක කොලෙස්ටරොල් පාලනයට,රුධිරයේ සීනි වැඩිවීම හෝ දියවැඩියා වට,ආමවාතය,ශ්වේත රක්තය හෙවත් ලියුකෙමියාවට මෙන්ම රුධිරය කැටි ගැසීම ආශ්රිත රෝගාබාධ වලට හා මතක ශක්තිය වර්ධනය කරවීමටත් ඉතා සුදුසු බෙහෙතක්...
කුරුඳු කුඩු තේහැදි භාගයක් පමණ පිරිසිදු මී පැණි මේස හැන්දකට දියකර උදෑසන ආහාර වේලට ප්‍රථමව පානය කිරීම තමයි කරන්න තියෙන්නෙ මේ විදියට මාස කිහිපයක් හරි කරන්න පුළුවන් නම් ඉහත කී ආබාධ වලින් ආරක්ෂාවීමට පුළුවන්....

මූලාශ්‍ර- අන්තර්ජාලයේ පිළිගත් වෛද්‍ය ලිපි ලේඛණවලින්...
ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි)
අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී පිරිසිදු ඇල්වතුර පිරවූ වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් බඩටම බීගෙන බීගෙන යන්න..(ඒ උළුහාල් ටික අපරාදෙ වෙන්නෙ නෑ කෑම උයන කොට ඒවට දාන්න පුළුවන්) හැමදාම මේක මේවිදියට කළොත් ලෙඩරෝග රාශියකට මේක පිළියමක් වේවී විශේෂයෙන් දියවැඩියාව පාලනය කරගැනීමට මේක කදිමයි කියල තමයි බොහෝ දෙනෙක් කියන්නෙ....


ප්‍රභේදය-
වර්ගීකරණය නොකරන ලද
Subscribe to:
Posts
(
Atom
)